Havelock City Mall, මෙවර නත්තල් සමය වෙනුවෙන් “Elves on Holidays” තේමාව යටතේ මිලියන ගණනින් වටිනා තෑගි පිරිණමයි

ARW09708.JPG (LBN)

කොළඹ, ශ්‍රී ලංකාව: කොළඹ නගරයේ ප්‍රමුඛතම සාප්පු සවාරි ගමනාන්තය වන Havelock City Mall (HCM), මෙවර අසිරිමත් නත්තල පිළිගැනීම වෙනුවෙන් “Elves on Holidays” තේමාවෙන් සුවිශේෂී නත්තල් සැමරුමක් සංවිධානය කර ඇත.  නෙවැම්බර් මස 24 වන දින සාම්ප්‍රදායික නත්තල්ගස ආලෝකමත් කිරීමෙන් නිල වශයෙන් ආරම්භ කළ මෙය, දෙසැම්බර් මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර එහිදී ආකර්ෂණීය සාප්පු සවාරි වාසි, විනෝදාත්මක අංග සහ පවුලේ සැමට එක්ව විඳගත හැකි ආකර්ෂණීය අත්දැකීම් රැසක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.




දේශීය මෙන්ම ජාත්‍යන්තර තලයේ ප්‍රමුඛතම සන්නාම, ආහාරපාන සහ විනෝදාස්වාද අත්දැකීම් රැසක් එකම තැනකට ගෙන එමින්  2023 වසරේදී විවෘත කරන ලද Havelock City Mall, සාප්පු සවාරි සඳහා සුදුසුම ගමනාන්තයක් ලෙස සිය ස්ථාවරත්වය තහවුරු කරගෙන ඇත. සෑම උත්සව සමයකම සුවිශේෂී  වැඩසටහන් සංවිධානය කිරීමේ සිය සම්ප්‍රදාය ඉදිරියටත් ගෙන යමින්, “My Happy Place” යන සන්නාම පාරිභෝගිකයන් අතරට ගෙන යාමට සමත් වූ මෙම ආයතනය, සිය පාරිභෝගිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙවර නත්තල අතිශය සුවිශේෂී සැමරුමක් බවට පත් කිරීමට සැළසුම් කර ඇත.

මෙවර නත්තල් සැමරුමේ තේමාව වන “Elves on Holidays” හරහා, නිවාඩු ගත කිරීමට සුදුසුම ස්ථානයක් සොයමින් සිටින නත්තල් සීයාගේ සහායකයින් (Elves), Havelock City Mall වෙත පැමිණ තමන්ගේ “Happy Place” එක සොයා ගන්නා අයුරු අපූරුවට නිරූපණය කෙරේ. පවුලේ සැමට සහ මිතුරන්ට එකට එක්ව නත්තල් අසිරිය සැමරීමට අවස්ථාව සලසමින්, මේ වෙනුවෙන්ම නිර්මාණය වූ ‘Christmas Village’ හිදී විවිධ උත්සව ක්‍රියාකාරකම් රැසක් පැවැත්වේ. සමස්ත උත්සව සමය පුරාම සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගිකයින්ට නත්තල් ප්‍රීතිය බෙදා දීම වෙනුවෙන් නත්තල් කැරොල් ගී ප්‍රසංග (Choir performances), මැජික් සංදර්ශන, සජීවී සංගීත අත්දැකීම් සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක් ද සංවිධානය කර තිබේ.

මෙම උත්සව සමයේ උද්යෝගය තවත් වැඩි කරමින්, Mastercard සමඟ එක්ව සංවිධානය කරනු ලබන ‘Shop Merry & Win Millions Giveaway’ වැඩසටහන හරහා පාරිභෝගිකයින්ට රුපියල් මිලියනයක සුපිරි ත්‍යාගයක් සමඟින් රුපියල් 100,000 බැගින් වූ තවත් ත්‍යාග 12 ක් දිනා ගැනීමේ අවස්ථාව හිමිවන අතර, පිරිනැමෙන සමස්ත ත්‍යාගවල වටිනාකම රුපියල් මිලියන 2.2 කි. මීට අමතරව, පාරිභෝගිකයින්ගේ අඛණ්ඩ විශ්වාසය අගය කිරීමක් ලෙස HCM හඳුන්වා දෙන ‘Loyalty Bonanza’ වැඩසටහන යටතේ, උත්සව සමයේ සිදු කරන මිලදී ගැනීම් මත තෝරාගත් ඉහළම Loyalty පාරිභෝගිකයින් 12 දෙනෙකු සඳහා රුපියල් 50,000 බැගින් වටිනා සුවිශේෂී තෑගි පාර්සල් (Goodie hampers) පිරිනැමීමට ද නියමිතය.

උත්සව සමයට වඩාත් අර්ථවත් බවක් එක් කරමින්, ළමා නිවාසයක දරුවන් වෙනුවෙන් උපකාර කිරීම සඳහා HCM විසින් විශේෂ වැඩසටහනක් ද දියත් කර ඇත. Christmas Village හි පිහිටුවා ඇති විශේෂ පරිත්‍යාග මධ්‍යස්ථානය හරහා ඊට දායක වෙමින්, අවශ්‍යතා ඇති පිරිස් සමඟ නත්තලේ සැබෑ අරුත සහ සතුට බෙදා ගැනීමට පාරිභෝගිකයින්ට මෙමගින් අවස්ථාව උදා වේ.

සාප්පු සවාරි අත්දැකීම්වලින් ඔබ්බට ගොස්, ආකර්ෂණීය වට්ටම් හා වාසි, විනෝදාත්මක අංග සහ අර්ථවත් ප්‍රජා සත්කාර එකට එක් කරමින්, “Elves on Holidays” හරහා සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස සිය අනන්‍යතාවය තවදුරටත් තහවුරු කිරීමට Havelock City Mall සමත්ව ඇත. දෙසැම්බර් 31 වන දින දක්වා පැවැත්වෙන මෙම නත්තල් සැමරුම් සමඟ එක්වන ලෙස සැමට ආරාධනා කරන අතර, විනෝදාස්වාද වැඩසටහන් කාලසටහන්, ප්‍රවර්ධන විස්තර, ජයග්‍රාහකයින් පිළිබඳ තොරතුරු සහ උත්සව සමයේ සුවිශේෂී අත්දැකීම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා HCM නිල සමාජ මාධ්‍ය ජාලා සමඟ රැඳී සිටින ලෙස ද දැනුම් දෙයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව