City of Dreams Sri Lanka හි Gatz කොළඹ නගරයේ සජීවි විනෝදාස්වාදයට නැවුම් හැඩයක් මුසු කරයි

6 (LBN)

 දකුණු ආසියානු කලාපයේ උසස්ම ආහාර පාන හා සුඛෝපභෝගී සත්කාරක සේවාවක් සපයන ප්‍රමුඛතම ගමනාන්තය බවට පත්ව ඇති City of Dreams Sri Lanka හි Gatz, කොළඹ නගරයේ සජීවී විනෝදාස්වාදන සහ රාත්‍රී භෝජන සංස්කෘතියට නව මානයක් එක් කර තිබේ.

Gatz හි විශේෂත්වය වන්නේ සවස් කාලය වනවිට සජිවී විනෝදාස්වාදය සමගින්, ආහාරපාන සහ සුහද හමුවීම් අතරට නැවුම් අත්දැකීමක් ළඟා කිරීමයි. ඒ අනුව Gatz වෙත පැමිණෙන අමුත්තන්ට වෙනස්ම සංගීත රසයකින් මුසපත් වෙමින් සිය ආහාරපාන භුක්ති විඳීමට අවස්ථාව සැලසේ.




සඳුදා සහ අඟහරුවාදා දිනවල වේදිකාවට පිවිසෙන Top Hats ගායිකා ඩැනියෙලා විසින් මෙහෙවනු ලබන ගීත පෙළගැස්මක් රසවිඳීමට අමුත්තන්ට හැකියාව ලැබේ. බදාදා Enroute සමඟින් Frank Sinatra, Matt Monro ඇතුළු ජනප්‍රිය ගායකයන්ගේ ගීත මෙන්ම පැරණි සම්භාව්‍ය සංගීතයෙන් ආභාසය ලත් පුළුල් ගීත එකතුවක් වාදනය කෙරේ. එම සංගීත අත්දැකීම සඳහා සැක්සෆෝන් වාදක Gananath එක් කරන සුවිශේෂී හඬ මාත්‍රාවන් රාත්‍රී සැඳෑවේ ආකර්ෂණය වැඩිදුරටත් ත්‍රීව කරනු නිසැකය.  එමෙන්ම බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා Terry & The Big Spenders සමඟින් 1970, 1980 සහ 1990 දශකවල ජනප්‍රිය ගීත මෙන්ම jazz ශෛලියේ නිර්මාණ රැසක් රසවිඳිය හැකි අතර, Viraj grand piano වාදනයෙන් එම සංගීත අත්දැකීම තව තවත් සජීවිකරණය වේ.

එකී සංගීත පෙළගැස්මට අමතරව, විවිධ සංගීත ශෛලීන් සහ නව රසයන් හඳුන්වා දෙන විශේෂ සංගීත ප්‍රසංගයන් ද Gatz ඉදිරිපත් කරනු ලබයි. මෑතකදී පැවති එවැනි විශේෂ ප්‍රසංග අතර, ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර උත්සව රැසකදී සිය දක්ෂතාවන් එළිදැක්වූ Atilla ගේ ඉදිරිපත් කිරීම මෙන්ම, කොළඹ සජීවී සංගීත සහ විනෝදාස්වාදන ක්ෂේත්‍රයේ ජනප්‍රිය ඩ්‍රම්ස් වාදක Chris Dhasonගේ නායකත්වයෙන් යුතු Mintaka සංගීත කණ්ඩායමේ ප්‍රසංගය ද කැපී පෙනේ.

සමස්තයක් ලෙස මෙම සංගීත ප්‍රසංගයන්, Gatz හි අමුත්තන්ට සජීවීව රසවිඳිය හැකි විවිධත්වයෙන් සහ උසස් ප්‍රමිතියෙන් යුතු විනෝදාස්වාදන අත්දැකීමක් නිරූපණය කරයි. එය Jazz සහ අතීතයේ ජනප්‍රියතම ගීතයන්ගේ සිට මෑතකාලීන ගීත පෙළගැස්මක් දක්වා විහිදුණු ඉමිහිරි නාද රටාවක් ජනිත කරවීමට සමත් වේ.

Gatz හි සම්ප්‍රදායික supper club සංකල්පයට නැවුම් මුහුණුවරක් එක් කරන මෙම සජීවි සංගීතය සමග රසවත් ආහාරපාන භුක්ති විඳිමින්, අමුත්තන්ට සිය රාත්‍රී සන්ධ්‍යාව විචිත්‍රවත් අයුරින් ගත කිරීමට ඉඩකඩ සැලසේ. ශ්‍රී ලාංකිකයින්‍ට හුරුපුරුදු දේශීය රසයන්ගෙන් සමන්විත ආහාර මෙන්ම සම්ප්‍රදායික සහ නවීන පන්නයේ දේශීය අමුද්‍රව්‍ය වලින් අභාසය ලැබූ mixology වට්ටෝරු සමගින් Gatz හි විනෝදාත්මක අත්දැකීම මනාව සම්මිශ්‍රණය කරනු ලබයි.

Gatz හි Bar අත්දැකීම පිටුපස දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන පළපුරුදු mixology කණ්ඩායමක් සිටියි. Bar කණ්ඩායම් නායක සහ Mixologist ජනජ බණ්ඩාර සහ Bartender හා Mixologist ප්‍රශාන්තන් මෙරට cocktail තරග සහ ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර bar takeovers හරහා සිය දක්ෂතාවන් පෙන්නුම් කළ දෙපළකි. එවන් කීර්තියක් අත්පත් කරගත් ඔවුන් සිය නිර්මාණශීලීත්වය හා ඉදිරිපත් කිරීමේ කලාවන් සමගින් Gatz වෙත නොමඳ ආකර්ෂණයක් ලබා දීමට කටයුතු කරයි.

City of Dreams Sri Lanka හි Gatz විනෝදාස්වාදය, ආහාරපාන, නිර්මාණශීලීත්වය සහ ආගන්තුක සත්කාරය එකම නිවහනක් තුළ සපුරාලමින්, කොළඹ නගරයේ සන්ධ්‍යාවට පෙර නොවූ විරූ සජීවී රිද්මයන් සමගින් අමුත්තන් හට අසමසම අත්දැකීමක් ළඟා කරනු නොඅනුමාන ය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව