ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්ක කරා යන ගමන ශක්තිමත් කරන ප්‍රදර්ශන බලවේගය

a

වසර 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 8ක අපනයනය ඉලක්කයක් අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකාවේ ඇඟලුම කර්මාන්ත ක්ෂේත්‍රයට එම අපනයන වර්ධනය වේගවත් කිරීම සඳහා කලාපයේ ප්‍රමුඛතම වෙළෙඳ ප්‍රදර්ශන ද්විත්වය නැවත මෙරට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ගෝලීය රෙදිපිළි මූලාශ්‍ර සහ ඇඟලුම් තාක්ෂණය එකම වහලක් යටට එක් කරමින් Intex ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව InMac ස්මාර්ට් තාක්ෂණ සහ නවෝත්පාදන ඇඟලුම් යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනය අගෝස්තු මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.



රටවල් සහ කලාප 15කට වැඩි ප්‍රමාණයක ජාත්‍යන්තර සමාගම් 300කට අධික සංඛ්‍යාවක් සඳහා සත්කාරකත්වය ලබාදෙන විශාලතම ප්‍රදර්ශනය මෙය වන අතර, ශ්‍රී ලංකාවේ ඇඟලුම් සැපයුම් දාමය නවීකරණය කිරීම සඳහා පරිපූර්ණ වේදිකාවක් බවට පත්වනු ඇත. Intex Sri Lanka ප්‍රදර්ශනය මගින් කෙඳි (fibers), නූල් (yarns) , රෙදිපිළි(fabrics) , අමතර උපාංග (accessories) සහ තිරසර අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ අතිනවීන නවෝත්පාදනයන් මෙහිදී ප්‍රදර්ශනය කරන අතර, එමගින් දේශීය නිෂ්පාදකයන් දකුණු ආසියාව, ASEAN, යුරෝපා සහ මැදපෙරදිග ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කරනු ලබයි. ඊට සමගාමීව පැවැත්වෙන InMac Sri Lanka ප්‍රදර්ශනය මගින් කර්මාන්තයේ ස්වයංක්‍රීයකරණය සඳහා වන අවශ්‍යතාව සපුරාලනු ලැබේ. ඇඟලුම් කර්මාන්තශාලාවලට ඉහළ ධාරිතාවකින් සමන්විත නිෂ්පාදන කේන්ද්‍රස්ථාන බවට හුවමාරු වීම පහසු කිරීම සඳහා ගෝලීය ඇඟලුම් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් විසින් ඔවුන්ගේ මීළඟ පරම්පරාවේ මැහුම්, කැපුම්, ඩිජිටල් මුද්‍රණ සහ පරිසර හිතකාමී නිමැවුම් පද්ධති (finishing systems ) මෙහිදී ප්‍රථම වරට හඳුන්වා දීමට නියමිතය.

‘අපගේ විශාලතම චීන  ප්‍රදර්ශන කුටිය සහ ඉන්දියාවේ ප්‍රබල සහභාගීත්වය මඟින් ශ්‍රී ලංකාව කෙරෙහි ගැඹුරු ගෝලීය විශ්වාසය පිළිබිඹු වෙනවා‘ යැයි ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ආර්ති භගත් මහත්මිය ප්‍රකාශ කළාය. ‘ගෝලීය අමුද්‍රව්‍ය සමඟ උසස් තාක්ෂණික යන්ත්‍රෝපකරණ ඒකාබද්ධ කිරිම තුළින් Intex සහ  InMac ප්‍රදර්ශන ශ්‍රී ලංකාවේ 2030 අපනයන දැක්ම සවිබල ගැන්වීමට නිවැරැදි සැලසුම් සපයනු ඇත.‘ ඇය වැඩිදුරටත් එසේ කීවාය.

 

මෙම ජාත්‍යන්තර B2B ප්‍රදර්ශන අතරතුර දින 3ක් පුරා පැවැත්වෙන සංවාදාත්මක ව්‍යාපාරික සංසද සම්මන්ත්‍රණ මඟින් චක්‍රීය ආර්ථිකය(Circularity) , තිරසරභාවය (Sustainability), ඩිජිටල් පරිවර්තනය සහ ස්මාර්ට් නිෂ්පාදන පිළිබඳ සාකච්ඡාවට ලක්වනු ඇත. මීට අමතරව දේශිය නිෂ්පාදකයන් සහ ජාත්‍යන්තර වෙළෙඳ ගැනුම්කරුවන් අතර මුහුණට මුහුණ ව්‍යාපාරික හමුවීම් සංවිධාන කර තිබේ.

 

ප්‍රදර්ශනයේ තොරතුරු:

  • දිනයන්: 2026 අගෝස්තු 5, 6, 7 (බදාදා සිට සිකුරාදා දක්වා)
  • ස්ථානය: ශාලා 1 සිට 6 දක්වා, BMICH, කොළඹ 07
  • සංවිධායක: Worldex India Exhibition & Promotion Pvt. Ltd.
  • අනුමැතිය සහ සහයෝගය: ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB), කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් අදාළ ක්ෂේත්‍රීය සංගම්.
  • Intex වෙබ් අඩවිය: intexsouthasia.com
  • InMac වෙබ් අඩවිය: inmacworldexpo.com



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව