
–අනාගත පරපුර උදෙසා සුරක්ෂිත විනෝදාස්වාදයේ නව මානයන් ගෙන එන PearlBay–
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ (David Pieris Group) සංකල්පයකට අනුව දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙමින් ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කර නිර්මාණය කර ඇති පර්ල් බේ (Pearl Bay), මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දිවයින පුරා විසිරී සිටින දූ දරුවන් වෙනුවෙන් විශේෂ කූපන් වැඩසටහනක් සංවිධානය කර තිබේ. ළමා කාලයේ නිදහස, සිනහව සහ සුන්දර මතකයන් සැමරීම අරමුණු කරගනිමින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන හරහා තේරී පත්වන දූ දරුවන් පිරිසකට තම පවුලේ සාමාජිකයන් සමඟ පැමිණ පර්ල් බේ (Pearl Bay)හි අසිරිය නොමිලේ විදගැනීමේ සුවිශේෂී අවස්ථාවක් හිමිකර දී තිබේ.
තරඟයට සහභාගී වීම සඳහා දිවයිනේ ජනප්‍රිය ළමා පුවත්පත්වල පළකර ඇති Pearl Bay තරඟ කූපනය සොයාගෙන, එහි දක්වා ඇති පර්ල් බේ (Pearl Bay) පිළිබඳ කෙටි ප්‍රශ්න 3ට නිවැරදි පිළිතුරු සපයා, පෞද්ගලික විස්තර සම්පූර්ණ කර එහි දක්වා ඇති දුරකතන අංකයට වට්සප් හරහා එවීමෙන්, ඊමේල් ලිපිනය හෝ තැපැල් ලිපිනයට ද යොමු කිරීමේ හැකියාව පවතී. මෙම කූපන් තරඟය හරහා ජයග්‍රාහී දරුවන් 75 දෙනෙකුට පර්ල් බේ (Pearl Bay) වෙතින් නොමිලේ ටිකට්පත් හිමිවන අතර, දෙමාපියන්ගේ ටිකට්පත් සදහා විශේෂ දීමනාවක් ලබා දෙනු ඇත. 2026 සැප්තැම්බර් 30 දිනෙන් මෙම කූපන් තරඟය අවසන් වේ.
බණ්ඩාරගම පිහිටි අක්කර 23ක භූමි භාගයක් පුරා ඉදිකර ඇති පර්ල් බේ (Pearl Bay) තුළ, SplashBay, SpeedBay, TargetBay, ArrowBay, WellnessBay, YumBay සහ Titan Restaurant යන අංගවලින් සමන්විත අතර, මෑතකදි නිර්මාණය කරන ලද සුවිශේෂී විවේකීය කලාපය ලෙස ChillBay හදුන්වාදිය හැක. පර්ල් බේ (Pearl Bay)හි එකවර 3,500කට වැඩි පිරිසකට පහසුවෙන් විනෝද විය හැකි ගෘහස්ථ (Indoor) සහ එළිමහන් (Outdoor) ඉඩ පහසුකම් ද මෙහි පවතී.
ඩේවිඩ් පීරිස් ලෙෂර් (පුද්ගලික) සමාගමේ විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ග්‍රිබ්සන් හපුකොටුව මහතා සිය අදහස් දක්වමින්, “මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් World Waterpark Assocation මඟින් පිළිගත් පර්ල් බේ (Pearl Bay) වෙත පැමිණෙන දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද උපරිම ආරක්ෂාව සහිතව ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අපගේ ‘ස්ප්ලෑෂ් බේ’ (Splash Bay) පරිශ්‍රයේ ඇති ජල තටාක සහ ස්ලයිඩර් හි ජලයේ pH අගය මෙන්ම ක්ලෝරින් මට්ටම දිනපතා නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙනවා. එමෙන්ම, ජාත්‍යන්තර TÜV Nord තත්ත්ව සහතිකය යටත් නිර්මාණය කර ඇති අපගේ ජල ක්‍රීඩාංගණය තුළ ඉහළම සෞඛ්‍ය හා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අමතක නොවන විනෝදාත්මක අත්දැකීමක් විඳගැනීමට සියලු දෙනාටම ආරාධනා කරනවා.” යනුවෙන් පවසා සිටියේය.
ඔහු තව දුරටත් අදහස් දක්වමින් ” පර්ල් බේ (Pearl Bay)හි SpeedBay Go-Karting ධාවන පථය, ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනයේ (FIA-CIK) ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කර ඇත. අන්තර්ජාතික මට්ටමේ Go-Karting තරඟ පැවැත්වීමේ හැකියාවද මෙහි පවතී. පර්ල් බේ (Pearl Bay)හි ප්‍රථමාධාර (First-Aid) පිළිබඳ විශේෂ පුහුණුව ලත් Lifeguards වරුන් මෙන්ම වෛද්‍ය සහ ගිලන්රථ සේවාවන් ද ක්‍රියාත්මක වේ” යැයි පවසා සිටියේය.
ආයතනික විනෝද චාරිකා, කණ්ඩායම් ක්‍රියාකාරකම්, උපන්දින සාද සහ විශේෂ උත්සව වෙනුවෙන් විශේෂිත පැකේජ හා ඉඩකඩ වෙන්කරවා ගැනීමේ පහසුව සමඟින්, දක්ෂිණ අධිවේගී මාර්ගයට ආසන්නව ඇති පර්ල් බේ වෙත කොලඹ සිට විනාඩි 30 කින් ළගා වීමේ හැකියාව ඇත. Online Booking පහසුකම හරහා සිය ප්‍රවේශ පත්‍ර කලින්ම වෙන්කරවා ගැනීමේ හැකියාව පවතී. පර්ල් බේ (Pearl Bay) මෙවර ලෝක ළමා දිනයේ දී ඩිජිටල් තිරවලින් මිදී පවුලේ සැම සමඟ සතුටින් කාලය ගතකිරීමට සියලුම දූ දරුවන්ට ආදරයෙන් ඇරයුම් කරයි.


