
කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසල් අතර ඉහළින්ම වැජඹේන පාසලකි. එමෙන්ම මෙම පාසලෙහි සිසුන් 5000ක් පමණ අධ්‍යාපනය ලබන අතර බස්නාහිර පලාත් සභාව තුළ ඇති වැඩිම ශීෂ්‍ය සංඛ්‍යාවක් සිටින පළාත් පාසලයි.
සංගීතයේ ගැඹුරු හා සියුම් රසභාව වින්දනය කිරීම සඳහා අවස්ථාවක් ලැබීම මානසික සුවයකි. එවන් සොඳුරු වින්දනීය සංගීත සන්ධ්‍යාවක මිහිර විඳින්නට ජුලි මස 10වැනි දින කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී CRESCENDO ’26 ප්‍රාසාංගික ප්‍රසංගය තුළින් ඔබට හැකි වනු ඇත. මෙහි මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ බටහිර තූර්ය වාදන කණ්ඩායමයි. CRESCENDO ’26 යනු ඔවුන්ගේ දෙවන ප්‍රාසාංගික ප්‍රසංගයයි.
හිටපු විදුහල්පති කපිතන් කපිල වීරසුරිය මහතාගේ මඟපෙන්වීම, ශ්‍රී ජයවර්ධනපුර කලාප කාර්යාලයේ හා හා නියෝජ්‍ය විදුහල්පති මහත්ම මහත්මීන්ගේ අධීක්‍ෂණයෙන්, සමස්ත ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය, දෙමාපිය සහ සුභ පතන්නන්ගේ සහයෝගයෙන් CRESCENDO ’25 සංගීත ප්‍රසංගය අති සාර්ථක ලෙස නිමාවට පත් කළ හැකි විය. මෙවර CRESCENDO ’26 ප්‍රසංගය වර්තමාන වැඩබලන විදුහල්පති ජයන්ත කරුණාජීව මහතාගේ මඟපෙන්වීම යටතේ හා අනෙකුත් සියලුදෙනාගේ සහයෝගයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වෙමින් පවතී.
CRESCENDO ’25 ප්‍රසංගයෙන් ලද සංගීත ආශ්වාදනීය අත්දැකීම සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර පදනම් කරගෙන මෙවර CRESCENDO ’26 ප්‍රසංගය උසස් මට්ටමින් හා ගුණාත්මක බවකින් යුතුව ඉදිරිපත් කිරීමට මේ දිනවල සියලු කටයුතු සුදානම් වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ බටහිර තුර්ය වාදන කණ්ඩායම භාර ආචාරීනි යමුනා අමරසිංහ මහත්මිය මාධ්‍යයට පවසයි. සිසු දරුවන්ගේ කුසලතා ලෝකයක් හමුවට ගෙනයන වේදිකාව ක්‍රෙසෙන්ඩෝ ’26 යි.


