
නිව් ඇන්තනීස් ෆාම්ස් විසිනි
සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදාට යෙදෙන ලෝක ආහාර දිනය, අපගේ ආහාර පිඟානට ආහාර එක් කරන ක්රියාවලිය සහ ඒ පිටුපස සිටින ජනතාව පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම ලොවටම සිහිපත් කර දෙයි. මෙවර එහි තේමාව වන්නේ “Innovate today to feed tomorrow” යන්නයි. යන්ත්රෝපකරණ සහ පිරිවැය මත පදනම්ව බොහෝ විට නවෝත්පාදනය පිළිබඳ සාකච්ඡා කෙරෙන ක්ෂේත්රයකට මෙය ඉතා වැදගත් මඟපෙන්වීමක් ලෙස සැලකේ. ශ්රී ලාංකික කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයන්ට නවෝත්පාදනය යනු හුදෙක් නව අදහස් හඳුන්වාදීමක් නොව, ප්රායෝගිකව ක්රියාවට නැංවිය යුතු සංකල්පයකි. එනම්, සතුන් ඇතිදැඩි කරන ආකාරය, ඔවුන්ට ලබාදෙන ආහාර සහ නිෂ්පාදන ඇසුරුමේ සඳහන් තොරතුරු පිළිබඳව පාරිභෝගිකයාට තැබිය හැකි විශ්වාසයයි.
අභියෝගයේ ස්වභාවය
ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ඇස්තමේන්තුවලට අනුව, 2024 වසරේ දී ලෝක ජනගහනයෙන් 8.2%ක් එනම් මිලියන 673ක පමණ ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළී ඇති බව වාර්තා වේ. දකුණු ආසියාවේ මන්දපෝෂණ අනුපාතය 2022 දී පැවැති 7.9% සිට 2024 වන විට 6.7% දක්වා පහත වැටී තිබේ. එය සැබෑ ප්රගතියක් පෙන්නුම් කළ ද, බිලියන දෙකකට ආසන්න ජනගහනයක් වෙසෙන මෙම කලාපයේ තවමත් ප්රමාණවත් තරම් ආහාර නොමැත. එසේම බොහෝ පවුල්වලට දැරිය හැකි මිලකට පෝෂ්යදායී ආහාර ලබා ගැනීම දෛනික ගැටලුවක් බවට පත්ව තිබේ.
සත්ව ප්රෝටීන මඟින් ඉතා සුළු ආහාර ප්රමාණයකින් ශරීරයට අත්යවශ්ය පෝෂ්ය පදාර්ථ රැසක් ලබාගත හැකිය. අඩු ආදායම්ලාභී පවුල්වලට ඉතා පහසුවෙන් සපයා ගත හැකි පෝෂ්යදායී ආහාර අතර කුකුළු මස් සහ බිත්තරවලට වැදගත් ස්ථානයක් හිමි වේ. එබැවින්, කුකුළු මස් නිෂ්පාදන ක්රියාවලියේ වැදගත්කම ගොවිපළකට පමණක් සීමා නොවේ. එසේනම්, මෙහිදී වැදගත් වන්නේ වෙළෙඳපොළට කොපමණ ආහාර ප්රමාණයක් සැපයෙන්නේ ද පමණක් නොව, එම ආහාරවල ගුණාත්මකභාවය සහ සතුන් රැකබලාගන්නේ කෙසේද යන්නයි.
ශ්රී ලංකාවේ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන ක්ෂේත්රය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ (DAPH) දත්තවලට අනුව, කුකුළු මස් නිෂ්පාදනය 2023 දී මෙට්රික් ටොන් 236,110 සිට 2024 දී මෙට්රික් ටොන් 258,540 දක්වා ඉහළ ගොස් ඇත. එම කාලය තුළම බිත්තර නිෂ්පාදනය ද මිලියන 2,044 සිට මිලියන 2,953 දක්වා වර්ධනය වී තිබේ.මෙලෙස නිෂ්පාදන ප්රමාණය ඉහළ යාම ධනාත්මක ප්රවණතාවක් පෙන්නුම් කළද, එය පමණක් පදනම් කරගෙන කර්මාන්තයේ නිෂ්පාදන ක්රියාවලියේ අඛණ්ඩතාව, විශ්වසනීයත්වය සහ ආහාර නිෂ්පාදනයේ දී අනුගමනය කරන ක්රමවේද පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹිය නොහැක.
නවෝත්පාදනයේ මුල් පියවර සත්ව පෝෂණයයි
ම සංඛ්යාලේඛනවල පදනම වන්නේ සත්ත්ව ආහාරයයි. 2022 වසරේදී ප්රකාශයට පත් කරන ලද රජයේ ඇස්තමේන්තුවලට අනුව, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා වාර්ෂිකව අවශ්ය බඩඉරිඟු ප්රමාණය මෙට්රික් ටොන් 700,000කි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2024 වසරේ දී යල හා මහ කන්න දෙකෙහිම මෙරට බඩඉරිඟු නිෂ්පාදනය මෙට්රික් ටොන් 223,497ක් ලෙස දක්වා තිබේ. සත්ව ආහාර සඳහා පවතින ඉහළ ඉල්ලුමට සාපේක්ෂව මෙම දේශීය නිෂ්පාදනය ප්රමාණවත් නොවීම හේතුවෙන්, අවශ්යතාවයෙන් වැඩි කොටසක් සපුරා ගැනීමට ආනයන මත යැපීමට සිදුවේ. ඒ අනුව ආනයන ක්රියාවලිය සඳහා ගතවන කාලය, බලපත්ර ලබාගැනීමේ ක්රියාවලිය සහ ඒ සඳහා දැරීමට සිදුවන පිරිවැය යන කරුණු, ගොවීන් සත්ව ආහාර බෑගයක් සඳහා ගෙවන මිලට මෙන්ම පාරිභෝගිකයන් කුකුළු මස් කිලෝග්රෑමයක් සඳහා ගෙවන මිලට ද සෘජුවම බලපායි.
කුකුළු මස් නිෂ්පාදන ක්ෂේත්රයේ නවෝත්පාදනයේ සාර්ථකත්වය බොහෝ විට තීරණය වන්නේ නිෂ්පාදන වේගය සහ පිරිවැය මතය. නමුත්, එම නවෝත්පාදනයේ සාර්ථකත්වය තීරණය කිරීමේ දී සතුන්ට ලබාදෙන ආහාරවල ගුණාත්මකභාවය ද සැලකිල්ලට ගත යුතු බව අපගේ විශ්වාසයයි. නිව් ඇන්තනීස් ෆාම්ස් විසින් සතුන් ඇතිදැඩි කරනු ලබන්නේ ප්රතිජීවක (Antibiotics) භාවිතයෙන් තොරව වන අතර එම තීරණය නිසා අපගේ කණ්ඩායමට සතුන් වෙසෙන ස්ථාන, ජෛව ආරක්ෂණය සහ පෝෂණය කෙරෙහි වැඩි වෙහෙසක් දැරීමට සිදු වී තිබේ. එය සාම්ප්රදායික ක්රමයට වඩා වැඩි කාලයක් සහ කැපවීමක් දැරීමට සිදු වන ක්රියාවලියකි. තවද, ලෝක සෞඛ්ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්යයට එල්ල වන බරපතළ තර්ජනයක් ලෙස හඳුනාගෙන ඇති ක්ෂුද්රජීවී නාශක ඖෂධවලට එරෙහි ප්රතිරෝධය (Antimicrobial Resistance – AMR) හේතුවෙන් මහජන සෞඛ්ය පද්ධතියට එල්ල වන බලපෑම අවම කිරීමට ද මෙය උපකාරී වේ.
ඒ සඳහා වන පළමු පියවර තැබිය යුත්තේ සත්ව ආහාරවලිනි. අපගේ “Anthoney’s Feeds” සත්ව ආහාර නිෂ්පාදනයේ ක්රියාවලිය සහ ගුණාත්මකභාවය පිළිබඳ සංකල්පයේ මූලික පදනමයි. 2023 දී U.S. Soy Sustainability Assurance Protocol යටතේ සහතික කරන ලද, “Sustainable U.S. Soy” ලේබලය භාවිත කිරීමේ අයිතිය සමාගමට හිමි වූ අතර, ශ්රී ලංකාවේ අනෙකුත් නිෂ්පාදකයන් සහ සත්ව ආහාර නිෂ්පාදකයන් කිහිපදෙනෙකු ද මේ වන විට එම ප්රමිතිය අනුගමනය කරයි. ලේබලයක සැබෑ වටිනාකම තීරණය වන්නේ එය කෙරෙහි තැබිය හැකි විශ්වාසය මතය. ඒ නිසා, අපි එය හුදෙක් ප්රදර්ශනයට භාවිත කරන සලකුණක් ලෙස නොව, අඛණ්ඩව අඛණ්ඩ පරීක්ෂාව හා තහවුරු කිරීම තුළින් රැකගත යුතු වගකීමක් ලෙස අපි සලකමු.
නවෝත්පාදනයේ කොටස්කරුවෙකු වීමේ අවස්ථාව ගොවියාට ද හිමි විය යුතුය
නවෝත්පාදනය යනු නව විසඳුම් හඳුන්වා දීම පමණක් නොව, ඒ සඳහා දායක වීමට අවස්ථාව හිමිවන්නේ කාටද යන්න තීරණය මතයි. කොන්ත්රාත් ක්රමය සහ බාහිර වගාකරුවන්ගේ සහභාගීත්ව හරහා නිව් ඇන්තනීස් හි සමස්ත නිෂ්පාදනයෙන් 40%කට ආසන්න ප්රමාණයක් සපයන්නේ කුඩා පරිමාණ ගොවීන් විසිනි. කුඩා පරිමාණයේ ගොවියෙකුට තම නිෂ්පාදන මිලදී ගැනීමට නිශ්චිත ගැනුම්කරුවෙකු සිටීම, පැහැදිලිව එකඟ වූ කොන්දේසි යටතේ කටයුතු කිරීමට හැකි වීම සහ ජෛව ආරක්ෂණය හා රංචු කළමනාකරණය පිළිබඳ තාක්ෂණික මඟපෙන්වීම ලැබීම, නව නිවාස පද්ධතියක් හඳුන්වා දීමට වඩා වැදගත් වේ. මෙවැනි අභියෝගාත්මක වසරක දී වුවද, මෙම සහාය ගොවි පවුලකට ඉදිරි සැලසුම් සකස් කිරීමට, ආයෝජන සිදු කිරීමට සහ ව්යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාමට මහත් සේ උපකාරී වේ.
එම ආකෘතිය මඟින් සමස්ත කර්මාන්තයම ආරක්ෂා කරගත හැකිය. සිය නිෂ්පාදන කාලසටහන නිසි පරිදි සැලසුම් කරගත හැකි ගොවියෙකු, සත්ව ආහාර මිල ඉහළ යාම හේතුවෙන් කර්මාන්තය අතහැර දැමීමට පෙළඹීමේ ඉඩකඩ ඉතා අඩුය. එමෙන්ම ස්ථාවර හවුල්කරුවන් මත පදනම් වූ සැපයුම් ජාලයක් නිරීක්ෂණය කිරීම, විගණනය කිරීම සහ විශ්වාසය තැබීම පහසු වන අතර සිය ලේබලය කෙරෙහි විශ්වාසය ගොඩනැඟීමට අපේක්ෂා කරන සමාගමකට, ඒවා අමතර ප්රතිලාභ නොව මූලික අත්යවශ්යතා වේ.
කලාපය පුරා කුකුළු මස් කර්මාන්තය ආනයනික සත්ව ආහාර අමුද්රව්ය මත රඳා පවතින බැවින්, ඒවායේ මිල වෙනස්වීම්වල බලපෑම රටකින් තවත් රටකට ද වේගයෙන් පැතිර යයි. මෙම අභියෝගයට තනි සමාගමකට පමණක් විසඳුම් සෙවිය නොහැක. නමුත් බොහෝ නිෂ්පාදකයන්ට අනුගමනය කළ හැකි ක්රියාමාර්ග හඳුනාගෙන ඒවා කර්මාන්තය පුරා ව්යාප්ත කිරීමේ හැකියාව පවතී. එනම්, සත්ව ආහාරවල අමුද්රව්ය හා ගුණාත්මකභාවය පිළිබඳ විනිවිදභාවය තහවුරු කිරීම, ප්රතිජීවක ඖෂධ වගකීම්සහගතව භාවිත කිරීම, ගොවීන්ට සාධාරණ කොන්දේසි සැලසීම සහ පාරිභෝගිකයන්ට නිවැරදි තොරතුරු ලබාදෙන ලේබල්කරණ ක්රමවේදයක් අනුගමනය කිරීමයි. එවැනි ප්රමිතීන් මත පදනම් වූ තරගකාරීත්වයක් ඇති වන්නේ නම්, අපි එය ඉතා අගය කරමු. මන්දයත්, විශ්වාසය මත ගොඩනැඟුණු කර්මාන්තයක් බිහි කිරීමෙන් අප ඇතුළු වෙළෙඳපොළේ සියලුම නිෂ්පාදකයන්ට ප්රතිලාභ අත්කරගත හැකි බැවිනි.
පසුගිය වසර කිහිපයට සාපේක්ෂව, වර්තමානයේ දී බොහෝ පාරිභෝගිකයෝ තමන් මිලදී ගන්නා නිෂ්පාදන පිළිබඳ වඩාත් ගැඹුරින් විමසා බැලීම සිදු කරයි. එනම්, “මේවා ලබාගෙන තිබෙන්නේ කොහෙන්ද?”, “මෙම සතුන්ට ලබාදී ඇත්තේ කුමන ආහාර ද?”, “ඔවුන්ගේ වර්ධනය වේගවත් කිරීම සඳහා යම් ද්රව්යයක් එක් කර තිබේ ද?” යන ප්රශ්න ඒ අතර වේ. මෙවැනි ප්රශ්න මතු කිරීම සාධාරණය. විශේෂයෙන්ම, සිය දරුවන් වෙනුවෙන් ආහාර මිලදී ගැනීමේදී එය තීරණ කරනු ලබන්නේ එවැනි ප්රශ්නවලට ලැබෙන පිළිතුරු සහ ඒ පිළිබඳව ඇති කරගන්නා විශ්වාසය මතය. එබැවින් හිස් වචනවලින් තොරව, පැහැදිලි වාර්තා සහිතව පිළිතුරු දිය හැකි නිෂ්පාදකයෙකුට, මිලෙන් පමණක් ලබාගත නොහැකි විශ්වාසදායක ස්ථානයක් වෙළෙඳපොළ තුළ හිමි වේ.
හෙට දවසේ පෝෂණය අද සිට අරඹමු
ලෝක ආහාර දිනය යනු ප්රතිඥා ලබාදීමට පහසු දිනයකි. වචනවලට සීමා නොවී, අපගේ ක්රියාවෙන්ම එය තහවුරු කිරීමට අපි කැමැත්තෙන් සිටින අතර ඒ සඳහා සතුන් ඇතිදැඩි කරන ආකාරය, ඔවුන්ට ලබාදෙන ආහාර, එම ආහාර සඳහා අමුද්රව්ය සපයා ගන්නා මූලාශ්ර සහ අපගේ සැපයුම් ජාලයට සම්බන්ධ ගොවීන් සංඛ්යාව පිළිබඳව විනිවිදභාවයකින් යුතුව තොරතුරු ඉදිරිපත් කිරීම අත්යවශ්ය වේ. එමෙන්ම, ප්රකාශයක විශ්වසනීයත්වය රඳා පවතින්නේ එය සනාථ කරන සාක්ෂි මත බව පිළිගනිමින්, අවශ්ය ඕනෑම පරීක්ෂාවකට මුහුණදීමට අප සූදානම්ව සිටිය යුතු ය.
“අද නවෝත්පාදනයෙන් හෙට දවස පෝෂණය කරමු” යන්න හුදෙක් එක් කර්මාන්තශාලාවක හෝ එක් නිෂ්පාදනයකට පමණක් සීමා වූ සටන් පාඨයක් නොවේ. එය සමස්ත කර්මාන්තයේම වගකීම සහ කැපවීම මැන බලන තීරණාත්මක සාධකයකි. ඉදිරි දශකය තුළ අප නිෂ්පාදනය කරන ආහාර පරිභෝජනය කරනු ඇත්තේ අදත් අප අතර ජීවත්වන ජනතාවයි. කොළඹ සහ ප්රාදේශීය නගරවල ජීවත් වන ජනතාවගේ සිට, සිය පවුලට දැරිය හැකි මිලකට පෝෂ්යදායී ආහාර වේලක් ලබාදීම සඳහා කුකුළු මස් තෝරාගන්නා පවුල් දක්වා,මෙම ආහාර පරිභෝජනය කරන ජනතාව සමාජයේ සෑම තරාතිරමකම නියෝජනය කරති. අනාගතයේදී යළිත් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වූ විටත් පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව රැකගැනීමට සමත් වන්නේ අද දවසේදීම වඩාත් අභියෝගාත්මක එහෙත් නිවැරදි මාවත තෝරාගන්නා නිෂ්පාදකයන්ය. ඒ සඳහා වඩාත් ගුණාත්මක සත්ව ආහාර භාවිත කිරීම, නිෂ්පාදන ක්රියාවලියේදී කෙටි මං අනුගමනය කිරීමෙන් වැළකීම, ගොවීන් සමඟ සාධාරණ හවුල්කාරිත්වයන් පවත්වාගෙන යාම සහ ඕනෑම පරීක්ෂාවකට මුහුණදිය හැකි විශ්වසනීය ලේබල්කරණ ක්රමවේද අනුගමනය කිරීම අත්යවශ්ය වේ. නිව් ඇන්තනීස් ෆාම්ස් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන අතර, මෙම ප්රයත්නයට සමස්ත කර්මාන්තයම එක්වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.


