First Capital Asset Management සමාගම කැලණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වූ Professional Fund Management පාඨමාලාව සාර්ථක ලෙස නිමාව දකී

01 Image (LBN)

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන First Capital Holdings PLC හි වත්කම් කළමනාකරණ අංශය වන First Capital Asset Management Limited (FCAM) ​​විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද ‘වෘත්තීය අරමුදල් කළමනාකරණය’ (Professional Fund Management) පිළිබඳ කෙටි පාඨමාලාව පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.

මෙම පාඨමාලාව සැලසුම් කරන ලද්දේ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ මඟපෙන්වීම යටතේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අරමුදල් කළමනාකරණ සහ ආයෝජන මූලධර්ම පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දීමේ අරමුණිනි. පාඨමාලාව අවසානයේ පැවති උත්සවයකදී එයට සහභාගී වූවන්ට වටිනා සහතිකයක්ද ප්‍රදානය කරන ලදි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව