AIA ඉන්ෂුවරන්ස් සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කිරීම 2024

PR IMAGE (LBN)

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2024 වසර සඳහා සිය සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කිරීමේ උත්සවය නොබෝදා පැවැත්වීය.  AIA, දශක 2කට ආසන්න කාලයක් තුළ දී, බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුල ක්‍රමක් ක්‍රමයෙන් පරිනාමනය වෙමින් අත්පත් කර ගත් සාර්ථකත්වය මෙම උත්සවයේ දී සමරන ලදී.   AIA මෙරට ප්‍රමුඛතම බැංකු සමගින් බැංකු රක්ෂණ කටයුතු සඳහා ඉතා සමීපව කටයුතු කර ඇත.  ඒ අතරින් NDB සහ DFCC යන බැංකු සමගින් AIA දීර්ඝ කාලීන සහයෝගීතාවන් පවත්වාගෙන යන අතර පසුගිය වසර ගණනාව පුරාවට AIA හි ගමන් මග තුල ලද සාර්ථකත්වය සඳහා මෙම සහකරුවන් ප්‍රධාන භූමිකාවක් ඉටුකර ඇත.  තවද මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුල තවදුරටත් සිය පියසටහන් විහිදුවමින් AIA නොබෝදා කොමර්ෂල් බැංකුවේ නිත්‍ය බැංකු රක්ෂණ සහකරු ලෙස සුවිශේෂී වූ හවුල්කාරිත්වයකට  එළැඹිණි.   මෙම උත්සවයේ දී AIA – NDB සහයෝගීතාවයේ වර්ධනය වෙනුවෙන් නායකත්වය දෙමින් සිදුකල කාර්යභාරය වෙනුවෙන් NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කල ඩිමන්ත සෙනෙවිරත්න මහතාව ඇගයීමට ලක්කිරීමද සිදුවිය.  මෙම බැංකු සමගින් ඇති සහයෝගීතාවයන්ට අමතරව NDB වෙල්ත් කළමනාකරණ සමාගම සමගින් ශක්තිමත් හවුල්කාරිත්වයකට ද AIA එළඹ ඇති අතර ප්‍රමුඛ රක්ෂණ බ්‍රෝකර් සමාගම් සමගින් පවත්වාගෙන යන්නා වූ  සබඳතාවයන් තවදුරටත් පවත්වාගෙන යයි.  2024 වසරේ බැංකු රක්ෂණ සහ අනෙකුත් සහයෝගීතාවයන් සමගින් පවත්වාගෙන යන ව්‍යාපාර දියත් කිරීමේ  උත්සවයේ දී නව්‍යකරණය සහ සේවාලාභී කේන්ද්‍රීය සේවාවන් සඳහා AIA හි කැපවීම වඩාත් අවධාරණය කෙරිණි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව