මූල්‍ය ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම Basel III GSS+ බැඳුම්කරය ලැයිස්තුගත කරමින් DFCC බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ සීනුව නාද කරයි

DFCC Bank Rings Bell at CSE to Mark the Launch of Sri Lanka’s First Basel III Compliant GSS+ Bond (LBN)

ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම Basel III ප්‍රමිතීන්ට අනුකූල GSS+ (Green, Social, Sustainability and Sustainability-Linked Loan) බැඳුම්කරය සාර්ථකව වෙළෙඳපොළට නිකුත් කිරීම සහ ලැයිස්තුගත කිරීම නිමිත්තෙන් කොළඹ කොටස් හුවමාරුවේ වෙළෙඳපොළ ආරම්භක සීනුව නාද කිරීමට DFCC බැංකුවට පසුගියදා ආරාධනා කෙරිණි. මෙම බැඳුම්කරය නිකුත් කළ මුල් දිනයේදීම නියමිත ප්‍රමාණය ඉක්මවා ආයෝජන ඉල්ලුම් ලැබීම විශේෂත්වයක් වූ අතර, එමගින් මෙම මූල්‍ය මෙවලමෙහි ව්‍යුහය, පාලන ප්‍රමිතීන් සහ එහි පවතින දිගුකාලීන වැදගත්කම කෙරෙහි ආයෝජකයින් තුළ පවතින ප්‍රබල විශ්වාසය මැනවින් පිළිඹිබු විය.




උත්සවය සඳහා DFCC බැංකුවේ සභාපති ජේ. දුරෙයිරත්නම්, ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයත්, කොළඹ කොටස් හුවමාරුව, KPMG ආයතනය, Nithya Partners, Capital Alliance Partners සහ NDB Investment Bank යන ආයතනවල නියෝජිතයෝ ද සහභාගී වූහ.

මෙම GSS+ බැඳුම්කරය හරහා පාරිසරික සහ සමාජීය අභිමතාර්ථයන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන අතරම, බැංකුවේ නියාමන ප්‍රාග්ධන පදනම ද ශක්තිමත් කෙරේ. එමගින් මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව සහ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවන් අතර මනා සමතුලිතතාවයක් නිර්මාණය වේ.

මෙහිදී අදහස් දැක්වූ DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සඳහන් කළේ, මෙම සීනුව නාද කිරීම හුදු සම්ප්‍රදායක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ මෙම බැඳුම්කර නිකුතුව සතු පුළුල් වැදගත්කම පෙන්නුම් කරන්නක් බවයි. පාරිසරික තිරසාරත්වය, සමාජීය අන්තර්ග්‍රහණය සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව වෙනුවෙන් දිගුකාලීන අරමුදල් රැස් කිරීමටත්, බැංකුවේ ප්‍රාග්ධන ස්ථාවරත්වය තහවුරු කිරීමටත් මෙමගින් අවස්ථාව සැලසෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසා සිටියේ, 2024 වසරේදී හඳුන්වා දුන් GSS+ මූල්‍ය මෙවලම් රාමුව ඵලදායී ලෙස භාවිත කරමින් DFCC බැංකුව තිරසාර මූල්‍යකරණය වෙනුවෙන් දක්වන කැපවීම අගය කරන බවයි.

මෙම GSS+ ව්‍යුහය ප්‍රධාන අංශ හතරක් යටතේ ක්‍රියාත්මක වේ:

  • හරිත මූල්‍යකරණය: පුනර්ජනනීය බලශක්තිය සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘති සඳහා.
  • සමාජීය මූල්‍යකරණය: නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව අංශ සඳහා.
  • තිරසාර මූල්‍යකරණය: පාරිසරික හා සමාජීය ප්‍රතිලාභ ඒකාබද්ධව ලබාදෙන ව්‍යාපෘති සඳහා.
  • තිරසාරත්වය හා බැඳුණු ණය මූල්‍යකරණය: වගවීම තහවුරු කිරීම සඳහා පූර්ව නිශ්චිත ඉලක්ක මත පදනම් වූ අරමුදල් සැපයීම.

තිරසාර මූල්‍යකරණයේ නවෝත්පාදන රැසක් හඳුන්වා දී ඇති DFCC බැංකුව, මීට පෙර 2024 වසරේදී මෙරට ප්‍රථම හරිත බැඳුම්කරය සහ පසුව සමුද්‍රීය හා ජලය ආශ්‍රිත ව්‍යාපෘති සඳහා වන මෙරට ප්‍රථම නීල බැඳුම්කරය ද හඳුන්වා දීමට කටයුතු කළේය. මෙම නවතම Basel III ප්‍රමිතීන්ට අනුකූල GSS+ බැඳුම්කරය හරහා දේශීය ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල මූල්‍ය මෙවලම් භාවිත කිරීමේ හැකියාව තවදුරටත් පුළුල් වී ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව