
හින්දු බැතිමතුන්ගේ පූජනීය උත්සවයක් වන ආඩි වේල් උත්සවය හා පෙරහැර පසුගියදා කොළඹදී පැවැත්විණි. ගාලු පාර ඔස්සේ නව කතිරේසන් කෝවිල කරා ගමන් ගත් මෙම පෙරහැර මඳ වේලාවකට සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලය අසල නතර කර තැබිණි.
එහිදී සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය ආඩි වේල් පෙරහැර සහ එයට සහභාගී වූ බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් යුතුව පිළිගත්හ. එහිදී විශේෂ ආශීර්වාද පූජාවක් සිදුකෙරුණු අතර, සෙලාන් බැංකුවේ සාමාජික සාමාජිකාවන් විසින් බැතිමතුන් අතර සිසිල් පැන් සහ රස කැවිලි බෙදාදෙන ලදී. මෙය සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුවේ සාමාජික සාමාජිකාවන් ආගමික සහජීවනය උදෙසා දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ අවස්ථාවක් විය.


