
මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව Baby Cheramy සන්නාමය කෙරෙහි තබා ඇති අපරිමිත ආදරය සහ විශ්වාසය යළිත් වරක් තහවුරු කරමින්, පසුගිය දා පැවැත්වූ SLIM KANTAR People’s Awards 2026 හි දී ‘වසරේ ජනතා මනාපයෙන් තෝරා ගත් ළදරු සත්කාරක සන්නාමය’ (People’s Baby Care Brand of the Year) ලෙස Baby Cheramy තේරී පත් විය. මෙම විශිෂ්ට ජයග්‍රහණය මගින් පාරිභෝගිකයන් සමඟ පවතින ශක්තිමත් චිත්තවේගීය බැඳීම මෙන්ම, මෙරට ළදරු සත්කාරක ක්ෂේත්‍රයේ වඩාත් විශ්වසනීයම සන්නාමය ලෙස Baby Cheramy සතු ප්‍රමුඛස්ථානය යළිත් විදහා දක්වයි. වසර 64කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන Baby Cheramy, පරම්පරා ගණනාවක් මුළුල්ලේ දරුවන් රැකබලා ගැනීම සඳහා දෙමව්පියන්ට සහයක් වෙමින් ශ්‍රී ලාංකික දරුවන්ට වඩාත් ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වී සිටියි.
Hemas Consumer Brands හි කළමනාකාර අධ්‍යක්ෂිකා සබ්‍රිනා එසුෆලි මහත්මිය මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “ප්‍රමුඛ පෙළේ ඇගයීමක් වන SLIM KANTAR People’s Awards 2026 හිදී වසරේ ජනප්‍රියම ළදරු සත්කාරක සන්නාමය ලෙස තේරී පත්වීමට ලැබීම අපට මහත් ගෞරවයක්. මෙම ඇගයීම හුදෙක් ජනතා මනාපයෙන් තීරණය වූවක් බැවින් එය අපට ඉතා ඉහළ වටිනාකමක් එක් කරනවා. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් තුළ ගොඩනැගුණු ගැඹුරු විශ්වාසය, පරම්පරාගත බැඳීම සහ අප සතු ප්‍රවීණතාවය මෙයින් මනාව පිළිබිඹු වෙනවා. Baby Cheramy සතු දිගුකාලීන ආරක්ෂාව සහ මෘදු සත්කාරය අගය කරමින් අප කෙරෙහි විශ්වාසය තැබූ මුළු මහත් ජාතියටම අපගේ ස්තූතිය පිරිනැමීමට කැමතියි. ඒ වගේම මෙම ගෞරවය, ආදරය සහ විශ්වාසය පෙරදැරිව Baby Cheramy තෝරාගත් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම හිමි විය යුත්තක්.”
Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා සිය අදහස් දක්වමින්, පාරිභෝගිකයන්ගේ ජීවන ගමනේ කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර, සන්නාමයේ සාර්ථකත්වය වෙනුවෙන් කැප වූ සේවක මණ්ඩලය සහ පාර්ශවකරුවන් ද ඇගයීමට ලක් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “මෙම සුවිශේෂී ඇගයීම අපට තවදුරටත් වර්ධනය වීමට, නවෝත්පාදන සිදු කිරීමට සහ අඛණ්ඩව දියුණු වීමට ලැබුණු ප්‍රබල දිරිගැන්වීමක්. එමගින් ළදරු සත්කාරය, ආරක්ෂාව සහ ගුණාත්මකභාවය පිළිබඳ නව ප්‍රමිතීන් බිහි කිරීමට අප තවදුරටත් උත්සාහ කරනවා. මෙම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ළදරු සත්කාරක නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලාංකික මව්වරුන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සහ අපේක්ෂාවන් හඳුනා ගනිමින් Baby Cheramy සිය නිෂ්පාදන පෙළ මෑතක දී නව මුහුණුවරකින් ඉදිරිපත් කළ අතර ඒ හරහා උසස් ළදරු සත්කාරක විසඳුම් ලබා දෙමින් ආරක්ෂිත ප්‍රමිතීන් ඉහළ නැංවීමට අප නිරන්තරයෙන් වෙහෙසෙනවා,” යනුවෙන් පැවසීය.


