
2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඩේවිඩ් පීරිස් සමූහය රන් සම්මාන දෙකක් සහ රිදී සම්මානයක් දිනා ගැනීමට සමත් විය. මෙම ජාතික සම්මාන ත්රිත්වයෙන් සමූහයේ තිරසාර මෙහෙයුම්, පරිසර විශිෂ්ටත්වය සහ වගකීම්සහගත ව්යාපාරික පිළිවෙත අගය කර ඇත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්රයිවට්) ලිමිටඩ් යටතේ ක්රියාත්මක වන මඩපාත සහ මාතර පිහිටි DPMC Workshop රථවාහන සේවා මධ්යස්ථාන මෙන්ම, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් හි රන්න නිෂ්පාදන සංකීර්ණයේ පිහිටි එකලස් කිරීමේ කර්මාන්තශාලාව මගින් ක්රියාත්මක කරන ලද පරිසර හිතකාමී වැඩසටහන් උදෙසා මෙම සම්මාන හිමි විය.
වාහන සේවා, නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සිදුකරන DPMC මඩපාත රථවාහන සේවා මධ්යස්ථානය, 2024 වසරේදී ප්රශංසා සහතිකයක් (Merit Award) සහ 2025 වසරේදී ලෝකඩ සම්මානයක් දිනාගැනීමෙන් අනතුරුව මෙවර රන් සම්මානය හිමිකර ගැනීමට සමත් විය. වැසි ජලය රැස්කිරීම, අපජලය පිරිපහදු කර නැවත භාවිතයට ගැනීම, පුනර්ජනනීය බලශක්තිය භාවිතය, වගකීම්සහගත ලෙස අපද්රව්ය කළමනාකරණය සහ සම්පත් සංරක්ෂණය හරහා පාරිසරික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දක්වන ලද කැපවීම මෙම අඛණ්ඩ ප්රගතියට හේතු විය.
පළමු වරට මෙම සම්මාන උළෙලට ඉදිරිපත් වෙමින්ම රන් සම්මානය දිනාගත් රන්න නිෂ්පාදන සංකීර්ණයේ එකලස් කිරීමේ කර්මාන්තශාලාව, එහි ඇති පරිපූර්ණ පාරිසරික කළමනාකරණ පිළිවෙත් වෙනුවෙන් ඇගයීමට ලක්විය. වැසි ජලය රැස්කිරීම, ජල කළමනාකරණයට සහාය වන භූමි පරිශ්රයේ ඇති වැව්, පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති, විධිමත් අපද්රව්ය කළමනාකරණය මෙන්ම කාබන් අවම කිරීම මෙම ඇගයීම්වලට ඇතුළත් වේ. තවද, එම පරිශ්රය හිමිකරගෙන ඇති ශුන්ය බලශක්ති සහතිකය (Net Zero Energy Certification) මගින් සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව සහ තිරසාර කාර්මික මෙහෙයුම් සඳහා ඇති කැපවීම මනාව පැහැදිලි කරයි.
ප්රථම වරට ඉදිරිපත් වෙමින් රිදී සම්මානය හිමිකර ගැනීමට DPMC Workshop මාතර රථවාහන සේවා මධ්යස්ථානය සමත් විය. වහල මත සවිකළ සූර්ය බලශක්ති පද්ධති, පිරිපහදු කළ ජලයෙන් 95%ක් පමණ නැවත වාහන සේදීම සඳහා යොදාගන්නා අපජල පිරිපහදු පද්ධති, ඉහළ සම්පත් කාර්යක්ෂමතාව සහ හානිකර අපද්රව්ය හා පාරිසරික දූෂණය අවම කිරීමට ගෙන ඇති පියවර මෙහි පාරිසරික වැඩසටහන් අතර වේ.
මෙම ජයග්රහණ මගින් පෙන්නුම් කරන්නේ සමූහයේ සියලු ව්යාපාරික මෙහෙයුම් සඳහා පාරිසරික අවධානය බද්ධ කිරීමට ඇති කැපවීමයි. පුනර්ජනනීය බලශක්තිය, ජල සංරක්ෂණය, අපජල පිරිපහදුව සහ වගකීම්සහගත අපද්රව්ය කළමනාකරණය වෙනුවෙන් කෙරෙන ආයෝජන හරහා, තම ව්යාපාරික කටයුතු මගින් පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමට සමූහය අඛණ්ඩව කටයුතු කරයි.
පාරිභෝගිකයන්ට මෙමගින් ලැබෙන අමතර විශ්වාසය වන්නේ, ඩේවිඩ් පීරිස් සමූහයේ මෝටර් රථ මෙහෙයුම් සඳහා දායක වන සියලු පහසුකම් සහ මධ්යස්ථාන පිළිගත් පාරිසරික කළමනාකරණ පිළිවෙත් අනුගමනය කරන බවයි. මෙම සම්මාන මගින් තනි තනි නිෂ්පාදන සහතික කිරීමකට වඩා අදාළ මධ්යස්ථානවල සමස්ත පාරිසරික කාර්යසාධනය ඇගයීමට ලක්කරන අතර, එය වගකීම්සහගත නිෂ්පාදන, එකලස් කිරීම සහ රථවාහන සේවා සැපයීම වෙනුවෙන් සමූහයේ ඇති කැපවීම නිරූපණය කරයි.
මෙම සියලු ජයග්රහණ, සමූහයේ තිරසාර පැවැත්ම පිළිබඳ උපායමාර්ගය වන DPG STEP (Sustain, Track, Empower, Progress) සංකල්පය හා මනාව බද්ධ වී ඇත. එමගින් සමූහය යටතේ ඇති සමාගම් පුරා මැනිය හැකි පාරිසරික වර්ධනයක් සහ වගකීම්සහගත ව්යාපාරික පිළිවෙත් ප්රවර්ධනය කරයි. වඩාත් පිරිසිදු, හරිත සහ තිරසාර ශ්රී ලංකාවක් ගොඩනැගීම උදෙසා පාරිසරික කාර්යසාධනය ශක්තිමත් කිරීමටත්, සම්පත් සංරක්ෂණයටත් ඩේවිඩ් පීරිස් සමූහය අඛණ්ඩව කැපවී සිටියි.


