Janashakthi Life වෙතින් පොසොන් වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙනුවෙන් ප්‍රජා සත්කාර මාලාවක්

IMAGE 01

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමය වන Janashakthi Life මෙවර පොසොන් සමයේදී අනුරාධපුර ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙනුවෙන් සෞඛ්‍ය, සුභසාධනය සහ මහජන ආරක්ෂාව මූලික කරගත් ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය.

මෙම වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස Janashakthi Life විසින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලද අතර, ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ට රෝහල සොයාගැනීම පහසු කිරීම සඳහා නව නාමපුවරුවක් සවිකරන ලදි.

මීට අමතරව වන්දනා කාලසීමාව තුළ ජනතාවට සහ ශ්‍රී ලංකා පොලිසියට සහය වීම සඳහා, ගමන් කළ යුතු මාර්ගය දැක්වෙන මාර්ග සංඥා පුවරු ලබාදීමට සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැමිණි බැතිමතුන් අතර පින් පොත් බෙදා දීමටද Janashakthi Life කටයුතු කළේය.

මෙවැනි වැඩසටහන් ඔස්සේ ජනතාවට අත්වැලක් වෙමින් ඔවුන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම සඳහා Janashakthi Life දිගින් දිගටම කටයුතු කරමින් සිටී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව