DFCC බැංකුවේ “DFCC ආලෝකා” කාන්තා මූල්‍ය සේවාව සහ Uber Sri Lanka කාන්තා ප්‍රජාවට මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා අත්වැල් බැඳගනී

Image 2 DFCC X Uber (LBN)

DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ බැංකු සේවාව සහ Uber Sri Lanka එක් වී ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2025 ලෝක කාන්තා දිනයේ තේමාව වන ‘Accelerating Action’ යන්නට සමගාමීව දියත් කර ඇති මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ කාන්තාවන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙමින්, ඔවුන්ට රටේ දියුණුවට දායක වීමට අවස්ථාව උදා කර දීමය.

 



 
මේ යටතේ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරවල දියුණුව උදෙසා සාම්ප්‍රදායික බැංකුකරණයේ සීමාවන්ගෙන් ඔබ්බට ගිය දීර්ඝකාලීන අත්වැලක් ලබාදීමට මෙමඟින් සැලසුම් කර ඇත. ඒ අනුව Uber සේවාවන් සමග සම්බන්ධ වී සිටින රියදුරුවරියන්, කුරියර් සේවා සපයන කාන්තාවන් සහ අලෙවිසැල් හිමිකාරිනියන් වැනි කාන්තාවන්ට වඩාත් පහසුවෙන් ප්‍රාග්ධන පහසුකම් සහ මූල්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව හිමි වේ. මෙමගින් ඔවුන්ට තම ව්‍යාපාර දියුණු කරගනිමින් ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීමට හැකි වනු ඇත.

DFCC බැංකුවේ උප සභාපතිනී, Pinnacle සහ ආලෝකා අංශ ප්‍රධානී ශේරා හසන් මහත්මිය පැවසුවේ මෙරට ව්‍යවසායිකාවන් බොහෝ අවස්ථාවලදී මූල්‍ය පහසුකම් සපයා ගැනීම සම්බන්ධ ගැටලුවලට මුහුණ දෙන බවයි. මේ හේතුවෙන් ඔවුන්ට තම ව්‍යාපාර වැඩිදියුණු කරගැනීම බෙහෙවින් දුෂ්කර වී ඇත. මෙයට පිළියමක් වශයෙන් Uber Sri Lanka සමග අත්වැල් බැඳගෙන ව්‍යවසායිකාවන් වෙනුවෙන්ම සැලසුම් කළ මූල්‍ය විසඳුම් පිරිනැමීමට DFCC ආලෝකා පියවර ගෙන තිබේ. මෙමගින් කාන්තාවන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වලටත්, සමාජයටත්, මුළුමහත් රටටත් ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව ශේරා හසන් මහත්මිය පෙන්වා දුන්නාය.

මේ අතර  Uber Sri Lanka මෙරට කළමනාකරු වරුන් විජේවර්ධන මහතා පැවසුවේ Uber ආයතනයේ සේවාවන් ඔස්සේ සෑම දෙනාටම ප්‍රතිලාභ හිමිකර දීමට කැප වී සිටින බවයි. මෙම නව වැඩපිළිවෙළ මගින් Uber සමග සම්බන්ධ වී සිටින කාන්තාවන් රැසකට ඔවුන්ගේ දියුණුවට වැදගත් වන ණය පහසුකම් සහ වෙනත් මූල්‍ය සේවාවන් රැසක් හිමි වනු ඇත. DFCC ආලෝකා සමග අත්වැල් බැඳගැනීම මගින් රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීමටත්, කාන්තාවන්ට තම ආදායම වැඩි කරගනිමින් ව්‍යසායිකාවන් ලෙස දියුණුවෙන් දියුණුව කර යාමට අවස්ථාව උදාකර දීමටත් තමන්ට හැකි වනු ඇති බව වරුන් විජේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම වැඩසටහන යටතේ Uber සේවාවන් සමග සම්බන්ධ වී සිටින රියදුරුවරියන්ට, කුරියර් සේවා සපයන කාන්තාවන්ට සහ අලෙවිසැල් හිමිකාරිනියන්ට වඩාත් පහසුවෙන් ගනුදෙනු කිරීම සඳහා POS යන්ත්‍ර භාවිතා කිරීමටත්, ගෙවීම් කාර්යක්ෂම කිරීම සඳහා M-Teller සේවාවන් භාවිතා කිරීමටත් අවස්ථාව හිමි වේ. ඊට අමතරව ඔවුන් වෙනුවෙන් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා වෙනම ණය පහසුකම් සැපයීමේ ක්‍රමයක්, වියදම් කළමනාකරණය කරගැනීම සඳහා ඉන්ධන කාඩ්පත්, ව්‍යාපාරික ගනුදෙනු සඳහා ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත්, ඉතුරුම් සේවාවන් සහ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මෙන්ම ලීසිං, iConnect සේවාවන්, කෙටිකාලීන ණය සහ ව්‍යාපෘති මූල්‍ය පහසුකම් ආදිය සඳහා විශේෂ පොලී අනුපාත ඇතුළු ප්‍රතිලාභ රාශියක් හඳුන්වා දී ඇත.

DFCC ආලෝකා සේවාව දීර්ඝ කාලයක පටන් මේ ආකාරයට තිරසාර මූල්‍ය විසඳුම් ඔස්සේ කාන්තා ව්‍යවසායකත්වය දිරිගන්වමින් රටේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී. එම මෙහෙවර ඔස්සේ රටේ ආර්ථිකයද ශක්තිමත් කරමින්, අනාගත පරම්පරාවන් වෙනුවෙන් තිරසාර සංවර්ධනයක් ඇතිකිරීම සඳහා DFCC ආලෝකා නිරතුරුවම කැප වී සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව