HUTCH සමාගම, ශ්‍රී ලංකාවේ අලෙවිකරණ සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය ඇගයීම උදෙසා SLIM සමඟ අත්වැල් බැඳගනියි

Image (1)

HUTCH සමාගම, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ හවුල්කාරිත්වයකට එළඹෙමින්, මෙරට ප්‍රමුඛතම ඇගයීම් සහ සම්මාන උළෙලවල් 04ක් සඳහා දායකත්වය ලබාදීමට කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව, විකුණුම් කුසලතා අගයන National Sales Awards, ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනයන් අගයන SLIM Digi Awards, සාර්ථක සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් උදෙසා පිරිනැමෙන SME Development Awards, සහ උපායමාර්ගික අලෙවිකරණ සාර්ථකත්වය අගයන Effie Awards සඳහා HUTCH සමාගම සිය අනුග්‍රාහයකත්වය ලබාදෙනු ඇත. අලෙවිකරණයේ හොඳම භාවිතයන් සහ ශක්තිමත් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීම තුළ දේශීය ව්‍යාපාරවල ආදායම් ඉහළ නැංවීම සඳහා සහාය වීමට HUTCH හි ඇති කැපවීම මෙම හවුල්කාරිත්වය තුළින් මනාව පිළිඹිඹු වේ.




ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන SLIM, සිය ජාතික මට්ටමේ වැඩසටහන් හරහා ව්‍යාපාරික නායකයන්, අලෙවිකරුවන්, විකුණුම් වෘත්තිකයන්, ව්‍යවසායකයන්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම ආයතනික තීරණ ගැනීමේ බලධාරීන් ඇතුළු විශාල වෘත්තීය ප්‍රජාවක් එකම වේදිකාවක් වෙතට එක්රැස්  කරයි.

එමෙන්ම SLIM සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා HUTCH, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වන පුද්ගලයින් සහ ව්‍යාපාර සවිබල ගන්වමින්, ඔවුන්ගේ සාර්ථකත්වයන් ඇගයීමට ලක් කරයි. ඒ හරහා විකුණුම් හා අලෙවිකරණ ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය මෙන්ම ව්‍යවසායකත්වයේ විශිෂ්ටත්වය හඳුනා ගනිමින් එම ක්ෂේත්‍රවල සුවිශේෂී දායකත්වයන් සඳහා නිසි පිළිගැනීමක් ලබාදීමට HUTCH කැපවී සිටියි.

ලොව පිළිගත් ‘Fortune 500’ සමාගමක් වන CK Hutchison Holdings සමූහයට අනුබද්ධිත HUTCH සමාගම විශාල, කුඩා මෙන්ම ආරම්භක ව්‍යාපාර සඳහා පහසුවෙන් ලබාගත හැකි, පිරිවැය-කාර්යක්ෂම ආයතනික විසඳුම් ලබා දීමේ ආයතනික ප්‍රමුඛයෙකි. ඒ හරහා සෑම ව්‍යාපාරයකටම ඩිජිටල් සහ ව්‍යාපාරික වර්ධන ගමනේ ඉදිරියට යාමට සමාන අවස්ථා ලබා දෙමින්, සියලු දෙනා සවිබල ගැන්වීම HUTCH හි ප්‍රධාන අරමුණයි.

මේ පිළිබද අදහස් දක්වමින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) උත්සව සහ තිරසාරත්වය පිළිබඳ උප සභාපති රජීව් ඩේවිඩ් මහතා ප්‍රකාශ කර සිටියේ, “තාක්ෂණය සහ ඩිජිටල් නවෝත්පාදනයන් සමඟ ඉදිරියට යන විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් ඔබ්බට සිය ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පුළුල් කරන සන්නාමයක් වන HUTCH සමඟ අත්වැල්  බැඳගැනීමට ලැබීම ගැන ඔවුන් බෙහෙවින් සතුටු වන බවයි. එමෙන්ම දැනුම, නවෝත්පාදනය සහ නව වර්ධන අවස්ථා සඳහා ඇති ප්‍රවේශයන් තවත් ඉදිරියට ගෙන යමින් ව්‍යාපාර, අලෙවිකරුවන් සහ ව්‍යවසායකයන් නංවාලීමට අප දෙපාර්ශ්වයේම ඇති පොදු කැපවීම මෙම හවුල්කාරිත්වය තුළින් මනාව පිළිඹිඹු වන බව ද ඔහු පෙන්වා දුනි.”

මෙහිදී HUTCH සමාගමෙහි ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා අවධාරණය කළේ,  “සැබෑ සන්නාම නායකත්වයක් ගොඩනැඟෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙනයන ජනතාව සහ ව්‍යාපාර බලගැන්වීමෙන් බවයි . ඒ අනුව SLIM සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරිත්වය මගින් රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය හැඩගස්වන වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් සමඟ අත්වැල් බැඳගනිමින් විශාල ජයග්‍රහණ කරා ගමන් කිරීමට  අවස්ථාව ලැබෙන බව ඔහු කියා සිටියි.”




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව