සෙලාන් කාඩ්පත් සමඟින් අවුරුදු වතාවත් අර්ථවත්ව සමරන්න

Image

දිවයින පුරා විසිරුණු අලෙවිසැල් 300 කට අධික සංඛ්‍යාවක් වෙතින් වට්ටම් හා දීමනා

සෙලාන් බැංකුව මෙවරත් අලුත් අවුරුදු සමය නිමිත්තෙන් සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් සුවිශේෂී වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. ඒ සඳහා දිවයින පුරා විසිරුණු අලෙවිසැල් 300 කට අධික සංඛ්‍යාවක් සෙලාන් බැංකුව සමඟ අත්වැල් බැඳගෙන සිටී.

අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලාංකිකයන් බහුතරයක් උත්කර්ෂවත් අන්දමින් සමරන සංස්කෘතික උත්සවයකි. එබඳු කාලසීමාවක මෙවැනි දීමනා හඳුන්වා දීම සෙලාන් බැංකුව සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් ගන්නා ලද අතිශය කාලෝචිත පියවරක් ලෙස හැඳින්විය හැක.




එදිනෙදා අවශ්‍යතාවන් සඳහා හොඳින්ම ගැළපෙන කාඩ්පත් එකතුවක් ලෙස පිළිගැනීමට ලක් වී ඇති සෙලාන් කාඩ්පත් හරහා ශ්‍රී ලාංකිකයන්ගේ අලුත් අවුරුද්ද වැඩි වැඩියෙන් සරු කිරීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ. ඒ නිසාම ඇඳුම් පැළඳුම්, පාවහන්, එදිනෙදා අවශ්‍ය කරන පාරිභෝගික භාණ්ඩ, ඇස් කන්නාඩි, ආහාරපාන සහ අන්තර්ජාලය ඔස්සේ මිලදීගන්නා භාණ්ඩ ඇතුළු බොහෝ දේ සඳහා මෙලෙස වට්ටම් හා දීමනා පිරිනැමීමට සෙලාන් බැංකුව කටයුතු යොදා ඇත.

ඇඳුම් පැළඳුම් හා පාවහන් ආදිය සඳහා සෙලාන් කාඩ්පත් හිමියන්ට වට්ටම් හා දීමනා පිරිනැමීමට Softlogic Brands, Cool Planet, Fashion Bug, NOLIMIT, Crocodile, CIB, SWX, Emerald, Sriyani Dresspoint, DSI, Velona සහ Thilakma යන අලෙවිසැල් සෙලාන් බැංකුව සමඟ අත්වැල් බැඳගෙන සිටී. එමෙන්ම Keells, Glomark, Spar සහ Cargills Food City වැනි සුපිරි වෙළඳසැල්ද මෙම ප්‍රවර්ධන වැඩසටහන සමඟ සම්බන්ධ වී ඇත.

අවුරුදු සමයේ සිය කාඩ්පත් හිමියන්ට අමතර සහන සැලසීම සඳහා සෙලාන් බැංකුව මාස 36 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමද හඳුන්වා දී තිබේ. මෙය ඉහළ වටිනාකමක් ඇති භාණ්ඩ මිලදී ගැනීමේදී කාඩ්පත් හිමියන්ට විශාල පහසුවක් වනු ඇත. මෙම පහසු ගෙවීමේ ක්‍රම 2026 මාර්තු 14 සිට අප්‍රේල් 15 දක්වා කාලය තුළ, රු. 100,000 සහ රු. මිලියන 3 අතර ගනුදෙනු සඳහා ලබාගත හැකි වේ. මෙම පහසු ගෙවීමේ ක්‍රම සඳහා කිසිදු ආකාරයක  සේවා ගාස්තුවක් අය නොකෙරේ.

පාරිභෝගික භාණ්ඩ සඳහා හඳුන්වා දී ඇති දීමනාවලට අමතරව සෙලාන් කාඩ්පත් හිමියන්ට Cinnamon Lakeside, Courtyard by Marriott, Taj Samudra සහ Ramada යන හෝටල්වලදී Card Member Dines Free දීමනාද හිමි වේ. මෙය කාඩ්පත් හිමියන්ට සිය නෑදෑ හිතමිතුරන් සමඟ එක් වී ප්‍රණීත ආහාරපාන සිත් සේ රසබලමින් අවුරුදු සැමරීමට ලැබෙන අනගි අවස්ථාවකි.

එමෙන්ම මෙම අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ සිය කාඩ්පත් හිමියන්ට සුවිශේෂී සංචාරක අත්දැකීම් පෙළක් තිළිණ කිරීම සඳහා සෙලාන් බැංකුව Cinnamon Nature Trails සමඟ අත්වැල් බැඳගෙන සිටී. මේ යටතේ සෙලාන් කාඩ්පත් හිමියන්ට කෙන්යාවේ Great Migration කාලසීමාව තුළ දින 7 ක Maasai Mara සෆාරි සංචාරයක් අත්විඳීමට අවස්ථාව හිමි වේ. මෙයට සුඛෝපභෝගී camping පහසුකම්, මඟපෙන්වන රියදුරන් සහ Big Five කාණ්ඩයට අයත් වනසතුන් දැකගැනීමේ දුර්ලභ අවස්ථාද ඇතුළත් වී ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ මින්නේරිය හෝ කවුඩුල්ල වනෝද්‍යාන තුළ අලිඇතුන් එක්රැස් වන අවස්ථා දැකබලා ගැනීමට දින 3 ක සංචාරයක නිරත වීමටද ඔවුන්ට අවස්ථාව හිමි වේ. තවද දැවැන්ත සාගර ජීවීන් දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙන මුහුදු සෆාරි මෙන්ම ත්‍රිකුණාමලය ජාතික වනෝද්‍යානයේ පරෙවි දූපත අසල snorkelling ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව සලසා දීමටද සෙලාන් බැංකුව කටයුතු යොදා ඇත.

“අලුත් අවුරුද්ද යනු පවුලේ සියලු දෙනා එකතු වී සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් ජීවිතයට අරුත්බර මතක රැස්කරන කාලසීමාවක්. සෙලාන් කාඩ්පත් හරහා අප මේ උත්සාහ කරන්නේ අපගේ හවුල්කාර අලෙවිසැල් ජාලය සමඟ එක් වී ආකර්ෂණීය දීමනා, පහසු ගෙවීමේ ක්‍රම සහ සුවිශේෂී ජීවන අත්දැකීම් පිරිනමමින් ඒ මතක වඩාත් අරුත්බර කිරීමටයි.” සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා පැවසීය.

සෙලාන් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 011 200 88 88 ඇමතීමෙන් අලුත් අවුරදු දීමනා සහ එම දීමනා පිරිනමන අලෙවිසැල් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව