Eco-Spindles අතිනවීන ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ පොලියෙස්ටර් නූල් නිෂ්පාදන පහසුකමක් සඳහා මුල්ගල තබයි

Image (1)
  • 2022 වන විට පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය දෙගුණ කිරීමට පියවර
  • 2019/20 වසරවලදී ඉවතලන ප්ලාස්ටික් බෝතල් ටොන් 2300ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත
  • ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් රෙදි සඳහා ඇති අපනයන ඉල්ලූම ඉලක්ක කර නිෂ්පාදන සිදු කරයි

ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ සහ පොලියෙස්ටර් නූල් සහ මොනෝෆිලමන්ට් නිෂ්පාදනයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco-Spindles සමාගම හොරණ කර්මාන්තශාලාවට වර්ග අඩි 20,000ක අති නවීන නිෂ්පාදනගාරයක් එක් කරමින් සිය නිෂ්පාදන ඉහළ නැංවීමේ දෙවන අදියර වෙත පසුගියදා පිවිසෙන ලදී.

ලෝකයේම එවන් පහසුකම්වලින් යුත් කර්මාන්තශාලාවන් දෙකක් පමණක් ඇති අතර ඉන් එකක් වන මෙම වැඩි දියුණු කරන ලද කර්මාන්තශාලාව තුළින් Eco-Spindles හි පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය දෙගුණයක් බවට පත් කරනු ඇත.

2021 පෙබරවාරි 08 වන දින පැවති විශේෂ උත්සවයකදී පරිසර අමාත්‍යංශ ලෙක්ම් වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය – හොරණ අපනයන සැකසුම් කලාපයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව තිලක්කුමාර, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය – පරිසර දුෂණ පාලන හා රසායන ද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. එම්. වේරහැර, BPPL හෝල්ඩින්ග්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී ආචාර්ය අනුෂ් අමරසිංහ සහ Eco-Spindles සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මනෝජ් උඩවත්ත යන මහත්වරුන් ඇතුළුව Eco-Spindles හි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම කර්මාන්තශාලාවට මුල්ගල තැබීම සිදු විය.

BPPL හෝල්ඩින්ග්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් ‘‘රටෙහි තිරසාර පැවැත්ම වෙනුවෙන් මෙන්ම Eco-Spindles හි අඛණ්ඩ වර්ධනය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අද දින වැඩ ආරම්භ කළ කර්මාන්තශාලාව හරහා පියවර ගැනීමට හැකිවීම පිළිබදව ඉතාමත් සතුටුයි. චක‍්‍රීය ආර්ථිකයක් වෙත ගමන් කිරීමට සහ නිර්මාණය කිරීමට ඇති ක්ෂණික අවශ්‍යතාවයන් පිළිබද ලොව පුරා විශාල උනන්දුවක් පවතිනවා. අපගේ හොරණ කර්මාන්තශාලා පහසුකම පුළුල් කිරීම මෙහි තවත් සුවිශේෂී පියවරක් ලෙස ස`දහන් කළ හැකියි’’ යනුවෙන් සදහන් කළේය.

BPPL හෝල්ඩින්ග්ස්හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන Eco-Spindles අගය එකතු කළ පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) නිෂ්පාදන අපනයනය කරනු ලබන ශ‍්‍රී ලංකාවේ එකම අපනයනකරු වන අතර ඉවතලන ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණය හරහා ශ‍්‍රී ලංකාවේ පරිසර දුෂණය අවම කිරීමේ සුවිසල් මෙහෙයුමක් Eco-Spindles විසින් සිදු කරමින් සිටී. පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් ඉවතලන ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණය තුළින් අපනයනය සදහා ගුණාත්මක නිෂ්පාදන සිදු කරන එම සමාගම ඒ තුළින් ලොව පුරා සැලකිය යුතු වෙළෙදපොල කොටසක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

ආචාර්ය අමසිංහ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ‘‘ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් බෝතල්වලින් ඍජුවම පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කළ හැකි ලෝකයේ අනෙක් එකම ආයතනය වන අප ඒ ආකාරයේ නිෂ්පාදනයන්හි ඉහළ යමින් පවතින ඉල්ලූම සපුරාලීමට පුර්ණ වශයෙන් හැකියාව ඇති සමාගමක් ලෙස සදහන් කළ හැකියි. මේ තුළින් ජාතික ආර්ථිකය සදහා අත්‍යවශ්‍ය වන විදේශ විනිමය උත්පාදනය කිරීමට අපට හැකි වනවා වගේම පරිසරයට වන හානිය ද අවම කර ගැනීමට හැකි වෙනවා. අද සිටින ශ‍්‍රී ලාංකිකයන්ට මෙන්ම අනාගත පරම්පරාවන් වෙත තිරසාර අනාගතයක් උදාකර දීමේ ප‍්‍රධාන සාධකයක් ලෙස ද මෙය හ`දුන්වා දිය හැකියි’’ යනුවෙන් පැවසීය.

ප‍්‍රමුඛපෙළේ ජාත්‍යන්තර ඇ`දුම් වෙළෙදනාමයන් සෑම වසරකම දේශීය නිෂ්පාදකයින් හරහා ඔවුන්ගේ නිෂ්පාදන නිපද වීම සඳහා නූල් විශාල ප‍්‍රමාණයක් භාවිතා කිරීමත් සමඟින් ගෝලීය වශයෙන් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි නූල් සදහා ඇති ඉල්ලූම ද ඉහළ ගොස් තිබේ. තිරසාරත්වය සෑම රටකටම අතිශයින් වැදගත් කරුණක් බවට පත්වෙමින් ඇති බැවින් මෙම ඉල්ලූම තව දුරටත් ඉහළ යනු නිසැකය. ඒ ස`දහා වසරකට ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් ටොන් 700ක ප‍්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව Eco-Spindles සතුය. එහි පුළුල් කරනු ලබන නිෂ්පාදන පහසුකම සම්පූර්ණ කිරීමත් සමග මෙම ධාරිතාව වාර්ෂිකව තවත් ටොන් 900ක ප‍්‍රමාණයකින් වැඩි කිරීමට ඔවුන් අපේක්ෂා කරනු ලබයි. එහිදී වර්තමානයේ ඔවුන්ගේ නිෂ්පාදනයන් මෙන් දෙගුණයක ප‍්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇත.

 




 

වර්තමානයේදී ඉල්ලූම් කරන ප‍්‍රමාණයේ ආසන්න ප‍්‍රමාණයක්වත් සැපයීම සිදු නොවන බව පැහැදිලිව දක්නට හැකි අතර මෙම ව්‍යාපෘතිය ස`දහා වන පාරිසරික උපායමාර්ගයන් සියලූ පාර්ශවයන් වෙත ඍජු හා වක‍්‍ර අවස්ථාවන් ඉහළ නංවනු ඇති බවද ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා ස`දහන් කරන ලදී. ඒ වෙනුවෙන් දේශීය ප‍්‍රතිචක‍්‍රීයකරණ අංශය තුළින් වෙනසක් සිදු කිරීමට කැමති ආයෝජකයින් ස`දහා ඇති හැකියාව පිළිබ`ද ම`ග පෙන්විය යුතු බවත් ඒ මහතා මෙහිදී ස`දහන් කර සිටියේය.

PET ප්ලාස්ටික් යනු දැනට ලෝකයේ බහුලව ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් වර්ගය වන අතර එය ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ගෝලීය ප්ලාස්ටික් වෙළෙ`දපොලෙන් 57%කි. පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානයට (2017) අනුව ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් (PET) වෙළෙ`දපොළ 2025 වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 66.9ක වර්ධනයක් අත්පත් කර ගනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි.

Eco-Spindles සමාගම ඉවත දමන PET බෝතල් එකතු කිරීමට මෙන්ම අගය එකතු කළ නිෂ්පාදන සිදු කිරීම ස`දහා සුවිසල් කාර්ය භාරයක් සිදු කරනු ලබයි. 2019/20 වසර තුළදී ඒ තුළින් PET බෝතල් මිලියන 81කට වැඩි, කිලෝ ග‍්‍රෑම් මිලියන 2.3ක පමණ ප්ලාස්ටික් ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත.

සමාගම සතුව ඔවුන්ට අවශ්‍ය PET බෝතල් එකතු කිරීම ස`දහා 400 ක පමණ එකතුකරන්නන්ගෙන් සමන්විත විශාල ජාලයක් පවතින අතර සම්පීඩනය කිරීමේ සංකීර්ණ 19ක් ඇත. එසේම සමාගම විසින් ශ‍්‍රී පාදය, කතරගම වැනි අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති හරහා තිරසාරත්වය කේන්ද්‍ර කොටගත් පොදු වැඩපිළිවෙල රැසක්ද සිදු කරනු ලබන අතර වෙරළ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ ව්‍යාපෘතිය සහ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ද එමගින් ක‍්‍රියාත්මක කරනු ලබයි.

BPPL Holdings PLC පිළිබදව

BPPL හෝලිඞ්න්ග්ස් පුද්ගලික සමාගම 1984 දී ස්ථාපන කරන ලද අතර Eco-Spindles සමාගම සහ Beira Brush සමාගම යනු එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් දෙකකි. ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල්, මොනොෆිලමන්ට්ස් මෙන්ම කර්මාන්තශාලා හා ගෘහස්ත අවශ්‍යතාවන් ස`දහා වන පිරිසිදු කිරීමේ උපකරණ අපනයනය කරනු ලබන සමාගම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය,  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය යනාදී රටවල් ඇතුළුව සෑම භූගෝලීය කලාපයකම සැළකිය යුතු වෙළෙ`ද කොටසක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත. එසේම මෙම සමූහය විසින් ‘Tip Top’ නාමය යටතේ දේශීයව අලෙවි කරනු ලබන ගෘහස්ථ පිරිසිදු කිරීමේ බ‍්‍රෂ් වර්ග ද නිෂ්පාදනය කරනු ලබයි.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව