ශ්‍රී ලංකාවේ ඩිජිටල් ශ්‍රම බලකාය බලගැන්වීමට කොමර්ෂල් බැංකුව ‘ComBank GIG+’ දියත් කරයි

GIG+ launch (LBN)

ශ්‍රී ලංකාවේ නිදහස් වෘත්තිකයන්ගේ මෑතකදී ඇතිවූ වේගවත් වර්ධනය හඳුනා ගනිමින් කොමර්ෂල් බැංකුවෙන් නවතම බැංකු විසඳුමක් ලෙස ‘ComBank GIG+’ ගිණුම හඳුන්වා දී ඇත. එය නිදහස් වෘත්තිකයින්, ඩිජිටල් ව්‍යවසායකයින්, සහ සමාජ මාධ්‍ය ප්‍රවර්ධකයින් වැනි විදේශ මුදල් උපයන පුද්ගලයින් හා ව්‍යාපාර සඳහා ව්‍යුහගත බැංකු ගිණුමක් හරහා Paypal මුදල් ඇතුළුව ඔවුන්ගේ විදේශ ඉපැයීම් ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත බැංකු විසඳුමකි.

ස්වාධීන ආදායම් මාර්ග ගොඩනඟා ගැනීම සඳහා ගෝලීය ඩිජිටල් වේදිකා සහ මාර්ගගතව සිදුකළ හැකි රැකියා අවස්ථා වෙත යොමු වන වෘත්තිකයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින පරිසරයක, ComBank GIG+ මෙරට රැකියා ක්ෂේත්‍රයේ තීරණාත්මක වෙනසක් ඇති කිරීමට සමත් වනු ඇත. Fiverr, Upwork සහ Freelancer.com වැනි වේදිකා භාවිතා කරන නිදහස් සේවා වෘත්තිකයින් මෙන්ම, YouTube, TikTok, Meta සහ X හරහා මුදල් උපයන පිරිස් අන්තර්ගත වන මෙම සේවා අංශය, විදේශ විනිමය මෙරටට රැගෙන ඒමේ වැදගත් කාර්යභාර්යක් ඉටු කරයි.



ComBank GIG+ සකස් කර ඇත්තේ මෙම ඩිජිටල් ආදායම් උපයන්නන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ම වන අතර, එහිදී ශ්‍රී ලංකා රුපියල් වලින් මෙන් ම ඇමෙරිකානු ඩොලර්, යූරෝ, බ්‍රිතාන්‍යය පවුම් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් ඇතුළු ප්‍රධාන විදේශ මුදල් ඒකක වලින් ගිණුම් ආරම්භ කිරිමේ අවස්ථාව ලබා දී ඇත. පිළිගත් ඩිජිටල් සහ මාර්ගගත රැකියා වලින් ලබාගන්නා විදේශ මුදල් ආදායම් සත්‍යාපන ක්‍රියාවලියට යටත් ව, මෙරට පදිංචි වයස අවුරුදු 18 සහ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන් ම නිසි ලෙස ලියාපදිංචි කළ ව්‍යාපාරික ආයතනවලට ද මෙම ගිණුම ලබාගත හැකි ය.

තම සේවා අංශය සඳහා මෙලෙස විධිමත් ලෙස බැංකු සේවා වලට ප්‍රවේශ වීමේ මඟක් සකසා දීම මගින් බැංකුව මෙම නිදහස් වෘත්තිකයන්ට ඔවුන්ගේ විදේශ ආදායම්, ව්‍යුහගත විදේශ ආදායම් ප්‍රවාහයන් බවට පරිවර්තනය කර ගැනීමේ අවස්ථාව ලබා දෙයි. මෙම ගිණුම පුළුල් වූ මූල්‍ය සේවා කට්ටලයකට පිවිසීමේ ද්වාරයක් ලෙස ක්‍රියාත්මක වන අතර එමඟින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ විදේශ මුදල් ආදායම සහ මූල්‍ය ඉතිහාස වාර්තා මත පදනම්ව ඉතුරුම්, ණය ඇතුළු ආයෝජන විසඳුම් ආදී සේවා වුවද ලබා ගැනීමේ හැකියාව ලැබේ.

ComBank GIG+ හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී හස්රත් මුණසිංහ මහතා මෙසේ පැවසීය: “ස්වාධීනව ඩිජිටල් ආදායම් උපයන්නන්ගේ වර්ධනය මගින් පිළිබිඹු වන්නේ වටිනාකම් නිර්මාණය කර ශ්‍රී ලංකාවෙන් අපනයන සිදු කරන ආකාරයෙහි ව්‍යුහාත්මක වෙනසක් සිදු වී ඇති බවයි. ComBank GIG+ සමඟින් අපි මෙම අංශය හඳුනා ගැනීම පමණක් නොව, එය විධිමත් මූල්‍ය පද්ධතියට වඩාත් අර්ථවත් ලෙස ඒකාබද්ධ කරන බැංකු රාමුවක් ද ස්ථාපිත කරන්නෙමු. මෙය සාම්ප්‍රදායික රැකියා ආකෘතිවලින් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වන පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට සත්‍යාපනය කළ හැකි මූල්‍ය ඉතිහාසයක් ගොඩනඟා ගැනීමටත්, එමගින් විධිමත් මූල්‍ය සේවා වෙත ප්‍රවේශ වීමටත්, ඔවුන්ගේ මෙහෙයුම් පරිමාණනය කිරීමට මෙන් ම මෙරට ආර්ථික වර්ධනයට වඩාත් දෘශ්‍යමාන ලෙස දායක වීමටත් හැකියාව ලබා දෙයි.”

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව