සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය, ආඩි වේල් පෙරහැර ගෞරවයෙන් පිළිගනී

a

හින්දු බැතිමතුන්ගේ පූජනීය උත්සවයක් වන ආඩි වේල් උත්සවය හා පෙරහැර පසුගියදා කොළඹදී පැවැත්විණි. ගාලු පාර ඔස්සේ නව කතිරේසන් කෝවිල කරා ගමන් ගත් මෙම පෙරහැර මඳ වේලාවකට සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලය අසල නතර කර තැබිණි.

එහිදී සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය ආඩි වේල් පෙරහැර සහ එයට සහභාගී වූ බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් යුතුව පිළිගත්හ. එහිදී විශේෂ ආශීර්වාද පූජාවක් සිදුකෙරුණු අතර, සෙලාන් බැංකුවේ සාමාජික සාමාජිකාවන් විසින් බැතිමතුන් අතර සිසිල් පැන් සහ රස කැවිලි බෙදාදෙන ලදී. මෙය සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුවේ සාමාජික සාමාජිකාවන් ආගමික සහජීවනය උදෙසා දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ අවස්ථාවක් විය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව