කොළඹ වරාය නගරය රුපියල් මිලියන හතරකට අධික සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරයි.

DO7A9702

2020 නොවෙම්බර් 11, කොළඹ: කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම අද එම අමාත්‍යංශයේ දී සිදු විය. මෙරට තුල COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා, සෞඛ්‍ය අංශ ගෙනයන ප්‍රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

CHEC කොළඹ වරාය නගර පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ Jiang Houliang මහතා විසින් මෙම මුඛ ආවරණ තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පිරිනමනු ලැබීය. එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියේය. ආර්ථික සංවර්ධන සහ දිළිඳුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම වෙතින් කරන ලද ඉල්ලීමක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රජයට තවත් ඉතා  වැදගත් අවශ්‍යතාවයක් වන පී සී ආර් පරීක්ෂණ කට්ටල ලබා දෙන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා වරාය නගර ව්‍යාපෘති සමාගමෙන් සිදු කරනු ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ එම ඉල්ලීම ද හැකි උපරිම ඉක්මනින් ඉටු කර දීමට උත්සාහ දරණ බවයි.

 

 

 
 



 

 

ශ්‍රී ලංකාවේ COVID-19 දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමග වරාය නගර ව්‍යාපෘතිය විසින් තවත් පරිත්‍යාගයන් කිහිපයක්ම සිදු කරන ලදී . ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මුඛ ආවරණ දස දහසක් පරිත්‍යාග කිරීම සහ ශ්‍රී ලංකා රේගුවට මුඛ ආවරණ දෙදහසක් පරිත්‍යාග කිරීම ද මීට ඇතුළත්ය. එ පරිත්‍යාගයන් සහ අද දින සිදුකරන ලද පරිත්‍යාගයන් ගේ සම්පූර්ණ එකතුව රුපියල් මිලියන හතර ඉක්මවයි. මීට පෙර අප්‍රේල් මාසයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන හයක් වටිනා ආධාරයන් කොළඹ මැනිං වෙළඳසැල සංකීර්ණයට, ශ්‍රී ලංකා පොලිසියට, කළුතර නාගො රෝහලට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ COVID-19 ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග මුඛ ආවරණ වලට වැඩි ඉල්ලුමක් හටගැනීමත් සමග මේ රට තුල මුඛ ආවරණය හිඟයක් ඇති විය. එය හඳුනාගත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම මෙම පරිත්‍යාගයන් සිදු කිරීමට ඉදිරිපත් විය. මෙම අර්බුදය පාලනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට කෙරෙන සහයෝගයක් වශයෙන් වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙම අවස්ථාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ස්වකීය ආරක්ෂා සහ සමාජ දුරස්ථභාව අනුගමනය කරමින් වගකීම් සහගතව කටයුත  කරන ලෙසයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව

කොළඹ වරාය නගරය යනු කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය පුළුල් කරන පරිදි ඉදිකරනු ලබන නවතම නාගරික සංවර්ධන ව්‍යාපෘතියයි. ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක මූලික ආයෝජනයකින් යුතුව ඉදිකරනු ලබන මෙය සම්පූර්ණ වීමේදී ඇමරිකානු ඩොලර් බිලියන 15 ක  ආයෝජන රැගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෙක්ටයාර 269 ක ප්‍රදේශයක් මුහුද ගොඩකර නිර්මාණය කරනු ලබන මෙය මූල්‍ය කලාපය, ජාත්‍යන්තර දිවයින, දුපත් දිවිය, මධ්‍ය  උද්‍යාන වාසය සහ සැහැල්ලු යාත්‍රාංගණය වශයෙන් කලාප 5 කින් සමන්විත වනු ඇත. සම්පූර්ණ වූ පසුව කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් අවකාශය වර්ග මීටර මීලියන 5.7 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නවීන කාර්යාල, රෝහල්, අධ්‍යාපන ආයතන, හෝටල්, වරාය, සාප්පු සංකීර්ණ සහ ජීවන විලාසිතා ස්ථාන රැසකින් මෙය සමන්විත වනු ඇත. නවීනතම තිරසාර නාගරික සැලසුම් සහ  සංකල්ප භාවිතයෙන් ඉදිවන මෙය දකුණු ආසියානු කලාපයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු නිසැක ය.

 

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව