කොට්ටාව අධිවේගී පිවිසුමට ආසන්නව Groundworth වෙතින් ‘The Highway’ ඉඩම් ව්‍යාපෘතිය ඇරඹෙයි

Capture

Groundworth Pvt Ltd සමාගම විසින් “The Highway by Groundworth” ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දී ඇත. කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේ සිට කිලෝමීටරයක් වැනි කෙටි දුරකින් පිහිටි මෙම ව්‍යාපෘතිය, දකුණු අධිවේගී මාර්ගය (E01) සහ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය (E02) වෙත ක්ෂණිකව ළඟාවීමේ සුවිශේෂී පහසුව සලසා දෙයි.

ශීඝ්‍ර නාගරික සංවර්ධනයක් සහිත ප්‍රදේශයක පිහිටි මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ, ගාල්ල, මාතර, කඩවත මෙන්ම කටුනායක දක්වාත් ඉතා කෙටි වේලාවකින් ගමන් කිරීමේ හැකියාව හිමිවේ. හයිලෙවල් මාර්ගයට (A4) ඇති සමීපබව නිසා පන්නිපිටිය සහ කොළඹ නගර වෙත වෙහෙසකින් තොරව ළඟාවිය හැකි අතර, ප්‍රමුඛ පෙළේ පාසල්, රෝහල් ඇතුළු සියලුම නාගරික පහසුකම් ඉතා ආසන්නයෙන්ම පිහිටා තිබීම මෙහි අගය තවත් වැඩි කරයි.




මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Groundworth සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සම නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසීය. “මෙම ඉඩම් ව්‍යාපෘතියේ වටිනාකම තීරණය වන්නේම එහි පිහිටීම අනුවයි. “The Highway” ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත්තේ ප්‍රවාහන සබඳතාව යන ප්‍රධාන සාධකය පදනම් කරගෙනයි. කොට්ටාව අධිවේගී පිවිසුමට කිලෝමීටරයක් තරම් ආසන්නයෙන් පිහිටීම නිසා පාරිභෝගිකයින්ට දිවයිනේ ඕනෑම ප්‍රධාන නගරයකට පහසුවෙන් ළඟාවීමට හැකි වෙනවා.”

“The Highway” ව්‍යාපෘතියේ සිට මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයට කිලෝමීටර 2ක් සහ කොට්ටාව නගරයට කිලෝමීටර 2.5ක් වැනි කෙටි දුරක් පවතී. Softlogic GLOMARK සුපිරි වෙළඳසැලට කිලෝමීටර 1.5ක් පමණක් වන අතර බැංකු, ඖෂධහල් හා ආපනශාලා රැසක් නොදුරින්ම පිහිටා ඇත. තවද, කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය, කොට්ටාව ආනන්ද විද්‍යාලය, ලීඩ්ස් ඉන්ටර්නැෂනල් සහ ලූවර් කොලේජ් යන ප්‍රමුඛ පාසල් කිලෝමීටර 2-3ත් අතර සීමාවේත්, හෝමාගම මූලික රෝහල කිලෝමීටර 2.5ක දුරිනුත් පිහිටා තිබේ.

පර්චස් 6 සිට ඉහළට නේවාසික ඉඩම් කැබලි 12කින් පමණක් සමන්විත මෙම ව්‍යාපෘතිය නිරවුල් ඔප්පු, අඩි 22ක පුළුල් මාර්ග, නළ ජලය සහ විදුලි පහසුකම් සහිතව ඉහළ නේවාසික වටපිටාවක නිර්මාණය කර ඇත. මෙහි ඉඩම් පර්චසයක මිල රුපියල් මිලියන 2.1 සිට ආරම්භ වේ.

සීමිත ඉඩම් කැබලි ප්‍රමාණයක් පමණක් ඇති “The Highway” ව්‍යාපෘතිය නැරඹීම සඳහා දැන් පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවී ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව