SLT-MOBITEL යළිත් වරක් TAGS රන් සම්මානයකින් පිදුම් ලබයි

Image (LBN)

දුරකථන සන්නිවේදන කාණ්ඩයේ රන් සම්මානය යළි තමන් සතු කරගනී

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය ආයතනික විශිෂ්ටත්වයේ තවත් පියවරක් ඉදිරියට තබමින් පසුගියදා පැවති TAGS Awards 2025 හිදී නැවත වරක් දුරකථන සන්නිවේදන තාක්ෂණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මානය හිමි වූයේ SLT-MOBITEL  හි 2024 වාර්ෂික වාර්තාව වෙනුවෙනි.

දීර්ඝ කාලයක පටන් SLT-MOBITEL මෙලෙස වගකීම්සහගත ආයතනික පාලනය, නව්‍ය වාර්තාකරණය සහ  තිරසාරත්වය සිය ප්‍රධාන ව්‍යාපාරික ක්‍රමෝපායෙහි අනිවාර්ය අංගයක් බවට පත්කරගැනීම සම්බන්ධයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයන් අතර ඇගයීමට ලක් වී තිබේ. SLT-MOBITEL යනු පැහැදිලි අරමුණක් සහිත විනිවිදභාවයකින් යුතු සමාගමක් බව යළි තහවුරු කරන මෙම ජයග්‍රහණය, සමාගමේ පාර්ශ්වකරුවන් තුළ ඇති විශ්වාසය තවදුරටත් වර්ධනය කරවනු නිසැකය.




TAGS සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය [Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka)] මඟිනි. මෙම සම්මාන උළෙලට වසර 60 ක ඉතිහාසයක් ඇති අතර, එය මෙවර ‘Diamond Chapter: The Grand Honour of Excellence’ යන තේමාව යටතේ පැවැත්විණි. විනිවිදභාවය, වගවීම, ආයතනික පාලනය සහ තිරසාරත්වය යනාදිය සම්බන්ධයෙන් විශිෂ්ටතම කාර්යසාධනයක් පෙන්නුම් කළ සමාගම් හා ආයතන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය.

මෙම සම්මානය, වගවීම හා විශ්වාසය මත පදනම් වෙමින් සම්බන්ධිත ඩිජිටල් අනාගතයක් ගොඩනැංවීම සඳහා SLT-MOBITEL දරමින් සිටින දූරදර්ශී ප්‍රයත්නයන්හි සාර්ථකත්වය  මැනැවින් පිළිබිඹු කරයි. එමෙන්ම එය ආයතනික වාර්තාකරණය සහ වගවීම සම්බන්ධයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයට ආදර්ශයක් වෙමින්, තිරසාරත්වය හා ඩිජිටල් නවෝත්පාදනය එක්තැන් කරමින් විනිවිදභාවයෙන් යුක්තව විශ්වාසනීය ලෙස තොරතුරු අනාවරණය කිරීම සඳහා SLT-MOBITEL සතු හැකියාවට මනා සාක්ෂියක් ලෙසද හැඳින්විය හැකි වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව