
2026 සැප්තැම්බර් 23, කොළඹ: සෙලාන් බැංකුව City of Dreams Sri Lanka සමඟ එක්ව ඉදිරිපත් කරන ‘This Is Michael: Relive the Legend’ සජීවී ප්‍රසංගය 2026 නොවැම්බර් 08 සහ 09 යන දෙදින City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර ගීත ලොවේ එදා මෙදාතුර බිහි වූ ජනප්‍රියම තරුවක් වන මයිකල් ජැක්සන්ගේ සංගීත උරුමය සජීවීව ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන එන මෙම ප්‍රසංගය, සෙලාන් කාඩ්පත් හිමියන් ඇතුළු කාටත් සදානුස්මරණීය අත්දැකීමක් වනු ඇත.
මයිකල් ජැක්සන් උපහාර ප්‍රසංගයක් ලෙස ඉමහත් ජනාදරයට පාත්‍ර වූ ‘This Is Michael: Relive the Legend’ මේ වන විට රටවල් 15 ක සහ නගර 25 කදී පවත්වා තිබේ තිබේ. ලෙනී ජේ (Lenny Jay) විසින් ඉදිරිපත් කරනු ලබන මෙම ප්‍රසංගය, මයිකල් ජැක්සන්ගේ මනමෝහනීය හඬ, ආකර්ෂණීය ඇඳුම් විලාසිතා සහ සුවිශේෂී ප්‍රාසාංගික පෞරුෂය මෙන්ම ලොව පුරා ඔහු ඇති කළ දැවැන්ත බලපෑම වෙනුවෙන් පිදෙන සංගීතමය උපහාරයකි. ඇතිදක්ෂ ගායක ගායිකාවන්, නර්තන ශිල්පීන් සහ සංගීතඥයන් රාශියක්ද මෙම ප්‍රසංගයට දායක වෙති.
‘The Essential Card for Your Heartfelt Essentials’ යන තේමාපාඨය අනුව සෙලාන් බැංකුව තම කාඩ්පත් හිමියන්ට සුවිශේෂී ප්රතිලාභ සමඟින් සදානුස්මරණීය අත්දැකීම් තිළිණ කිරීමට සෑම විටම උත්සාහ කරයි. සැබෑ මයිකල් ජැක්සන් ප්‍රසංගයකට සමාන අත්දැකීමක් විඳගැනීමට ඔවුන්ට අවස්ථාව උදා කර දීම එම උත්සාහයේ තවත් එක් පියවරකි.
මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර සඳහා Seylan Visa Infinite, Visa Signature සහ World Mastercard කාඩ්පත් හිමියන්ට 20% ක වට්ටමක් ද, Seylan Visa Platinum, Visa Gold, Mastercard Freedom සහ සෙලාන් ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 15% ක වට්ටමක් ද හිමි වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී ප්‍රධානී රුචිත් ලියනගේ මහතා මෙසේ පැවසීය:
“සංගීතය යනු මිනිසුන්ගේ හදවත් යා කරමින් මතක බිහිකරන කලාවක්. මයිකල් ජැක්සන් තරමට සාර්ථකව එය සිදු කළ වෙනත් ගායකයෙකු ලොව නොමැති තරම්. City of Dreams Sri Lanka සමඟ අප ඇති කරගත් මෙම හවුල්කාරීත්වය, අපගේ ගනුදෙනුකරුවන්ට සදා අමතක නොවන අත්දැකීම් තිළිණ කිරීම සඳහා දෙපාර්ශ්වය දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු කරනවා. එමෙන්ම මෙය හුදෙක් මූල්‍ය ප්රතිලාභවලින් ඔබ්බට ගොස් කාඩ්පත් හිමියන්ට සැබැවින්ම මතකයේ රැඳෙන අත්දැකීම් පිරිනැමීම සඳහා අප නිරන්තරයෙන් දරන උත්සාහයට මනා සාක්ෂියක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.”
මෙම ප්‍රසංගය වෙනුවෙන් සෙලාන් බැංකුව විසින් 2026 සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා ‘Swipe & Win’ ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනු ලබන අතර, එහිදී වාසනාවන්ත ජයග්‍රාහකයන් 10 දෙනෙකුට රු. 20,000 ක් වටිනා VIP ප්‍රවේශපත්‍ර දෙක බැගින් දිනාගැනීමේ අවස්ථාව හිමි වේ. සෙලාන් බැංකුවේ සියලුම ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මෙම දිනුම් ඇදීමට සහභාගී විය හැකි අතර, අවම වශයෙන් රු. 10,000 ක ගනුදෙනුවක් සිදු කිරීම මඟින් ඒ සඳහා සුදුසුකම් ලැබිය හැක. ප්‍රවර්ධන කාලසීමාව තුළ සුදුසුකම් ලබන ගනුදෙනු කිහිපයක් සිදු කිරීමෙන්, කාඩ්පත් හිමියන්ට ජයග්‍රහණය සඳහා අමතර අවස්ථා හිමි වේ.
ජීවිතයේ එක් වරක් පමණක් නැරඹිය හැකි ආකාරයේ සුවිශේෂී ප්‍රසංගයක් නැරඹීම සඳහා ලැබෙන මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන, www.cinnamonboxoffice.com වෙත පිවිසී හැකි ඉක්මනින් තම ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා මෙන් සෙලාන් බැංකුව සිය කාඩ්පත් හිමියන්ට ආරාධනා කර සිටී. ප්‍රවේශපත්‍ර ඉතිරිව පවතින ආකාරය අනුව වට්ටම් හිමි වනු ඇත.
නියමයන් හා කොන්දේසි අදාළ වේ. වැඩි විස්තර සඳහා www.seylan.lk වෙත පිවිසෙන්න.


