Seylan Accelerate වෙතින් වැටුප් ලබන වෘත්තිකයන්ට මුදල් හදිසියකදී පොලී රහිත ණය පහසුකම්

Seylan (LBN)

සෙලාන් බැංකුව වැටුප් ලබන වෘත්තිකයන් වෙනුවෙන් තවත් සුවිශේෂී පහසුකමක් හඳුන්වා දී තිබේ. Seylan Accelerate Salary Advance ලෙස නම්කර ඇති මෙම පහසුකම යටතේ Seylan Accelerate ගිණුම් හිමියන්ට මුදල් හදිසියකදී තම මාසික ආදායමෙන් කොටසක් පොලී රහිත ණයක් ලෙස ලබාගත හැකි වේ.

මෙය වැටුප් ලබන වෘත්තිකයන්ට තම ආදායම් වියදම් ක්‍රියාවලියට බාධාවක් නොවන ආකාරයට කඩිනමින් කෙටිකාලීන ණයක් ලබාගැනීම සඳහා ලැබෙන අනගි අවස්ථාවකි. හදිසි මුදල් අවශ්‍යතාවකදී ආතතියකින් තොරව එම අවශ්‍යතාව සපුරාගැනීමට හැකි වන ආකාරයට මෙය සැලසුම් කර ඇත.

Seylan Accelerate Salary Advance පහසුකම සඳහා නිසි සුදුසුකම් සපුරාලන ගිණුම් හිමියන් ස්වයංක්‍රීයව Accelerate දත්ත ගබඩාවේ ලියාපදිංචි කෙරේ. ඉන් අනතුරුව ඔවුන්ට Salary Advance පහසුකම ලබාගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු ඇතුළත් විද්‍යුත් ලිපියක් (Email) ලැබෙනු ඇත.



“Seylan Accelerate යනු නව්‍ය සහ වගකීම්සහගත මූල්‍ය විසඳුම් හරහා වැටුප් ලබන වෘත්තිකයන් සවිබල ගැන්වීමට සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් සාර්ථක පියවරක්. මේ යටතේ හඳුන්වා දී ඇති Salary Advance පහසුකම, දීර්ඝ ලිපිලේඛන ක්‍රියාවලියකින් තොරව පොලී රහිත කෙටිකාලීන ණයක් කඩිනමින් ලබාගැනීමට කැමති පුද්ගලයන්ට ඉතාමත් හොඳින් ගැළපෙන විසඳුමක් ලෙස හැඳින්විය හැකියි.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) යූජින් සෙනෙවිරත්න මහතා පැවසීය.

Seylan Accelerate ගිණුම Entry, Plus, Prime සහ Premier වශයෙන් කාණ්ඩ 4 ක් ලෙස සැලසුම් කර ඇත. ගිණුම් හිමියන්ගේ ආදායම අනුව ගිණුම් කාණ්ඩය තීරණය වන අතර, සෑම කාණ්ඩයකට අනන්‍ය වූ විශේෂ ප්‍රතිලාභ හිමි වේ. මේ අතරින් Prime සහ Premier කාණ්ඩවල ගනුදෙනුකරුවන්ට Salary Advance පහසුකම ලබාගත හැක.

Seylan Accelerate යනු ජීවන රටාවන් මූලික කරගත් බැංකුකරණ විසඳුමකි. Seylan Accelerate ගිණුම් හිමියන්ට ඉහළම තලයේ පාරිභෝගික සේවාවක් සහ ආකර්ෂණීය පොලී අනුපාත සමඟින් වඩාත් පුළුල් ලෙස ඩිජිටල් බැංකු සේවාවන් භාවිතා කිරීමේ අවස්ථාව හිමි වේ. මෙය ගිණුම් හිමියන්ට සුවිශාල පහසුවක් සමඟින් ප්‍රතිලාභ රැසක් පිරිනමන සුවිශේෂී ගිණුමකි.

ප්‍රථම වරට රැකියාවන්ට පිවිසෙන වෘත්තිකයන් ඇතුළුව වයස අවුරුදු 18 ට වැඩි වැටුප් ලබන පුද්ගලයන්ට Seylan Accelerate ගිණුම් විවෘත කළ හැකි වේ. මේ ආකාරයට ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා, ජීවන රටාවන් සහ ආදායම් අනුව වෙනස් වන සරල හා කාර්යක්ෂම බැංකු සේවාවන් පිරිනමමින්, ඔවුන්ගේ විශ්වාසනීය මූල්‍ය සහකරු ලෙස තමන් ඉටුකරන භූමිකාව තවදුරටත් ශක්තිමත් කරගැනීම සෙලාන් බැංකුවේ අරමුණ වී ඇත.

වැටුප් ලබන වෘත්තිකයන්ට ඕනෑම සෙලාන් බැංකු ශාඛාවක් වෙත පැමිණීමෙන් හෝ සෙලාන් බැංකුවේ ඩිජිටල් පහසුකම් ඔස්සේ Seylan Accelerate ගිණුමක් විවෘත කර Salary Advance පොලී රහිත ණය පහසුකම ඇතුළු ප්‍රතිලාභ රාශියක් අත්විඳිය හැකි වේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව