
ශ්රී ලංකා කාර්ය උපාය සහ නැව්ගත කරන්නන්ගේ සංගමය මෙහෙයවනු ලැබූ National Logistics Awards 2026 (NLA 2026) සම්මාන උලෙළ කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. මෙරට කාර්ය උපාය සහ භාණ්ඩ නැව්ගත කිරීමේ ක්ෂේත්රයේ විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කළ සහ කැපී පෙනෙන ජයග්රහණ ඇගැයීමට ලක් කරමින් පැවති එම සම්මාන උලෙළට ක්ෂේත්රයේ ප්රධානීන්, සම්භාවනීය අමුත්තන් සහ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම අභිමානවත් සම්මාන උලෙළේදී ශ්රී ලංකාවේ කාර්ය උපාය සහ නැව්ගත කිරීමේ ක්ෂේත්රය තුළ කළමනාකරණය ශක්තිමත් කිරිමට සහ තරගකාරිත්වය ඉහළ නැංවීමට සිදු කළ කැපවීම හා නවෝත්පාදනය විදහා දැක්වූ සමාගම්වල සහ පුද්ගලයන් මෙහිදී ඇගැයීමට ලක්වූහ. භාණ්ඩ නැව්ගත කිරීම, සමුද්රීය හා ගුවන් ප්රවාහනය, ගබඩාකරණය සහ ව්යාපෘති සැපයුම්ජාලය ඇතුළු ප්රධාන අංශ 10ක් යටතේ සම්මාන 28කට වැඩි සංඛ්යාවක් මෙහිදී පිරිනැමිණි.
මෙරට කාර්ය උපාය සහ නැව්ගත කිරිමේ ක්ෂේත්රය තුළ රාජ්ය හා පෞද්ගලික අංශ අතර පවතින සහයෝගිතාවයේ වැදගත්කම පිළිබිඹු කරමින් සම්මාන උලෙළ සාර්ථක කරගැනීම සඳහා ශ්රී ලංකා රේගුව සහ වරාය හා නාවික කටයුතු අමාත්යාංශය ඇතුළු ප්රමුඛතම ආයතන 28 ක සහයෝගය ලැබිණි.
Aitken Spence Logistics, Aitken Spence Freight සහ Aitken Spence Maritime, සමඟ CMA CGM Lanka (Pvt) Ltd සම්මාන උලෙළේ රන් අනුග්රාහකයන් (Gold Sponsors) ලෙස කටයුතු කළ අතර, රිදී අනුග්රාහකයන් ලෙස (Silver Sponsor) Dart Global Logistics (Pvt) Ltd සමාගමත්, Scanwell Logistics Colombo (Private) Limited සහ KLN Logistics Lanka (Pvt) Ltd සහ සමාගම ලෝකඩ අනුග්රාහකයන් ලෙසත් සිය දායකත්වය ලබා දීම සාර්ථකත්වයට හේතු විය.
National Logistics Awards 2026 සම්මාන උලෙළ මඟින් මෙරට කාර්ය උපාය සහ නැව්ගතකිරිමේ ක්ෂේත්රය තුළ විශිෂ්ටත්වය සැමරීම පමණක් නොව ශ්රී ලංකාවේ කර්මාන්තය තුළ නවෝත්පාදනයන් ප්රවර්ධනය කිරිම සඳහා වන එකමුතුභාවය හා කැපවීම ද පෙන්නුම් කළ බව මෙහිදි අදහස් දැක්වූ ශ්රී ලංකා කාර්ය උපාය සහ නැව්ගත කරන්නන්ගේ සංගමයේ සභාපති ඇන්ඩ්රේ ප්රනාන්දු මහතා ප්රකාශ කළේය.


