ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ‘Scale Up 2.0 – 2026 ජාතික කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායක සමුළුවේ’ උපායමාර්ගික හවුල්කරු ලෙස එක් වේ

WhatsApp Image 2026-08-13 at 13.03.16 (3)

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලැබූ ජාතික මට්ටමේ වේදිකාවක් වන, ‘Scale Up 2.0 – 2026 ජාතික කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායක සමුළුවේ’ උපායමාර්ගික හවුල්කරු ලෙස සාඩම්බරව එක්විය. මෙම සමුළුව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ග්‍රෑන්ඩ් මාර්කි පරිශ්‍රයේදී පසුගිය අගෝස්තු 11 වන දින වර්ණවත් අයුරින් පැවැත්විණි.

මෙම සමුළුව ‘එකමතු බව, තරගකාරී බව සහ වර්ධනය සඳහා සූදානම’ යන තේමා පාඨය යටතේ පැවැති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) ක්ෂේත්‍රය නියෝජනය කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්, ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයෝජකයින් සහ අනාගත ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු පාර්ශවයන් සහභාගී විය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ වර්ධනයට හා සංවර්ධනය සඳහා සහාය වීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වූ අතර, ක්ෂේත්‍රය පිළිබඳ නව දැනුම හා අවබෝධය ලබාගැනීම, තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සබඳතා ගොඩනගා ගැනීම, නව වෙළෙඳපොළ අවස්ථා සොයා බැලීම සහ ව්‍යාපාරික හවුල්කරුවන් හඳුනාගැනීමට මේ සඳහා සහභාගී වන්නන්ට අවස්ථාව හිමි විය.




ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අඛණ්ඩව පුළුල් කරමින්, වර්ධනය කරා ලඟා වීමේදී එම ව්‍යාපාරික මෙහෙයුම් ආරක්ෂා කර ගැනීම ව්‍යාපාරික වර්ධනය ඉදිරියට ගෙන යාම හා සමානවම වැදගත් වේ. පූර්ව අවදානම් කළමනාකරණය සහ පුළුල් රක්ෂණයක සුරක්ෂිත බව, ව්‍යාපාරික කටයුතුවල තිරසර සාර්ථකත්වය සඳහා අවශ්‍ය ශක්තිමත් පදනම සලසා දෙනු ලබයි.

Scale Up 2.0 සමුළුව සඳහා SLIC General හි සහභාගීත්වය තුළින් මෙරට ව්‍යවසායකයින් සහ ව්‍යාපාරික නායකයින් සමඟ සෘජුව සම්බන්ධ වෙමින්, ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සහ අභියෝග පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසිණි. තවද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂයෙන් සකස් කළ සාමාන්‍ය රක්ෂණ විසඳුම් පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමටද එය දායක විය. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය සඳහා සහාය වීම වෙනුවෙන් SLIC General විසින් දක්වනු ලබන පුළුල් කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමක් ලෙස මෙම සහභාගීත්වය පෙන්වාදිය හැකිය. සමුළුවේදී සමාගම විසින් අනුගමනය කළ ප්‍රවේශය උපදේශාත්මක ස්වභාවයකින් යුක්ත වූ අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ට තම ව්‍යාපාර මුහුණ දෙන අවදානම් තත්ත්වයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු විකල්ප ඇගයීමටද සහාය වීම එහි ප්‍රධාන අරමුණ විය.

බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි වර්ධනය මැන බලනු ලබන්නේ නව වෙළෙඳපොළවල්, නව හවුල්කාරිත්වයන් සහ නව අවස්ථා මත පදනම්වය. කෙසේ වෙතත්, අනපේක්ෂිත අභියෝග මතු වන අවස්ථාවලදී, පරිශ්‍රයන්, යන්ත්‍රෝපකරණ, වාහන සහ මානව සම්පත ඇතුළුව මේ වන විටත් ගොඩනඟා ඇති වත්කම් ආරක්ෂා කර ගැනීම කෙරෙහි යොමු වන අවධානය බොහෝ විට අවම වේ.

තවද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යාප්ත වන විට, ඔවුන්ට මුහුණ දීමට සිදුවන අවදානම් පරාසය ද පුළුල් වේ. දේපළ හානි, ගිනිගැනීම්, ස්වාභාවික ආපදා, අනතුරු, වාහන ආශ්‍රිත සිදුවීම්, වගකීම් සම්බන්ධ අවදානම්, ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇතිවන අපහසුතා මෙන්ම, අනපේක්ෂිත වෙනත් සිදුවීම් ද ඊට ඇතුළත් වේ.

පුළුල් රක්ෂණ ආවරණයක් මඟින් මෙවැනි අනපේක්ෂිත බාධා හේතුවෙන් ඇතිවන මූල්‍ය බලපෑම්වලට සාර්ථකව මුහුණ දෙමින්, ව්‍යාපාරික කටයුතු විශ්වාසයෙන් යුතුව අඛණ්ඩව පවත්වාගෙන යාමට ව්‍යාපාරවලට හැකියාව ලැබේ. එමඟින් එක් අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් දිගුකාලීන ව්‍යාපාරික ප්‍රගතිය අඩාල වීම වළක්වා ගත හැකිය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සාමාන්‍යයෙන් ව්‍යාපාරික පරිශ්‍ර, යන්ත්‍රෝපකරණ, උපකරණ, තොග සහ වාහන වැනි වත්කම් සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කරයි. මෙම වත්කම්වලට සිදුවිය හැකි අලාභ හා හානිදායක තත්ත්වයන් හේතුවෙන් ඇතිවන මූල්‍ය අවදානම අවම කරමින්, ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය ආරක්ෂාව රක්ෂණය මඟින් සපයනු ලබයි. ඕනෑම ව්‍යාපාරයක ප්‍රමාණය හෝ ක්ෂේත්‍රය කුමක් වුවත්, ඊට බද්ධ වූ අවදානමක් පවතී. එවැනි අවදානම් සිදුවීමකින් පසු ඊට ප්‍රතිචාර දක්වනවාට වඩා, එය කල්තියා හඳුනා ගැනීම මඟින් වඩාත් ඵලදායී ලෙස සූදානම් වීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට හැකියාව ලැබෙයි. යම් අනපේක්ෂිත සිදුවීමක් සිදු වූ විට, සුදුසු රක්ෂණ ආවරණයක් තිබීම මඟින් මූල්‍ය පීඩනයන් කළමනාකරණය කර ගැනීමට සහ ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වේ.

ව්‍යාපාරික වර්ධනයත් සමඟ වගකීම්ද පුළුල් වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැඩි සේවක පිරිසක් බඳවා ගන්නා විට, විශාල පාරිභෝගික පදනමකට සේවා සපයන විට සහ පුළුල් හවුල්කාර ජාලයන් සමඟ සම්බන්ධ වන විට, ඔවුන්ගේ වගකීම් සහ අනතුරු ආශ්‍රිත අවදානම ද ඉහළ යයි.

රක්ෂණය මෙම වගකීම් කළමනාකරණය කිරීමේදී සෘජු කාර්යභාරයක් ඉටු කරයි. එමෙන්ම, ව්‍යාපාර නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම, නව වත්කම් අත්පත් කර ගැනීම, සේවක පිරිස පුළුල් කිරීම හෝ ව්‍යාපාරික මෙහෙයුම් ව්‍යාප්ත කිරීමත් සමඟ ඔවුන් මුහුණ දෙන අවදානම් ස්වභාවය ද වෙනස් වේ. එබැවින්, ව්‍යාපාරයේ වර්ධනයට හා වෙනස් වන අවදානම් පරිසරයට සමගාමීව අනුවර්තනය වන සුදුසු රක්ෂණ ආරක්ෂාවක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

තරගකාරී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයක් ගොඩනැගීම සඳහා යහපත් ආර්ථික කාලවලදී සාර්ථක ලෙස වර්ධනය වන ව්‍යාපාර පමණක් නොව, අභියෝගාත්මක කාලවලදී මතුවන දුෂ්කරතාවන්ට සාර්ථකව මුහුණ දෙමින් අඛණ්ඩව පවත්වාගෙන යා හැකි ව්‍යාපාර ද අවශ්‍ය වේ. අවදානම් කළමනාකරණය සහ රක්ෂණ ආරක්ෂාව එවැනි ව්‍යාපාරික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන අත්‍යවශ්‍ය අංගයන් වේ.

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් වර්ධනය වන පසුබිමක, ව්‍යාපාරය වර්ධනය කිරීම මෙන්ම එහි ආරක්ෂාව තහවුරු කිරීම ද අතිශය වැදගත් වේ. Scale Up 2.0 සමුළුවට එක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නව වෙළෙඳපොළ අවස්ථා, හවුල්කාරීත්වයන්, තාක්ෂණික නවෝත්පාදන සහ ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කළහ. සෑම නව ව්‍යාපාරික අවස්ථාවක් සමඟම අවදානම් සහ වගකීම් ද බැඳී පවතින බව SLIC General අවධාරණය කළේය. සමුළුව සඳහා SLIC General හි සහභාගීත්වය තුළින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ට සක්‍රීය අවදානම් කළමනාකරණය ව්‍යාපාර වර්ධනයට බාධාවක් හෝ ඒ සඳහා තරගකාරී ප්‍රමුඛතාවක් ලෙස නොව, තිරසර වර්ධනය සඳහා උපායමාර්ගික ප්‍රවේශයක් ලෙස අවබෝධ කර දීම සඳහා සමාගම විසින් දක්වන අඛණ්ඩ කැපවීම මේ තුළින් තවදුරටත් ප්‍රදර්ශනය විය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව