
ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ මෙන්ම, සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විස්වාසනීය ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), ජූලි 26 වන දින සිට 29 වන දින දක්වා කතරගම පැවති ඇසළ මංගල්‍යය සඳහා පැමිණි බැතිමතුන්ගේ ගමන සුරක්ෂිත කිරීමේ අරමුණින් ඔවුන්ට සිය දායකත්වය සහ සහය ලබා දෙන ලදී.
කතරගම වන්දනා ගමන අතරතුරදී තම රථ වාහන වල සිදුවන හදිසි ආපදාවන්ට මුහුණ දෙන වන්දනාකරුවන්ට ඕනෑම අවස්ථාවක, SLIC General කණ්ඩායම එම ස්ථානයේම රැඳී සිටිමින් ඔවුන්ට කඩිනම් සහ විශ්වාසනීය සහාය ලබාදීමට කටයුතු කළේය. අනපේක්ෂිත අවස්ථාවකදී කතරගම වන්දනා ගමනට කිසිදු බාධාවක් ඇති නොවන බවට ඔවුන් කෙරෙහි විශ්වාසය සහ ආරක්ෂාව තහවුරු කරමින් සෑම මෝටර් රථ රක්ෂණ ඔප්පුවක් හරහාම පාරිභෝගිකයන් වෙත ලබාදෙන මූලික පොරොන්දුව SLIC General මේ තුළින් මැනවින් පිළිබිඹු කළේය.
මෙම වැඩසටහන හරහා මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම, මහජනතාවට අවශ්‍ය සහාය ලබාදීම සහ කතරගම වන්දනාවේ නිරත වූ වන්දනාකරුවන්ට හා බැතිමතුන් සඳහා අවශ්‍ය සෘජු සහයෝගයන් ලබා දීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලදී.
ශ්‍රී ලංකාවේ අංක එකේ මෝටර් රථ රක්ෂණ සේවා සපයන්නා ලෙස, රියදුරන්ගේ ආරක්ෂාව සහ රථවාහන අවදානම් කළමනාකරණය පිළිබඳ සිය පුළුල් අත්දැකීම් පදනම් කරගනිමින්, SLIC General විසින් කතරගම වන්දනාවේ නිරත වූ වන්දනාකරුවන් සහ බැතිමතුන් වෙනුවෙන් ආපදාවන්ට ලක්වූ රථ වාහන නොමිලේ ඇදගෙන යාමේ සේවාවක් ක්‍රියාත්මක කරන ලදී. දින හතරක වන්දනා සමය තුළදී හදිසි යාන්ත්‍රික දෝෂවලට ලක් වූ වාහන රැසක් සඳහා ඇදගෙන යාමේ සේවාව ලබා දෙමින්, තවත් වාහන රැසක් එම ස්ථානයේදීම කඩිනම්ව යථා තත්ත්වයට පත් කර දෙන ලදී. මෙම සේවාවන් හරහා වන්දනාකරුවන්ට කිසිදු අපහසුතාවයකින් තොරව, ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යුතුව සිය වන්දනා ගමන අඛණ්ඩව සම්පූර්ණ කිරීමට ද අවස්ථාව උදාවිය.
රුහුණු කතරගම මහා දේවාලය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙම සේවාව හරහා SLIC General ආයතනය, හුදෙක් රක්ෂණ සමාගමකට පමණක් සීමා නොවී, මිනිස් ජීවිත මෙන්ම ඔවුන්ගේ ගමන් බිමන් සුරක්ෂිත කරන සැබෑ සහකරුවෙකු බවට නැවත වරක් තහවුරු විය.
මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් Motor Plus සන්නාමය ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් වෙත තවදුරටත් සමීප කරවීමට හැකි විය. ඒ වෙනුවෙන්ම සුවිශේෂී ලෙස නිර්මාණය කරන ලද ප්‍රදර්ශන කුටියක් වෙත 10,000කට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි අතර, එහිදී ඔවුන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්, මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ පෞද්ගලිකව උපදෙස් ලබාගත හැකි රක්ෂණ උපදේශන සේවාවන් පවත්වන ලදී. ඒ වාගේම, වාහන 4,000කට ආසන්න ප්‍රමාණයක ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් ද පවත්වමින්, කතරගම ඇසළ කලාපය පුරාම මාර්ග ආරක්ෂාව පිළිබඳ පණිවිඩය ව්‍යාප්ත කිරීමට ද සාර්ථකව පියවර ගැනිණි.
මෙම වැඩසටහන තුළින්, රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රායෝගික සහ ක්ෂේත්‍ර මට්ටමේ සහාය ලබාදීම, මාර්ග ආරක්ෂාව ජාතික ප්‍රමුඛතාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික හා ප්‍රජා කේන්ද්‍ර අවස්ථාවන්හිදී මහජනතාව සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට SLIC General දක්වනු ලබන පුළුල් කැපකිරීම මැනවින් ප්‍රදර්ශනය විය.
කතරගම වන්දනා සමයේදී SLIC General හුදෙක් සන්නාම ප්‍රවර්ධනය කිරීම සඳහා පමණක් නොව, ප්‍රජාවන්ට ප්‍රායෝගික සහ අර්ථවත් සේවාවක් සැපයීම සඳහා ද විශ්වසනීය ලෙස දායකත්වය දැක්විය. නොමිලේ රථ වාහන ඇදගෙන යාමේ සේවාව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ සහාය ලබාදීම තුළින්, රක්ෂණ ආවරණයෙන් ඔබ්බට යමින් රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට SLIC General දක්වන අඛණ්ඩ කැපවීම මේ තුළින් මැනවින් විදහා දැක්විණි. විශ්වාසනීයත්වය, කාර්යක්ෂමතාව සහ මහජනතාව වෙනුවෙන් සෑමවිටම කැපවී ක්‍රියා කිරීම තුළින්, ශ්‍රී ලංකාවේ අංක එකේ මෝටර් රථ රක්ෂණ සමාගම ලෙස සිය ප්‍රමුඛත්වය යළි යළිත් තහවුරු කරමින්, රියදුරන්ගේ සැබෑ ආරක්ෂක සහකරුවා ලෙස SLIC General තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
වැඩිදුර තොරතුරු සඳහා 011 235 7357 දුරකථන අංකය ඔස්සේ SLIC General ඇමතීමෙන් හෝ www.slicgeneral.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැක.


