DFCC Remittance සමඟින් අලුත් අවුරුදු බක්මහ උළෙල ඉතාලියේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වයි.

Avurudu Ulela’ in Italy (1) (LBN)

DFCC බැංකුවේ ප්‍රේෂණ සේවා අංශය (DFCC Remittances) ඉතාලියේ Mondial Boney Services සමග එක් වී 2024 අප්‍රේල් 14 දින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා අති උත්කර්ෂවත් අවුරුදු උත්සවයක් පවත්වන ලදි. නාපොලි හි ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස කටයුතු කරන අවකාතෝ කාර්මිනේ කප්ස්සෝ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, ඉතාලියේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ DFCC ප්‍රේෂණ සේවාවේ ඉතාලි නියෝජිත ආයතන වල නිලධාරී පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. උත්සවයේ ගරු ආරාධිතයා ලෙස සහභාගී වූයේ DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා ය.

 




 

“නාපොලි නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සමග එක් වී මෙලෙස සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ලැබීම අපට මහත් සතුටක්. මෙය අපට ගනුදෙනුකරුවන්, ප්‍රේෂණ හවුල්කරුවන් සහ ඉතාලි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග සම්බන්ධ වීමට ලැබුණු අගනා අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකියි.” ඇන්ටන් ආරුමුගම් මහතා පැවසී ය.

එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් මෙරට සිටින සිය ආදරණීයයන් වෙත මුදල් එවීමට අවස්ථාව සලසා දීම සඳහා DFCC බැංකුව ලොව පිළිගත් ප්‍රේෂණ සේවා සම්පාදකයන් රාශියක් සමග අත්වැල් බැඳගෙන සිටී. එම නිසා සහනදායී ගාස්තු යටතේ ඉක්මනින් මෙරටට මුදල් එවීමටත්, දිවයින පුරා විසිරුණු DFCC බැංකුවේ ශාඛා ජාලය සහ ඩිජිටල් සේවාවන් භාවිතා කරමින් එම මුදල් ලබාගැනීමටත් ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබී තිබේ. එමෙන්ම එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ මෙතෙර වෙසෙන ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතාවන් අනුව විශේෂයෙන් සලසුම් කළ ණය පහසුකම් සහ වෙනත් මූල්‍ය සේවාවන් එකතුවක් හඳුන්වා දීමටද DFCC බැංකුව පියවර ගෙන ඇත.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව