ආසියානු සංවර්ධන බැංකුවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට බුහුමන්

Webp.net-resizeimage




 

ආසියානු පැසිෆික් කලාපයේ වෙළෙඳ කටයුතු සඳහා සහාය වන බැංකු ඇගයීමට ලක් කරන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වෙළෙඳ හා සැපයුම් දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මාන උළෙලේදී 2021 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව ඇගයීමට ලක් විය.

2020 ජූලි 1 වැනි දා සිට 2021 ජුනි 30 වැනි දා දක්වා වෙළෙඳ හා සැපයුම් දාම මූල්‍ය ක්ෂේත‍්‍රයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදු කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව වෙත මෙම සම්මානය පිරිනැමිණි. මෙම කාල පරිච්ඡේදය තුළ, ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ගනුදෙනුකරුවන් වෙනුවෙන් කුඩා හා විශාල වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට බැංකුව ADB සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.

පාරිභෝගික සබඳතා ශක්තිමත් කිරීම, සේවා ප‍්‍රමිතීන් වැඩිදියුණු කිරීම, නව්‍ය විසඳුම් ලබා දීම සිදු කරන අතරම තම වෙළෙඳ මූල්‍ය ධාරිතාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව, මූල්‍ය සෞඛ්‍ය සහ අවදානම් කළමනාකරණය ඉහළ නැංවීමට දරන අඛණ්ඩ උත්සාහයන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව මෙලෙස ඇගයීමට ලක් විය. මෙම කාලපරිච්ෙඡ්දයේ ඇති වූ බොහෝ බාධා මධ්‍යයේ වුවද, 2020-2021 කාලය තුළ බැංකුව විශිෂ්ට කාර්ය සාධනයක් වාර්තා කළේය.
බැංකුවේ වෙළෙඳ මූල්‍ය මුලපිරීම් සිය ගනුදෙනුකරුවන්ට සහ ඔවුන්ගේ ප‍්‍රතිලාභීන්ට ප‍්‍රතිලාභ ලබා දීමෙන් නොනැවතී අනපේක්ෂිත ව්‍යසන හමුවේදී පවා ණයවර ලිපි (LC) ඉදිරිපත් කිරීමෙන් කොමර්ෂල් බැංකුව රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් බව බැංකුව පවසයි.

ගෝලීය වශයෙන් බැංකු 27ක් කාණ්ඩ 21ක් යටතේ ඇගැයීමට ලක් වූ, TSCFP සම්මාන උළෙල සඳහා හවුල්කාර බැංකු 200කට වැඩි ගණනක නියෝජිතයෝ සහභාගි වූහ.

කොමර්ෂල් බැංකුව 2021 පෙබරවාරි මාසයේදී ADB සමඟ ‘නිකුත් කිරීමේ බැංකු’ ගිවිසුමකට එළැඹුණු අතර එමඟින් බැංකුවට ණය මාර්ග වැඩි කිරීමට, සම්බන්ධිත විදෙස් බැංකු සමඟ සබඳතා පුළුල් කිරීමට, මුදල් ඇපකර අවශ්‍යතා අඩු කිරීමට, නව ගනුදෙනුකරුවන් නඩත්තු කිරීමට සහ ආකර්ෂණය කර ගැනීමේ හැකියාව වැඩි කිරීමට සහ අර්බුදකාරී කාලය තුළ ණයවර ලිපි නිකුත් කරන බැංකුවක් ලෙස තීරණාත්මක සහායක් ලබා දීමට බැංකුවට බලය ලැබිණි.

වාණිජ මූල්‍ය අංශය සඳහා බැංකුවේ ප‍්‍රවේශය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී එස්. රෙන්ගනාදන් මහතා මෙසේ පැවසීය: ‘බැංකුවලට මූල්‍ය වෙළෙඳපොලේ මූලික වෙනසක් සිදුවෙමින් පවතිනවා. වෙළෙඳාමේ ස්වභාවය වෙනස් වන විට ෆින්ටෙක් සහ ඩිජිටල් බැංකු ගෝලීය වෙළෙඳපොල කොටස දෙස දෑස් යොමු කරගෙන ඉන්නවා. කෙසේ වෙතත්, සාම්ප‍්‍රදායික බැංකුවලට තිරසාර පැවැත්ම වෙනුවෙන් ඔවුන්ගේ අතරමැදි භූමිකාව නැවත සොයා ගැනීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. වසංගතය අපගේ ව්‍යාපාරික පරිසරයේ බොහෝ අංග ප‍්‍රතිනිර්මාණය කර තිබෙන අතර, ලාභදායීව සිටීම වෙනුවෙන් නව අවස්ථා ප‍්‍රයෝජනයට ගනිමින් වෙනස් වීමට අපට බල කරනවා. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ වෙළෙඳ බැංකුවක් ලෙස, වෙළෙඳ පරිවර්තනය, ඩිජිටල්කරණය, ඵලදායී ප‍්‍රාග්ධන කළමනාකරණය, නව පරම්පරාවේ තාක්ෂණයන්ට අනුකූලතාව සහ දත්ත විශ්ලේෂණ පිළිබඳ පැහැදිලි උපාය මාර්ගයක් සමඟින් බැංකුවලට ගෝලීය වෙළඳාමේ ආධිපත්‍යය දැරීමට හැකි බව කොමර්ෂල් බැංකුව විශ්වාස කරනවා.’

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව