
John Keells Properties සමාගම සිය නවතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන Vauxhall DSTRCT සඳහා විකුණුම් ප්‍රදර්ශනාගාරය සහ ආදර්ශ නිවාසය විවෘත කර ඇති අතර, එමඟින් අනාගත ගැනුම්කරුවන්ට ව්‍යාපෘතිය සජීවීව දැකගැනීමට අවස්ථාව සලසා දෙයි. කොළඹ 02, වොක්ෂෝල් වීදියේ අංක 148 දැක්වෙන ස්ථානයේ පිහිටි මෙම නව මධ්‍යස්ථානය හරහා, කොළඹ නගරයේ ඉහළම ආකර්ෂණයක් දිනූ Vauxhall DSTRCT නේවාසික ව්‍යාපෘතියේ සැලසුම්, නිර්මාණකරණය සහ එහි ඇති ජීවන රටා පහසුකම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැක.
Vauxhall DSTRCT ආරම්භයේ සිටම ලැබුණු ඉහළ පාරිභෝගික ප්‍රතිචාරයත් සමඟ, එහි ඉදිරි දැක්ම ප්‍රායෝගික තලයට ගෙන ඒමේ සුවිශේෂී පියවරක් ලෙස මෙම විවෘත කිරීම හැඳින්විය හැක. ව්‍යාපෘතියට අනන්‍ය වූ උසස් ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව මැනවින් පිළිබිඹු කරන මෙම ආදර්ශ නිවාස ඒකකය, නූතන නාගරික ජීවිතයට අවශ්‍ය පහසුව සලසාදීමට සෑම නිවසක්ම සැලසුම් කර ඇති ආකාරය පැහැදිලිව දැකගැනීමට පැමිණෙන්නන්ට අවස්ථාව සලසයි.
මෙම විවෘත කිරීම පිළිබඳ අදහස් දක්වමින්, John Keells Holdings හි Property Group ප්‍රධාන වාණිජ නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය.
“Vauxhall DSTRCT විකුණුම් ප්‍රදර්ශනාගාරය සහ ආදර්ශ නිවාස ඒකකය මඟින්, සැලසුම් සහ රූපරාමුවලින් ඔබ්බට ගොස් ව්‍යාපෘතිය සජීවීව අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසනවා. නිවාසවල සැලසුම් රටාවේ සිට සෑම නිර්මාණාත්මක අංගයක්ම වඩාත් පහසු සහ තාක්ෂණයෙන් එකිනෙකට සම්බන්ධ වූ ජීවන රටාවකට පදනම දමන ආකාරය මෙයින් පැහැදිලි කෙරෙනවා. මෙය පාරිභෝගිකයන්ට තම මිලදී ගැනීමේ තීරණ නිවැරදිව ගැනීමටත්, නිෂ්පාදනය සමඟ සෘජුවම සම්බන්ධ වීමටත් ලැබෙන හොඳම අවස්ථාවක්.”
කොළඹ නගරයට ඉහළින් මහල් 60ක් දක්වා ඉදිවන Vauxhall DSTRCT, නිවාස 753කින් සමන්විත වන අතර, කොළඹ 02 නගර මධ්‍යයේ පිහිටි සුවිශේෂී ස්ථානයක සැලසුම් කර ඇත. එහි මධ්‍යගත පිහිටීම හරහා ප්‍රධාන වාණිජ, සංචාරක සහ විනෝදාස්වාද මධ්‍යස්ථාන වෙත පහසු සම්බන්ධතාවක් ලබා දෙයි. සුපිරි වෙළෙඳසැල්, සාප්පු සංකීර්ණ, විනෝදාස්වාද පහසුකම්, රෝහල්, බැංකු, පාසල් සහ ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථාන සියල්ල වෙත පහසුවෙන් ළඟා විය හැකි අයුරින් පිහිටා ඇත. මෙම ව්‍යාපෘතිය නිදන කාමර එකක්, දෙකක්, තුනක් සහ හතරක් සහිත මහල් නිවාසවලින් සමන්විත වන අතර, සම්පූර්ණ ජීවන අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා සොබාදහමෙන් අලංකෘත වූ උද්‍යාන, විනෝදාස්වාද අවකාශයන් සහ ඉහළම මහලේ (Rooftop) විවිධ පහසුකම්වලින්ද සමන්විත වේ.
තවද, Vauxhall DSTRCT යනු John Keells Properties සමාගමේ ස්මාර්ට් සහ එකිනෙකට සම්බන්ධිත නාගරික ජීවන රටාවක තවත් ඉදිරි පියවරකි. TRI-ZEN ව්‍යාපෘතිය හරහා ස්මාර්ට් තාක්ෂණයෙන් බලගැන්වුණු ජීවන රටාවක් හඳුන්වා දීමෙන් පසුව, මෙම ව්‍යාපෘතිය මගින් ද එදිනෙදා ජීවිතයට වැඩි පහසුවක් සහ කාර්යක්ෂමතාවයක් එක් කරමින් ස්මාර්ට් තාක්ෂණය නේවාසික අත්දැකීමට තවදුරටත් ඒකාබද්ධ කර ඇත. නවීන නාගරික දිවියට තාක්ෂණයෙන් ලැබෙන වටිනාකම මෙම ප්‍රවේශයෙන් මනාව පිළිබිඹු වන අතරම, තාක්ෂණය හා මනාව බද්ධ වූ ජීවන අත්දැකීමක් විඳගැනීමට මෙම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට මෙයින් අවස්ථාව උදා වේ.
මෙම විකුණුම් ප්‍රදර්ශනාගාරය සහ ආදර්ශ නිවාස ඒකකය මඟින්, අනාගත ගැනුම්කරුවන්ට මෙම විශේෂාංග සජීවීව අත්විඳීමට අවස්ථාව සැලසේ. එමෙන්ම, විධිමත් සැලසුම්කරණය, නූතන තාක්ෂණය සහ ඉඩකඩ භාවිතය එකිනෙකට එකතු වී Vauxhall DSTRCT හි ජීවන රටාව නිර්මාණය කරන අයුරු වඩාත් පැහැදිලිව වටහා ගැනීමට ද මෙයින් මඟපෑදේ.
Vauxhall DSTRCT – තවත් කොහේ යන්නද? (Why Go Anywhere?)
පසුගිය දශක දෙක තුළ කොළඹ නගරයේ මුහුණුවර වෙනස් කරමින්, මෙරට නූතන නේවාසික ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීමට John Keells Properties සමාගම සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ. Crescat City හි ‘Emperor’ සහ ‘Monarch’, ‘OnThree20’, ‘7th Sense’, ‘TRI-ZEN’, ‘City of Dreams Sri Lanka – Cinnamon Life’, ‘Viman’ මෙන්ම මහනුවර ‘Victoria Golf Resort’ හි පිහිටි සුවිශේෂී නිවාස ව්‍යාපෘති ඇතුළුව මෙරට වඩාත්ම සුවිශේෂී නිවාස සංකීර්ණ රැසක් දායාද කිරීමට ඔවුන් කටයුතු කර ඇත. මෙම සුවිශේෂී ව්‍යාපෘති හරහා නිර්මාණකරණය, උසස් ජීවන රටාව සහ සමකාලීන නාගරික දිවිය සම්බන්ධයෙන් නව ආදර්ශයන් සපයමින්, ශ්‍රී ලංකාවේ ඉහළම මට්ටමේ නේවාසික සංවර්ධනය සඳහා වන සන්නාමයක් ලෙස John Keells Properties සිය ප්‍රමුඛතාවය අඛණ්ඩව තහවුරු කර ඇත.


