Nations Trust Bank ඉදිරිපත් කරන ‘Living Sculpture’ තේමාවෙන් යුත් CFW Couture + Trousseau | සැප්තැම්බර් 17, 18 සහ 19

b. Headtable L-R

චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන Couture නිර්මාණකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ Wedding Tourism Summit මුල් කරගනිමින් පැවැත්වෙන දකුණු ආසියාතික මෝස්තර නිරූපණ දැක්ම

කොළඹ, ශ්‍රී ලංකාව: Nations Trust Bank හි ඉදිරිපත් කිරීමක් ලෙස පැවැත්වෙන CFW Couture + Trousseau, මෙවර සැප්තැම්බර් 17 සිට 19 දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර එහි සංකල්පය නිර්මාණය වී ඇත්තේ කලාත්මක දෘෂ්ටිකෝණයකින් යුත් ‘Living Sculpture’ තේමාව මුල් කරගනිමිනි. CFW හි සංකල්පනයකට අනුව පැවැත්වෙන මෙම දැක්ම මගින්, තෝරාගත් ශ්‍රී ලාංකේය සහ දකුණු ආසියාතික මෝස්තර නිර්මාණකරුවන්ගේ විශිෂ්ට Couture නිර්මාණ හරහා උසස් මෝස්තර නිරූපණයේ පරාසය සහ ගැඹුර විදහා දක්වයි. මෙවර වැඩසටහන City of Dreams Sri Lanka හි විශේෂයෙන් තෝරාගත් පරිශ්‍රයන්හි පැවැත්වේ.




මේ වන විට 23 වන වසරටත් එළඹ සිටින Colombo Fashion Week, ශ්‍රී ලංකාව කලාපීය මෝස්තර නිරූපණ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම සහ දකුණු ආසියාවේ නිර්මාණශීලී දක්ෂතාවල කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ නගරය පත් කිරීමේ සිය ආරම්භක අරමුණ තවදුරටත් ශක්තිමත් කරයි. 2003 වසරේ සිට ක්‍රියාත්මක වන CFW, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල නිර්මාණකරුවන්ට අඛණ්ඩව වේදිකාවක් සපයමින්, දකුණු ආසියාතික කලාපයේ සංස්කෘතික හුවමාරුව සහ වෙළඳපල අවස්ථා නිර්මාණය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

BRICS International Fashion Federation සමග ඇති කරගෙන තිබෙන අඛණ්ඩ සහයෝගීතාව හරහා CFW හි මෙම කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රවේශය මෙවර තවදුරටත් පුළුල් වේ. ඒ අනුව චීනය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ මෝස්තර නිර්මාණකරුවෙකු ද මෙවර Couture + Trousseau runway දැක්ම සඳහා එක්වීමට නියමිතය. මෙම සහයෝගීතාව මගින් ශ්‍රී ලාංකේය සහ දකුණු ආසියාතික මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය ගෝලීය වෙළඳපල සහ ජාත්‍යන්තර නිර්මාණ සාකච්ඡා සමග සබඳතා ගොඩනගා ගැනීමට CFW ඉටු කරන කාර්යභාරය මනාව පිළිඹිඹු කරයි.

Colombo Fashion Week හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ, අජේ වීර් සිංග් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: වසර 23 ක් පුරා Colombo Fashion Week මගින් අද අප දකින මෝස්තර නිරූපණ පද්ධතිය (fashion ecosystem) සක්‍රීය කිරීමටත්, අර්ථගැන්වීමටත්, නිර්මාණය කිරීමටත් කටයුතු කර තිබෙනවා. එමෙන්ම දකුණු ආසියාතික නිර්මාණකරුවන්ට එකිනෙකා හා සම්බන්ධ වීමට සහ අදහස් හුවමාරු කර ගැනීමට හැකි ශක්තිමත් පදනමක් මෙමගින් ගොඩනැගුණා. අප දකුණු ආසියාවට hybrid ප්‍රවේශයක් සහිත Swim Week සංකල්පය හඳුන්වා දුන්නා. pret ක්ෂේත්‍රය වර්ධනය වූ ආකාරයටම, නිර්මාණකරුවන්ට ඉදිරියට යාම සඳහා මෙවර අප Couture ක්ෂේත්‍රය හඳුන්වා දෙනවා. City of Dreams හි සූදානම් කර ඇති සුවිශේෂී පරිශ්‍රයකLiving Sculpture’ යන තේමාව යටතේ මෙවර Couture ඉදිරිපත් කිරීමට අප කටයුතු කරන්නේ අනුවයි.”

මෙවර නිර්මාණකරුවන්ගේ එකතුව සකස් කර ඇත්තේ උසස් Couture ශිල්පීය හැකියාවන් මුල් කරගනිමින් වන අතර, සෑම නිර්මාණ එකතුවක්ම මනාලියන්ගේ මෝස්තර (bridal) සහ මංගල ඇඳුම් පැළඳුම් (trousseau) ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් සකස් කර ඇත. දකුණු ආසියාවේ වේගයෙන් වර්ධනය වන මංගල ඇඳුම් පැළඳුම් සහ destination wedding වෙළඳපල තුළ ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන් සුවිශේෂී ලෙස ස්ථාපිත කිරීමේ CFW හි ඉදිරි දර්ශනය මෙමගින් පෙන්නුම් කරයි. මෝස්තර නිරූපණ දැක්මට සමගාමීව පැවැත්වෙන Wedding Tourism Summit හරහා මෝස්තර නිරූපණ, සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රවල ප්‍රමුඛයින් එක්රැස් කරමින්, ප්‍රමුඛ destination wedding ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමේ හැකියාවන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.

Nations Trust Bank හි ජ්‍යෙෂ්ඨ උප සභාපති (Cards & Consumer Assets), නිලූක ගුණතිලක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවාය: “Couture + Trousseau ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව Nations Trust Bank ආයතනය ලෙස අප ආඩම්බර වෙනවා. මනාලියන්ගේ මෝස්තර (bridal) සහ destination wedding යනු ශ්‍රී ලාංකේය මෙන්ම දකුණු ආසියාතික මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ වේගයෙන්ම වර්ධනය වන අංශ දෙකක්. මෙම වේදිකාව මගින් අපගේ නිර්මාණකරුවන්ට එම වෙළඳපල වෙත ඍජුවම පිවිසීමට අවස්ථාව ලැබෙනවා. Colombo Fashion Week සඳහා සහය දැක්වීම යනු නිර්මාණාත්මක ශිල්පීන්ගේ සිට එයට සම්බන්ධ වන සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍ර දක්වාම සැබෑ ආර්ථික අවස්ථා උදාකරන කර්මාන්තයකට සහය දැක්වීමක්. සැප්තැම්බර් මාසයේදීLiving Sculpture’ හරහා මෙම දැක්ම අර්ථවත් ලෙස නිරූපණය වන තෙක් අප බලාපොරොත්තු වෙනවා.”

CFW Couture + Trousseau මගින් ප්‍රථම වතාවට Couture Cuisine ද හඳුන්වා දෙන අතර, එමගින් දින තුන පුරා පැමිණෙන අමුත්තන්ට මෝස්තර නිරූපණය සහ උසස් සූපවේදය එකට මුසු වූ අපූර්ව අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව හිමිවේ.

Cinnamon Hotels & Resorts හි කොළඹ හෝටල් සමූහයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ City of Dreams Sri Lanka, Cinnamon Life හි සාමාන්‍යාධිකාරී, Kamal Munasinghe මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “CFW Couture + Trousseau යනු City of Dreams හි පැවැත්වෙන තවත් එක් runway දැක්මක් පමණක් නෙමෙයි. එය මුළු පරිශ්‍රය පුරාම පැතිරෙන, පැමිණෙන අමුත්තන්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන විශේෂාංගයක්. City of Dreams ස්ථාපිත කර තිබෙන්නේ මෙවැනි විශිෂ්ට අත්දැකීම් ලබාදීමටයි. එනම් මෝස්තර නිරූපණය, සූපවේදය සහ ආගන්තුක සත්කාරය යන සියල්ල එකිනෙකට වෙන් නොවී එකම අත්දැකීමක් ලෙස ලබාදීමටයි. සැප්තැම්බර් මාසයේදී CFW සමග එක්ව අප නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන්නේද එවැනි සංකල්පයක්.”

CFW Couture + Trousseau 2026 සඳහා Nations Trust Bank ප්‍රධාන අනුග්‍රහය දක්වන අතර, ස්ථානීය සහකරු ලෙස Cinnamon Life at City of Dreams එක්වෙයි. Lanka Walltiles, Vision Care, Hameedia සහ Ramani Fernando යන ආයතන ද මෙයට අඛණ්ඩ සහයෝගය ලබා දෙයි. මීට අමතරව Acorn, Pulse, News First, Ceylon Today, Emerging Media සහ HardTalk යන ආයතන සහකරුවන් ලෙස සහය දක්වයි. CFW සිය සහකරුවන් සමග එක්ව ශ්‍රී ලාංකේය මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට ශක්තිමත් පදනමක් සපයමින්, එහි ප්‍රමුඛතම නියමුවා ලෙස අඛණ්ඩව කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව