ඔබේ ප්‍රියතම The Body Shop නිෂ්පාදන සියල්ල නැවතත් වෙළඳපොළේ

TBS 9 (LBN)

 



 

 

ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය The Body Shop නිෂ්පාදන සියල්ල දැන් නැවතත් වෙළඳපොළට පැමිණ තිබේ. සම, හිසකෙස් සහ සිරුර සඳහා සුදුසු සුවිශේෂී රූපලාවණ්‍ය නිෂ්පාදන රාශියක් The Body Shop නාමය යටතේ වෙළඳපොළට පැමිණේ.

The Body Shop යනු බ්‍රිතාන්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයකි. එහි Tea Tree නිෂ්පාදන එකතුව මෙන්ම Vitamin C සහ Vitamin E නිෂ්පාදන මේ වනවිට ලොව පුරා බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වී ඇත. මේ අතරින් ඇතැම් නිෂ්පාදන තවදුරටත් වැඩිදියුණු කර ඇති අතර, මේ සියල්ල දැන් The Body Shop අලෙවිසැල් වෙතින් මිලදීගත හැකි වේ.

The Body Shop නිෂ්පාදන රැසක් මුල්ම වරට හඳුන්වා දෙන ලද්දේ මීට දශක තුනකටත් පෙර ය. එදා පටන්ම එම නිෂ්පාදන ලොව පුරා පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. The Body Shop චර්ම සත්කාරක නිෂ්පාදන, විශේෂයෙන්ම වියළි සම ඇතුළුව ඕනෑම සමකට දවස පුරා තෙමනය ලබාදෙමින්  සම පෝෂණය කරන අතර, ඒවා ස්නානයෙන් පසුව සම මත ආලේප කිරීම වඩාත් උචිත ය. Community Trade Shea butter සහ අනෙකුත් අමුද්‍රව්‍ය යොදා නිපදවන, 100% ක් ශාකමය නිෂ්පාදනයක් වන The Body Shop චර්ම සත්කාර එකතුවේ නැවත-සංයෝගගත කරන ලද නිෂ්පාදන දැන් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ටද මිලදීගත හැකි වේ.

Strawberry, Shea, සහ Almond Milk Body Butter නිෂ්පාදන වියළි සමකට අතිශයින් සුදුසු ය. මේවා පැය 96 ක් දක්වා සමට තෙතමනය දෙමින්, සම රැකගනිමින් එය සුවපත් කරයි.

මොරොක්කෝවේ සාම්ප්‍රදායික ආභාෂය ලැබූ Argan Oil Body Butter මෙන්ම Moringa Body Butter නිෂ්පාදනද සමට සුවිශේෂී සුවයක් හා සහනයක් ගෙනෙන නිෂ්පාදන දෙකකි.

සාමාන්‍ය වියළි සමක් ඇති අයෙකුට, ප්‍රසන්න හා සුවපත් අත්දැකීමක් සඳහා British Rose Body Butter හෝ Satsuma Body Butter තෝරාගත හැක. තෙතමනය සපිරි සැහැල්ලු ආලේපන වන මෙම නිෂ්පාදන, සුමුදු සමක සුවය ළඟාකර දෙයි.

Mango Body Butter සහ Avocado Body Butter යනු පැය 36 ක් දක්වා සමට තෙතමනය දෙන තවත් සුවිශේෂී නිපැයුම් දෙකකි. ස්වාභාවික දීප්තියක් සමට ලබාදීමේ හැකියාව සහිත මෙම නිෂ්පාදන, ඕනෑම ආකාරයක වියළි සමකට සුදුසු ය.

එමෙන්ම දිවයිනේ ඕනෑම The Body Shop අලෙවිසැලක් වෙත පැමිණෙන පාරිභෝගිකයෙකුට, තමන්ට වඩාත් සුදුසු නිෂ්පාදන මොනවාද යන්න තීරණය කිරීම පහසු කිරීම සඳහා, නොමිලේ උපදෙස් සහ නිෂ්පාදන පිළිබඳ තොරතුරු ලබාදීමට ඒවායෙහි කාර්ය මණ්ඩල සූදානමින් සිටී.

බගතලේ පාරෙහි පිහිටි The Body Shop ප්‍රධාන අලෙවිසැලෙන් මෙන්ම, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ Odel ප්‍රදර්ශනාගාරය, Kandy City Centre සහ Colombo City Centre යන ස්ථාන වල පිහිටි The Body Shop අලෙවිසැල් වෙතින් The Body Shop නිෂ්පාදන මිලදීගත හැකි වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව