සැබෑ ලෝකයේ ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලීම සඳහා AI මූලික කරගත් විසඳුම් සෙවීමේ පුරෝගාමී ප්‍රයත්නයක්

d

SLT-MOBITEL කාර්ය මණ්ඩලයේ AI කුසලතා කරළියට ගෙන ආ AI- Assisted Coding Challenge 2026

ප්‍රායෝගික ව්‍යාපාරික අභියෝග ජයගැනීම සඳහා සාර්ථක තාක්‍ෂණික විසඳුම් හඳුන්වා දීමේ උත්සාහයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කළ AI-Assisted Coding Challenge 2026 තරගාවලියේ සමාප්තිය පසුගියදා අතිසාර්ථක ලෙස සනිටුහන් විය. SLT කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු එම තරගය, නිර්මාණශීලීත්වය, ඉංජිනේරු විශිෂ්ටත්වය සහ AI තාක්ෂණික දියුණුව තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය මෙහෙයවීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ අවස්ථාවක් විය.



මෙය සංවිධානය කරන ලද්දේ SLT-MOBITEL හි AI & Data Business ඒකකය මඟිනි. AI තාක්ෂණය ඔස්සේ සැබෑ ලෝකයේ පවතින ව්‍යාපාරික ගැටලු විසඳීම අරමුණු කරගත් මෙම තරගාවලිය සමාගමේ සේවක සේවිකාවන්ට පමණක් විවෘත විය. AI තාක්ෂණය උපයෝගී කරගනිමින් මෘදුකාංග සැලසුම් කිරීම, නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදුවන ආකාරය වෙනස් කිරීම මඟින් කාර්ය මණ්ඩලයට වඩාත් දක්ෂ ලෙස සිතීමට, වේගයෙන් කේතනය කිරීමට සහ විශ්වාසයෙන් යුතුව ඉංජිනේරුමය නිර්මාණ සිදුකිරීමට හැකි බව මෙමඟින් පැහැදිලිව පෙන්වා දෙන ලදී.

AI-Assisted Coding Challenge 2026 අවසානයේදී ජයග්‍රාහකයන් වෙනුවෙන් සම්මාන ප්‍රදානෝත්සවයක්ද පැවැත්විණි. තරගාවලිය සාර්ථක කරගැනීම සඳහා සංවිධායකයන් මෙන්ම උපදේශකයන් සහ තරගකරුවන් ඇතුළු සියලුම දෙනා නොමඳ සහයෝගයක් ලබාදුන්හ. අවසන් වටයට තේරුණු LEXI, NEXGEN CREATORS, NextGen Analytics සහ ThunderDC යන කණ්ඩායම් අවසන් අදියරේදී සජීවී ඉදිරිපත් කිරීම් සහ වීඩියෝ හරහා පෙරළිකාරී හා පුරෝගාමී නීතිමය පදනම් විසඳුම් තරගයට ඉදිරිපත් කළහ.

තියුණු තරගයකින් අනතුරුව තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගැනීමට NEXGEN CREATORS කණ්ඩායම සමත් වූ අතර ඔවුන්ට තරගයේ ශූරතා කුසලානය සමඟ මුදල් ත්‍යාගයක් සහ සහතිකපත් හිමි විය. දෙවැනි ස්ථානය Team LEXI වෙත සහ තුන්වන ස්ථානය Team ThunderDC වෙත හිමි වූ අතර, ඔවුන්ටද මුදල් ත්‍යාග සහ සහතිපත් පිරිනමන ලදී.

මෙම තරගාවලිය තුළින් අත්හදා බැලීම්, සහයෝගීත්වය සහ අඛණ්ඩ ඉගෙනුම ඔස්සේ ශ්‍රී ලංකාව තුළ AI තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්ම මැනැවින් පිළිබිඹු විය. ආයතනික මට්ටමින් ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් ඔස්සේ කාර්ය මණ්ඩලයේ තාක්ෂණික දැනුම හා කුසලතා ඔප්නැංවීම තුළින්, ආයතනයේ AI තාක්ෂණික ඉදිරි ගමන සාර්ථක කරගත හැකි බව මැනැවින් පෙන්වා දීමට SLT-MOBITEL සමාගමට මෙමඟින් හැකියාව ලැබිණි. එමෙන්ම කලාපයේ ඩිජිටල් පරිවර්තනයේ ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ විවිධත්වයට මෙම තරගාවලිය මනා සාක්ෂියකි.

තාක්ෂණය සම්බන්ධයෙන් රටේ විශ්වාසය දිනාගත් පුරෝගාමියෙකු ලෙස, මෙවැනි පියවර ඔස්සේ දේශීය ව්‍යාපාර, පුරවැසියන් සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් අර්ථවත් බලපෑමක් ඇති කිරීම සඳහා නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සුසංයෝග වන අනාගතයක් ගොඩනැංවීමට SLT-MOBITEL කැප වී සිටී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව