
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විලාසිතා අලෙවි ජාල වෙත කාන්තා ඇගැලුම් සපයන Chance Fashion සමාගම නවීන තාක්ෂණයෙන් සමන්විත නව කර්මාන්තශාලාවක්, ප්රදර්ශනාගාරයක් සහ කර්මාන්තශාලා අලෙවිසැලක් මොරටුවේදී විවෘත කරමින් සිය ව්‍යාපාර මෙහෙයුම් තව දුරටත් පුළුල් කර තිබේ.අංක 73/13, නව ගාලු පාර, මොරටුව යන ස්ථානයේ පිහිටි මෙම නව ඇගළුම් කම්හල සහ ප්‍රදර්ශනාගාරය මඟින් සමාගමේ රෙදිපිළි නිෂ්පාදනය සහ සිල්ලර අලෙවි මෙහෙයුම් එකම ස්ථානයකට ගෙන එයි. මෙය ශ්‍රී ලංකාවේ ඇගැලුම් ක්ෂේත්රය තුළ Chance Fashion පැමිණි වසර 18ක ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයකි. වසර ගණනාවක් පුරා Chance Fashion මෙරට ප්රමුඛ පෙළේ විලාසිතා අලෙවි ජාල වෙත කාන්තා ඇගැලුම් සපයමින් වෙළෙඳපොළ තුළ ශක්තිමත් ස්ථානයක් ගොඩ නඟා ගෙන තිබේ. නව ආයෝජනය මඟින් සමාගමේ නිෂ්පාදන ධාරිතාව තව දුරටත් ශක්තිමත් කිරීමටත්, සිල්ලර, මාර්ගගත සහ තොග අලෙවි ක්ෂේත්රවල ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමටත් අපේක්ෂා කෙරේ. නව කර්මාන්තශාලා අලෙවිසැල හරහා සමාගම නිෂ්පාදනය කරන පුළුල් පරාසයක කාන්තා ඇගැලුම් පාරිභෝගිකයන්ට සෘජුව මිල දී ගැනීමේ අවස්ථාව හිමි වේ. මීළඟ අදියරේදී සිල්ලර හා මාර්ගගත අලෙවිය තව දුරටත් පුළුල් කිරීමට මෙන්ම දිවයින පුරා තොග බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කිරීමට Chance Fashion සැළැසුම් කර ඇත.
නව පහසුකම විවෘත කිරීමේ අවස්ථාවට ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාරිනී (ශාඛා ණය – කළාප 1) මාලා වීරසේකර සහ සහකාර මහා කළමනාකරු (බස්නාහිර පළාත – මධ්‍යම) කුෂාන් දෙල්ගොඩ ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වූහ. Chance Fashion හිමිකාරිනී මහේෂනි හෙන්රිකස් මහත්මිය පැවැසුවේ මෙම ආයෝජනය නවෝත්පාදනය, ගුණාත්මකභාවය හා තිරසර වර්ධනය කෙරෙහි සමාගම අඛණ්ඩව තබා ඇති අවධානය පිළිබිඹු කරන අතර සිල්ලර හා තොග පාරිභෝගිකයන් දෙපාර්ශ්වයටම වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපැයීමේ හැකියාව තව දුරටත් ශක්තිමත් කරන බවයි. මෙම නව පියවර Chance Fashion ආයතනයෙහි ඉදිරි ව්‍යාප්තියට ශක්තිමත් වේදිකාවක් සපයන අතර පාරිභෝගික පදනම පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ කාන්තා විලාසිතා වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරය තව දුරටත් ශක්තිමත් කිරීම සමාගමේ අරමුණයි. Chance Fashion පිළිබඳ වැඩි තොරතුරු සහ නවතම විලාසිතා එකතුව පිළිබඳ තොරතුරු chancefashion.lk වෙබ් අඩවියෙන් සහ Chance Fashion නිල Facebook පිටුවෙන් ගත හැකිය.


