
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඉංජිනේරු හා ඉදි කිරීම් විසඳුම් සපයන ආයතනයක් වන Three Sinha Industries පෞද්ගලික සමාගම Institution of Incorporated Engineers Sri Lanka (IIESL) විසින් සංවිධානය කරන ලද INCO 2026 කාර්මික ප්‍රදර්ශනයේදී “දේශීයව එකලස් කළ නිෂ්පාදන ප්‍රදර්ශනය කළ හොඳම වෙළඳ කුටිය” සඳහා පිරිනමන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය පිරිනැමුවේ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට සමාගම සපයා ඇති දායකත්වය, ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කළ උසස් මට්ටමේ ප්‍රදර්ශන සැළැසුම්කරණය සහ ශ්‍රී ලාංකේය ඉංජිනේරු නිෂ්පාදන ජනප්‍රිය කිරීම වෙනුවෙන් කළ කැපවීම අගය කරමිනි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු INCO 2026 ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ප්‍රධානම කාර්මික හා ඉංජිනේරු ප්‍රදර්ශනයක් වන අතර නිෂ්පාදකයයෝ, ඉංජිනේරුවෝ, තාක්ෂණික ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයෝ රැසක් එයට එක් වූහ.
නව්‍ය ඉංජිනේරු හා ඉදි කිරීම් විසඳුම් සැපැයීමේ අරමුණෙන් ආරම්භ වූ Three Sinha Industries සමාගම වර්තමානයේදී විවිධ ක්ෂේත්‍ර ආවරණය කරන ශක්තිමත් ව්‍යාපාර සමූහයක් බවට පත් වී ඇත. Roller Doors, Roller Shutters, Automatic Gates, Fire Resistant Doors, Aluminum Fabrications, Steel Structures, Security Solutions, Solar Energy Systems ඇතුළු පුළුල් නිෂ්පාදන හා සේවා පරාසයක් සමාගම සපයයි. දේශීයව නිෂ්පාදනය කරන සහ එකලස් කරන නිෂ්පාදන කෙරෙහි සමාගම දක්වන විශේෂ අවධානය හේතුවෙන් දේශීය කර්මාන්ත සංවර්ධනයට සහ රැකියා අවස්ථා නිර්මාණයටද සැළැකිය යුතු දායකත්වයක් සපයා තිබේ. INCO 2026හිදී හිමි වූ මෙම රන් සම්මානය ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් ලෙස Three Sinha Industries සමාගමේ කීර්තිය තව දුරටත් තහවුරු කරන අතර එහි කාර්ය මණ්ඩලයේ කැපවීම, නවෝත්පාදන හැකියාව සහ උසස් තත්ත්ව ප්‍රමිති පිළිබඳ සාක්ෂියකි. දශක ගණනාවක විශ්වාසනීය ගමන් මඟක් සමඟ Three Sinha Industries සමාගම ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනයට නව්‍ය සහ තිරසාර විසඳුම් දෙමින් ඉදිරියටම ගමන් කරයි.


