
සුමති හෝල්ඩිංග්ස් සමූහයට අයත් LifeServ (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රය තුළ සිය 25 වසරක මෙහෙවර සනිටුහන් කරමින් පසුගියදා සිය 25 වැනි සංවත්සරය සමරනු ලැබීය. 2001 වසරේදී ආරම්භ වූ මෙම සමාගම, සෞඛ්‍ය නිෂ්පාදන සැපයීමේ ව්‍යාපාරයක සිට රෝහල්, සෞඛ්‍ය වෘත්තිකයන්, ඖෂධ අලෙවිසල්, රෝගීන් සහ ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත පුළුල් සෞඛ්‍ය විසඳුම් සපයන ආයතනයක් දක්වා වර්ධනය වී ඇත.
වෙනස් වන සෞඛ්‍ය අවශ්‍යතාවන්ට අනුගත වෙමින්, වෛද්‍ය හා ශල්‍ය උපකරණ, ඖෂධ සහ ගෘහස්ථ සෞඛ්‍ය නිෂ්පාදන ඇතුළු සිය නිෂ්පාදන පෙළ පුළුල් කිරීමට LifeServ සමාගම කටයුතු කර ඇත. සන්නාම කළමනාකරණය, ටෙන්ඩර් කටයුතු, ගබඩාකරණය, සිල්ලර වෙළෙඳාම සහ බෙදාහැරීම් යන අංශයන්හි හැකියාවන් ද වර්ධනය කරමින් සමාගම සිය ව්‍යාපාරික මෙහෙයුම් ශක්තිමත් කරගෙන තිබේ.
මෙම වර්ධනයට ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් වැදගත් දායකත්වයක් ලබා දී තිබේ. ඇමෙරිකාවේ Abbott Vascular, ජපානයේ A&D Medical, ස්විට්සර්ලන්තයේ Lobeck Medical, චීනයේ Kawaza සහ ඉන්දියාවේ Beta Drugs Limited යන ආයතන සමඟ පවතින සබඳතා හරහා විවිධ සෞඛ්‍ය නිෂ්පාදන සහ විසඳුම් ශ්‍රී ලාංකික වෙළෙඳපොළට හඳුන්වා දීමට සමාගමට හැකි වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් LifeServ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද බණ්ඩාර මහතා මෙසේ පැවසීය. “LifeServ ආරම්භ කළ පළමු දිනයේ පටන් මා සමාගම සමඟ කටයුතු කරනවා. වසර 25ක් පුරාවට අප දිනාගත් විශ්වාසය අපගේ ගමන්මගෙහි සාර්ථකත්වයට විශාල රුකුලක් වී තිබෙනවා. මෙම සාර්ථකත්වය අපගේ කාර්ය මණ්ඩලය, හවුල්කරුවන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් සතු කරගත් සාමූහික ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව ගුණාත්මක, විශ්වාසනීය සෞඛ්‍ය විසඳුම් ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කිරීමට අපි ඉදිරියටත් කැප වී කටයුතු කරනවා.”
සිය 25 වැනි සංවත්සරයට සමගාමීව LifeServ සමාගම මීගමුව, කුරුණෑගල, කොළඹ සහ මහනුවර ප්‍රදේශවල නොමිලේ සෞඛ්‍ය සායන මාලාවක් සංවිධානය කර තිබුණි. අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල පැවැති මෙම වැඩසටහන් සඳහා පුද්ගලයන් 980කට අධික පිරිසක් සහභාගී වූ අතර, මූලික සෞඛ්‍ය පරීක්ෂණ, අක්ෂි හා ශ්‍රවණ පරීක්ෂණ මෙන්ම වෛද්‍ය උපදේශන සේවාවන් ද ලබා දෙන ලදී. ප්‍රජාව තුළ සෞඛ්‍ය දැනුවත්භාවය සහ සේවා ප්‍රවේශය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණ විය.
සංවත්සරයට සමගාමීව නවීකරණය කළ www.lifeserv.lk ආයතනික වෙබ් අඩවිය ද එළිදැක්වූ අතර, එමඟින් සමාගමේ නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳ තොරතුරු වඩාත් පහසුවෙන් ලබාගත හැකිය. ඉදිරියේදී විශේෂිත සෞඛ්‍ය නිෂ්පාදන පෙළ ශක්තිමත් කිරීම, දිවයින පුරා බෙදාහැරීම් පුළුල් කිරීම, අති නවීන තාක්ශණය සදහා ආයෝජනය සහ දත්ත පදනම් කරගත් සැලසුම්කරණය තුළින් පාරිභෝගික සේවාවන් වැඩිදියුණු කිරීම LifeServ සමාගමේ අරමුණයි.
වසර 25ක අත්දැකීම් සහ විශ්වාසය පදනම් කරගනිමින්, ශ්‍රී ලංකාව පුරා ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය විසඳුම් වඩාත් පහසුවෙන් ලබාදීම වෙනුවෙන් LifeServ සමාගම සිය මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යයි.


