Christell Luxury Wellness වෙතින් “CHRISTELL” සන්නාමය යටතේ නවතම රූපලාවණ්‍ය නිෂ්පාදන එකතුවක්

Christell (1) (LBN)

 



 

 

Christell Luxury Wellness ප්‍රථම වරට තම “CHRISTELL” සන්නාමය යටතේ සම, හිසකෙස් සහ සිරුර සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන එකතුවක් හඳුන්වා දී තිබේ. Christell Luxury Wellness යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය සේවා මධ්‍යස්ථානයකි. මෙම නව නිෂ්පාදන හඳුන්වා දීමේ උත්සවය 2022 ඔක්තෝබර් 29 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, එහිදී ආරාධිතයන්ට මෙම සුවිශේෂී නිෂ්පාදන එකතුව දැකබලා ගැනීමටත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමටත් අවස්ථාව ලැබිණි.

ශ්‍රී ලංකාවට ආවේණික ඖෂධීය ශාක වල ගුණය සමග නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ මහිමය එක්තැන් කරමින්, අතිසාර්ථක ප්‍රතිඵල ලබාදෙන ආකාරයට “CHRISTELL” නිෂ්පාදන නිපදවා තිබේ. සමට හෝ පොදුවේ සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය වලින් තොර මෙම නිෂ්පාදන සඳහා භාවිතා වනුයේ ගුණාත්මක භාවයෙන් ඉහළ ශාකමය අමුද්‍රව්‍ය වන අතර,  ශාකවල හොඳම කොටස් පමණක් ලබාගෙන, සාම්ප්‍රදායික දැනුමින් ආභාසය ලැබූ නව ක්‍රමවේදයන් අනුව ඒවා නිපදවනු ලබයි. මේවා මුළුමනින්ම දේශීය නිෂ්පාදන නිසා එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් ලැබෙන අතරම, එය රටේ කෘෂිකාර්මික ප්‍රජාවටද මහඟු අත්වැලක් වනු ඇත.

චර්ම සත්කාරක (Skin care) යනු හුදෙක් සම හොඳින් පවත්වා ගැනීම පමණක් ඉලක්ක කරගත් නිෂ්පාදන නොවේ. නිසි ගුණාත්මක බවකින් යුක්ත නම්, පොදුවේ කෙනෙකුගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ හැකියාව එම නිෂ්පාදන සතු ය.

“අනාරක්ෂිත රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කිරීම නිසා බරපතළ අතුරු ආබාධ වලට ලක් වූ සේවාදායකයන් අපට හමු වී තිබෙනවා. මෙම සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පැවතීම කණගාටුවට කරුණක්.” Christell Skin Clinic හි වෛද්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශානිකා අර්සකුලරත්න මහත්මිය පැවසුවා ය.

“වසර ගණනාවක් තිස්සේ අපගේ සේවාදායකයන් තම රූපලාවණ්‍ය අවශ්‍යතා සඳහා අප නිර්දේශ කරන ආකාරයේ නිෂ්පාදන ඉල්ලා සිටියා. Christell Skin Clinic යනු ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක්. අප වසර 10 ක් තිස්සේ සම, හිසකෙස් සහ ශරීරය සඳහා අතිනවීන, ‘non-invasive’ වර්ගයේ ප්‍රතිකර්ම ලබාදෙනවා. අප සතු දැනුම සහ පළපුරුද්ද භාවිතා කරමින් අපගේම නිෂ්පාදන එකතුවක් හඳුන්වා දීමට අප තීරණය කළා. මෙය අප ලබාදෙන ජාත්‍යන්තර මට්ටමේ සේවාවේ තවත් සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Christell Skin Clinic හි අධ්‍යක්ෂිකා මහාචාර්ය රමණි අර්සකුලරත්න මහත්මිය පැවසුවා ය.

දිවයින පුරා පිහිටි  Christell Skin Clinic ශාඛා සහ එහි වෙබ් අඩවිය ඔස්සේ ‘CHRISTELL’ නිෂ්පාදන මිලදීගත හැකි වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව