ජාතික විශ්‍රාමික දිනයට සමඟාමීව DFCC බැංකුවේ ‘ගරුසරු’ මූල්‍ය සේවාව මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමික ප්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතාවයන්ට ශක්තිමත් අත්වැලක්

DFCC Garusaru-Sinhala (LBN)

දශක ගණනාවක් පුරා රටේ සංවර්ධනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ශ්‍රී ලාංකේය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇගයීමට ලක් කරමින්, මෙවර විශ්‍රාමික දිනය නිමිත්තෙන් DFCC බැංකුව සිය උණුසුම් කෘතවේදී ප්‍රණාමය පුදකර සිටියි. රාජ්‍ය සේවයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි නිරත වෙමින් ලබාදුන් විශිෂ්ට දායකත්වයට අමතරව, විශ්‍රාම දිවියට එළඹීමෙන් පසුවද තම පවුලට, දරු මුනුබුරන්ගේ අනාගතයට සහ සමස්ත සමාජයට මගපෙන්වමින් ඉටුකරන අතිමහත් කාර්යභාරය බැංකුවේ විශේෂ ඇගයීමට ලක්වේ.



විශ්‍රාම ගැන්වීමත් සමග පුද්ගලයකුගේ මූල්‍යමය වගකීම් අවසන් නොවේ. සෞඛ්‍යාරක්ෂණය සහ වෛද්‍ය අවශ්‍යතා, නිවාස ප්‍රතිසංස්කරණ, පවුලේ අත්‍යවශ්‍ය කටයුතු, පුද්ගලික බලාපොරොත්තු මෙන්ම ඊළඟ පරම්පරාවේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් අතහිත දීම වැනි විවිධ මූල්‍ය අවශ්‍යතාවලට විශ්‍රාම දිවියේදී ද මුහුණදීමට සිදුවේ. මෙවැනි අවශ්‍යතාවලදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ශක්තියක් වෙමින් ඔවුන්ගේ මූල්‍ය ස්වාධීනත්වය සහ අභිමානය සුරක්ෂිත කිරීම ‘DFCC ගරුසරු’ මූල්‍ය සේවාවේ ප්‍රධාන අරමුණයි.

DFCC ගරුසරු මූල්‍ය සේවාව යටතේ සුදුසුකම් ලබන විශ්‍රාමිකයන් සඳහා රුපියල් 100,000 සිට රුපියල් ලක්ෂ 120 දක්වා වන ණය මුදල් ලබාගත හැකි අතර, එය ආපසු ගෙවීම සඳහා වසර 15 දක්වා වූ නම්‍යශීලී කාලසීමාවක් හිමිවේ.

මෙම ණය පහසුකම සඳහා රාජ්‍ය විශ්‍රාමිකයන්, රාජ්‍ය විශ්‍රාම වැටුප් ලබන වැන්දඹු හා අනත්දරු විශ්‍රාමිකයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමිකයන් මෙන්ම සුදුසුකම් ලත් හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද සුදුසුකම් ලබයි.

ලබාගත හැකි ණය මුදල සහ ආපසු ගෙවීමේ කාලසීමාව අයදුම්කරුගේ වයස, ආපසු ගෙවීමේ හැකියාව සහ DFCC බැංකුවේ ණය ප්‍රතිපත්ති සහ අනෙකුන් රෙගුලාසි මත තීරණය වේ. මෙහිදී අයදුම්කරුගේ වයස අවුරුදු 75 සම්පූර්ණ වීමට පෙර සම්පූර්ණ ණය මුදල ආපසු ගෙවා නිමකළ යුතු වේ.

එසේම, 2016 වසරෙන් පසුව විශ්‍රාම ගොස් අදාළ රාජ්‍ය අධිකාරීන් වෙත ඇඟිලි සලකුණු ලියාපදිංචි කර ඇති සුදුසුකම්ලත් රාජ්‍ය විශ්‍රාමිකයන් හට, ඔවුන්ගේ වාර්ෂික ‘ජීව දත්ත සහතිකය’ (Life Certificate) වෙනුවෙන් ඇඟිලි සලකුණු මගින් අනන්‍යතාව තහවුරු කිරීමේ (Fingerprint authentication) පහසුකම දිවයින පුරා පිහිටි DFCC බැංකු ශාඛා 50 කදී ලබාදී තිබීම තවත් විශේෂත්වයකි.

DFCC ගරුසරු ඇතුළු සේවාවන් රැසක් හරහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමටත්, ඔවුන්ගේ අනාගත අභිලාෂයන් සැබෑ කරගැනීමටත් සහය වීම DFCC බැංකුවේ අරමුණයි.

මෙම ණය පහසුකම සඳහා වන සුදුසුකම්, කොන්දේසි සහ අයදුම් කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ‘DFCC ගරුසරු විශ්‍රාම ණය’ නිල වෙබ් පිටුවෙන් මෙන්ම අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0112 350000 අමතා හෝ ඕනෑම DFCC බැංකු ශාඛාවකට පිවිසීමෙන් ලබාගත හැකිය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව