Vision AI තාක්ෂණයෙන් යුත් නවතම Samsung Mini LED TV ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Samsung_LOGO-1

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ ගෘහස්ත විනෝදාස්වාදයට නව අරුතක් එක් කරමින් ඉහළ තිර තාක්ෂණයකින්, Vision AI විශේෂාංගයන්ගෙන්, ආකර්ෂණීය ශබ්ද රටාවන්ගෙන් හා නවීන gaming හැකියාවන්ගෙන් යුත් සිය නවතම Mini LED TV නිෂ්පාදන පෙළ නිල වශයෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී.

Samsung සමාගමේ ඉහළම රූප රාමු ගුණාත්මකභාවය, ශබ්ද පාලනය සහ ස්මාර්ට් සන්නිවේදන පහසුකම්, නවීන නිවාසවලට ගැළපෙන දැවැන්ත තිර ප්‍රමාණයන් සමඟින් හඳුන්වා දෙන මෙම Mini LED නිෂ්පාදන පෙල එදිනෙදා රසාස්වාදයේ චමත්කාරය ඔබ වෙත පහසුවෙන් අත්කර දෙනු නිසැකය.




මෙම නවතම රූපවාහිනී මාදිලි එකතුවට ප්‍රධාන වශයෙන් සුවිසල් තිර ප්‍රමාණ දෙකක් ඇතුළත් වේ.

Mini LED හා Vision AI තාක්ෂණයන්ගෙන් සමන්විත මෙම නිෂ්පාදනයන්ගෙන් අඟල් 75ක UA75M70HARXSG මාදිලිය රුපියල් 649,999ක මිලකටත්, අඟල් 85ක තිරය සහිත UA85M70HARXSG මාදිලිය රුපියල් 839,999ක මිලකටත් දැන් ඔබට මිලදී ගත හැකිය. ඒ නිසාම නිවසේ සිට සිනමා ශාලාවක අත්දැකීමක් උරුම කර ගැනීමට ඔබට හැකි වනු නිසැකය.

මෙම රූපවාහිනී නිෂ්පාදන පෙලෙහි විශේෂම සාධකය වන්නේ NQ4 AI Gen2 ප්‍රොසෙසරයයි. රූපවාහිනී තිරයේ දර්ශන සහ ශබ්ද රටාවන් ස්වයංක්‍රීයව විශ්ලේෂණය කරමින් එය නරඹන්නාට සහ පරිසරයට ගැලපෙන අයුරින් උසස් තත්වයෙන් යුතුව ඇස් ඉදිරිපිටට ගෙන ඒමට ඊට හැකියාව ඇත. ඒ නිසාම සුපැහැදිලි හා වඩාත් ගුණාත්මක රූප රටාවන් අත්විඳීමට ඔවුන්ට හැකි වේ.

Samsung හි දියුණු Mini LED තාක්ෂණය මඟින් ආලෝකය ඉතාමත් නිවැරදිව පාලනය කරමින් රූප රාමුවල වෙනස්වීමේ පරාසය විශාල ලෙස ඉහළ නංවයි. මෙහි ඇති වඩාත්ම නිවැරදි lighting control (ආලෝක පාලන) පද්ධතිය හේතුවෙන්, නරඹන්නන්ට ඉතාමත් තද කළු පැහැය මෙන්ම ඉතාමත් දීප්තිමත් ආලෝකයන්ද සැබෑ ලෙසම විඳ ගැනීමට හැකි වේ. තවද මෙහි ඇති Pure Spectrum තාක්ෂණය හරහා, සැබෑ ලෝකයේ පවතින වර්ණ ඒ අයුරින්ම ඉතාමත් සජීවීව තිරය මත ප්‍රතිනිර්මාණය කරනු ලබයි.

මෙම නවතම රූපවාහිනී මාදිලි එකතුවට, නරඹන්නන්ගේ දෘශ්‍ය සහ ශ්‍රව්‍ය අත්දැකීම ස්වයංක්‍රීයවම ඉහළ නැංවීම සඳහා නිර්මාණය කරන ලද AI-powered විශේෂාංගයන් හේතුවෙන් අවම ගුණාත්මකභාවයෙන් යුත් රූප රාමු ඉහළ ගුණාත්මක තත්වයට පත් කිරීමට හැකි වන අතර සංගීතය, පසුබිම් ශබ්ද තිබියදී පවා වැඩසටහන්වල දෙබස් ඉතා පැහැදිලිව ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමට සමත් වේ.

වඩාත් ඉක්මණින් ප්‍රතිචාර දක්වන සහ සුවපහසු gaming අත්දැකීමක්  අපේක්ෂා කරන පාරිභෝගිකයන් වෙනුවෙන්, Samsung Mini LED TV සතු Variable Refresh Rate (VRR) සහ Auto Low Latency Mode (ALLM) ඇතුළු අතිනවීන තාක්ෂණයන් රැසක් මීට ඇතුළත් කර ඇත.

ඉහළ රූපරාමු ගුණාත්මකභාවයට සහ ඉහළ කාර්යසාධනයට අමතරව, මෙම නව Mini LED TV නිෂ්පාදන පෙල ඉතාමත් සිහින් සහ ආකර්ෂණීය නිමාවකින් යුතුව නිර්මාණය කර තිබීම තුලින් ආලින්දයට මනා පෙනුමක් එක් වන්නේ නිරායාසයෙනි.

මෙම නිෂ්පාදන පෙලෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ Dolby Vision සහ Dolby Atmos විශේෂාංගයන්ය. සිනමා පටයක ආකාරයේ සුපැහැදිලි හා ආකර්ෂණීය රූප රාමු හා ශබ්ද රටාවන් තුලින් ප්‍රේක්ෂකයා වෙත නවමු අත්දැකීමක් ලබා දීමට එම විශේෂාංගයන් හේතු වේ.

මෙම නවතම නිෂ්පාදන දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල Samsung හි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික අංශයේ අධ්‍යක්ෂ/ප්‍රධානී Sabry Ansar මහතා සඳහන් කර සිටියේ “Samsung ආයතනය ලෙස අප සැමවිටම ලෝක මට්ටමේ ඉහළම තාක්ෂණික නවෝත්පාදනයන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට කටයුතු කරනවා. අපගේ නවතම Mini LED රූපවාහිනී නිෂ්පාදන පෙල තුලින් ආකර්ෂණීය රූපරාමු ගුණාත්මකභාවයක්, කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක විශේෂාංග, මනා ශබ්ද රටා සහ gaming හැකියාවන් හරහා පාරිභෝගික විනෝදාස්වාදය ඉහළම තලයකට ඔසවා තැබීමට අපි බලාපොරොත්තු වෙනවා. පාරිභෝගික ජීවන රටාවන් නිරන්තරයෙන් වෙනස් වන වටපිටාවක ජනතාව රූපවාහිනිය නරඹන, gaming කරන සහ ජීවත්වන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන සුවිශේෂී ස්මාර්ට් අත්දැකීම් නිර්මාණය කිරීමට අප සැමවිටම කටයුතු කරනවා.” යනුවෙනි.

ජාත්‍යන්තර තත්වයේ උසස් නිෂ්පාදන හා තාක්ෂණය මෙරට පාරිභෝගිකයින් වෙත ගෙන ඒම වෙනුවෙන් Samsung හි කැපවීම මනාව ප්‍රදර්ශනය කරන මෙම නවතම රූපවාහිනී නිෂ්පාදන පෙල අති නවීන තිර තාක්ෂණය, කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන පෞද්ගලීකරණය සහ එකිනෙකට සම්බන්ධ වූ ස්මාර්ට් ජීවන රටාවන් එකට මුසු කරමින් ගෘහීය තාක්ෂණයන් තවදුරටත් සංවර්ධනය කරයි.

දිවයින පුරා පිහිටි Samsung බට හි බලයලත් අලෙවි නියෝජිතයින්ගෙන් මෙන්ම Singer Sri Lanka, Singhagiri  සහ Damro ප්‍රදර්ශනාගාර තුලින් මෙම නවතම රූපවාහිනී නිෂ්පාදන පෙල මිලදී ගත හැකිය. තෝරාගත් අලෙවිසැල් තුලදී විශේෂ දීමනා සහ වට්ටම් හිමිකර ගැනීමටද හැකි වන අතර තමන්ගේ ගෙවීමේ හැකියාවන්ට අනුව පහසු ගෙවීමේ ක්‍රමයටද Mini LED රූපවාහිනියක් නිවසට ගෙන යා හැකිය. මෙම සියලුම පහසුකම් අදාළ ආයතනවල නියමයන් සහ කොන්දේසිවලට අදාල වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව