වෙළඳ සේවා දැල්පන්දු ලීගයේ ‘පලිහ’ ශූරතාවයට හිමිකම් කීමට DFCC බැංකුව සමත් වේ

Image PR (LBN)

පසුගියදා නිමාවට පත් වූ වෙළඳ සේවා දැල්පන්දු ලීග් තරඟාවලියේ පලිහ (Plate) ශූරතාවය දිනා ගැනීමට DFCC බැංකුවේ කාන්තා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණය හුදෙක් ක්‍රීඩා දක්ෂතාවයක් පමණක් නොව, සේවා ස්ථානයෙන් ඔබ්බට ගිය ශක්තිමත් සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් යුතු කණ්ඩායමක් ගොඩනැගීමට බැංකුව දක්වන උනන්දුව මනාව පිළිබිඹු කරන්නකි.

මෙම තරඟාවලියේ කාන්තා සහ මිශ්‍ර යන අංශ දෙකම නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමට DFCC බැංකුව පියවර ගත් අතර, ඒ හරහා සේවකයින් අතර සහයෝගීතාවය, විනය සහ සාමූහික වගකීම වර්ධනය කිරීම සඳහා ක්‍රීඩාව ඉටු කරන සුවිශේෂී කාර්යභාරය නැවත වරක් තහවුරු විය.



කණ්ඩායම් කළමනාකාරිනී රුවනි වීරසිංහ සහ පුහුණුකරු ජී.එස්.ඩී. ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ මගපෙන්වීම යටතේ, විනුරි රණසිංහගේ නායකත්වයෙන් යුත් DFCC කාන්තා කණ්ඩායම තරඟාවලිය පුරා ඉහළ දක්ෂතාවයක් සහ මනා සංකලනයක් පෙන්නුම් කළහ. කණ්ඩායම් සාමාජිකාවන් වූ අශිවිතා විග්නේෂ්වරම්, ප්‍රතිභා නිසංසලා, කවීෂා සෙනෙවිරත්න, දුල්මිණි මල්ලවාරච්චි, නිරාශා ධනංජි, සමාධි ශ්‍රී ලක්මිණි, කවින්ද්‍යා ආරියරත්න සහ නෙත්මි ද සිල්වා මෙම ජයග්‍රහණය සඳහා සිය දායකත්වය ලබා දුන්හ.

මෙම ජයග්‍රහණය සුවිශේෂී මෙන්ම අභිමානවත් එකක් වුවද, මෙවැනි ක්‍රියාකාරකම් ඔස්සේ අපේක්ෂා කරන සැබෑ අරමුණ ඉන් ඔබ්බට ගිය අතිශය වැදගත් එකකි. DFCC බැංකුව ක්‍රීඩාව සලකනු ලබන්නේ හුදෙක් බාහිර ක්‍රියාකාරකමක් ලෙස නොව, කණ්ඩායම් හැඟීම ගොඩනැගීමේ සහ එය පවත්වාගෙන යාමේ ක්‍රියාවලියේ අඛණ්ඩ දිගුවක් ලෙසය. නිල සේවා රාමුවෙන් බැහැරව එකිනෙකා සමඟ කටයුතු කිරීමට ලැබෙන මෙම අවස්ථාවන් හරහා සේවකයින් අතර විශ්වාසය, මනා සන්නිවේදනයන් සහ සාමූහික වගකීම තවදුරටත් ශක්තිමත් වේ.

මෙම ප්‍රවේශය, සේවකයින්ට අර්ථවත් ලෙස එකිනෙකා සමඟ සම්බන්ධ වීමටත්, එකිනෙකාට සහයෝගය දැක්වීමටත් හැකි වටපිටාවක් නිර්මාණය කිරීමේ බැංකුවේ දැක්මට මනාව ගැලපේ. මෙමගින් ගොඩනැගෙන ශක්තිමත් සබඳතා ඔවුන්ගේ එදිනෙදා රාජකාරි කටයුතු වඩාත් සාර්ථකව ඉටු කිරීමට ද මහඟු පිටුවහලක් වේ.

වෙළඳ සේවා දැල්පන්දු ලීගය වැනි වේදිකාවන් සඳහා අඛණ්ඩව සහභාගී වීමෙන්, DFCC බැංකුව තහවුරු කරන්නේ ශක්තිමත් ආයතනයක් ගොඩනැගෙන්නේ හුදෙක් වෘත්තීය දක්ෂතාවයෙන් පමණක් නොව, ඒ පිටුපස ඇති උසස් කණ්ඩායම් හැඟීම සහ සබඳතාවල ගුණාත්මකභාවය මත බවයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව