Dynamic QR ගෙවීම් සමඟ ඩිජිටල් ගෙවීම් නගා සිටුවීම සඳහා HNB, කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලය සමඟ එක්වෙයි

Image 01

 




 

 

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන HNB පසුගියදා මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Keells සමඟ අත්වැල් බැඳගන්නා ලදී. ඒ පළමු පෙළ වෙළෙඳුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක මුදල් රහිත ගෙවීම් දිරි ගැන්වීමට සහාය දක්වන වෙළෙඳුන්ගේ PoS (Point of Sales) සඳහා Dynamic QR ගෙවීම් පහසුකම් සැලසීම වෙනුවෙනි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR වැඩසටහනෙහි පියවරක් ලෙස මෙය ක‍්‍රියාත්මක විය.

මෙම සුවිශේෂී හවුල්කාරීත්වය තුළින් අත්කර දෙනු ලබන තාක්ෂණික දියුණුව මෙරට QR කේත පදනම් කරගත් සියලූ ගනුදෙනු ඉහළ තත්වයකට ගෙන ඒමට මෙන්ම අන්තර් ක‍්‍රියාකාරී බව සහතික කිරීමේ මහ බැංකුවේ ජාතික ඉලක්කයට සහාය දක්වන අතරම එය වේගවත් හා වඩා ආරක්ෂිත, අඩු වියදම් ඩිජිටල් ගෙවීම් සඳහා වෙළෙඳුන්ට අවශ්‍ය පහසුකම් සපයනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා ‘’වසංගත ආරම්භයේ සිටම බොහෝ ගනුදෙනුකරුවන් හා වෙළෙන්දන් සම්බන්ධතා හා මුදල් රහිත ගෙවීම් ක‍්‍රමයන් වෙත ඉතා ඉක්මනින් පරිවර්තනය වුණා. සමාජීය වශයෙන් දුරස්ථව සිටිමින් අඛණ්ඩව ගනුදෙනුකිරීමේ අවශ්‍යතාව මත ආරම්භයේදී මෙම පරිවර්තනය සිදු වුවත් SOLO වැනි ගෙවීම් ක‍්‍රමයන්හි පහසුව හා විශ්වසනීයත්වය නිසාම වැඩි වෙළෙඳුන් ප‍්‍රමාණයකගේ සහභාගීත්වයෙන් හා ඔවුනොවුන්ගේ දැනුවත් වීම් තුළින් ඒ සඳහා නව පරිශීලකයින්ගේ රැුල්ලක් ඇති වෙමින් තිබෙනවා.’’ යනුවෙන් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ අලස් මහතා සඳහන් කර සිටියේ ‘’මෙම ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් තාක්ෂණික යටිතල පහසුකම් සහිත HNB වෙත නොසිතූ ආකාරයේ ප‍්‍රතිලාභ ලබා දුන් බව පැවසිය හැකියි. එහිදී අති නවීන ඩිජිටල් ගෙවීම් වේදිකාවන් ගනුදෙනුකරුවන් වෙත ලබා දීම තුළින් මුදල් හා සම්බන්ධතා රහිත ලෝකයක් වඩා පහසුවෙන් ලබා දීමට අපට හැකි වුණා. පාරිභෝගිකයාට වඩාත් සුරක්ෂිත, ආරක්ෂාකාරී හා පහසු ගෙවීම් පහසුකම් ලබා දීම සඳහා අපගේ මෙම ගමනෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස Dynamic QR හඳුන්වා දිය හැකියි. මෙම නව තාක්ෂණය මහ ජනතාව අතරට ගෙන යාම වෙනුවෙන් Keells සුපිරි වෙළෙඳසැල් ජාලය සමඟ එක් වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි.’’ යනුවෙනි.

එක් එක් ගනුදෙනුව සඳහා නිර්මාණය කරන ලද අද්විතීය කේතයක් ලෙස Dynamic QR කේත හඳුන්වා දිය හැකිය. ඒ තුළින් මුදල් අතින් ගෙවීමේ අවශ්‍යතාවය වළක්වාලමින් පාරිභෝගික පහසුව ඉහළ නැංවීම හා ගනුදෙනුහිදී ඇතිවන දෝෂ මග හරවනු ලබයි. LANKAQR ඇතුළත් ගෙවීම් ක‍්‍රමයන් සමඟ වන යෙදවුමක් භාවිතා කරන පාරිභෝගිකයන්ට මේ තුළින් යන්ත‍්‍රයේ තිරය මත දිස්වන Dynamic QR කේතය ස්කෑන් කිරීමෙන් වෙළෙඳසැල් මගින් ඕනෑම මිලදී ගැනීමක් සිදු කිරීමට අවස්ථාව සලසා දෙනු ලබයි.

මේ ඇති වැදගත්ම දෙය නම් මෙම හවුල්කාරීත්වය තුළින් Keells සුපිරි වෙළෙඳසැල්වල පිහිටුවා ඇති PoS  යන්ත‍්‍රයන්හි තිරය ස්කෑන් කිරීම මගින් අනෙකුත් බැංකු ගනුදෙනුකරුවන් හට මෙන්ම සියලූම ශ‍්‍රී ලාංකිකයන් හට Dynamic QR කේත සමඟ තමන්ගේ ගනුදෙනු සම්පූර්ණ කිරීමට හැකි වීමයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව