
ගෝලීය සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Sophos සමාගම, සිය Sophos Managed Risk සේවා පද්ධතියට ඇතුළත් කළ හැකි Exploit Path Verification (EPV) තාක්ෂණික ධාරිතාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙමඟින් ආයතනයක පරිගණක පද්ධති තුළ පවතින සයිබර් අවදානම් සහ දුර්වලතා වඩාත් නිවැරදිව හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමට ආරක්ෂක කණ්ඩායම්වලට ඉහළ සහායක් හිමිවේ. මෙම සුවිශේෂී පද්ධතිය ගොඩනඟා ඇත්තේ OpenAI සමාගමේ GPT කෘතිම බුද්ධි සයිබර් මාදිලි සහ Daybreak Defense Network ජාලය ඒකාබද්ධ කිරීමෙනි
වර්තමාන සයිබර් ආරක්ෂණ කණ්ඩායම් තමන්ට සොයාගත හැකි සයිබර් සිදුරු (vulnerabilitie) ප්‍රමාණය සහ ඒවායින් සැබවින්ම පිළියම් යෙදිය හැකි ප්‍රමාණය අතර පවතින දැඩි තාක්ෂණික පරතරයට මුහුණ දෙමින් සිටිති. සාමාන්‍ය ස්කෑනර් මඟින් පද්ධතියක පවතින දහස් ගණනක් දුර්වලතා සහ ඒවායේ බරපතලකම පෙන්වා දුන්නද, එම දෝෂය වළක්වන වෙනත් ආරක්ෂක පියවරක් තිබේද යන්න ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට ඒවාට නොහැක. සයිබර් ප්‍රහාරකයෙකුට පද්ධතියම බිඳදැමීමට මඟ පාදන ප්‍රබල ප්‍රහාරක සාධකයක් නිර්මාණය කරන ආකාරය සාමාන්‍ය පද්ධතිවලට හඳුනාගත නොහැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සයිබර් ප්‍රහාරකයෙකුට තමන්ගේ ආයතනික වටපිටාව තුළ එම සිදුරට සැබවින්ම ළඟා විය හැකිද යන්න සොයා බැලීමකින් තොරව, හුදෙක් සාමාන්‍ය ලකුණු මට්ටම් මත පමණක් පදනම්ව සිදුරු වැසීමට ආරක්ෂක කණ්ඩායම්වලට සිදුව තිබේ.
Sophos සමාගම සිය නවතම EPV තාක්ෂණය නිර්මාණය කරන්නේ ඉහත කී ප්‍රධාන ආරක්ෂක පරතරය සම්පූර්ණයෙන්ම පියවා දැමීම සඳහාය. මෙම පද්ධතිය මඟින් ආයතනයක පවතින පරිගණක උපාංග, මෘදුකාංග යාවත්කාලීන කිරීම් පරිශීලක අනන්‍යතාවයන් සහ වරප්‍රසාද මට්ටම්, ජාල සම්බන්ධතා ප්‍රවේශයන් මෙන්ම දැනට ලෝකයේ පවතින සයිබර් ප්‍රහාරක ක්‍රමවේදයන් යන සියල්ලම එකවර විධිමත් ලෙස විශ්ලේෂණය කරනු ලබයි.
මෙම EPV පද්ධතිය මෘදුකාංග සිදුරු තනි තනිව පරීක්ෂා කරනවාට වඩා එහා ගිය ඉහළ තාක්ෂණික මෙහෙයුම් රැසක් ස්වයංක්‍රීයව සිදුකරනු ලබයි.


