BYD සහ DENZA වාහනවලට පමණක් විශේෂයෙන් වෙන් කරන ලද Altair ප්‍රදර්ශනාගාරය JKCG Auto විවෘත කරයි

Altair_IMG4 (LBN)

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් වෙන්කරන ලද නව Altair ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කළේය. මෙය ශ්‍රී ලංකාව තිරසාර ප්‍රවාහනය කරා යන ගමනේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි.

කොළඹ Altair සංකීර්ණයේ පිහිටා ඇති මෙම ප්‍රදර්ශනාගාරය BYD සහ DENZA වාහන එකම වහලක් යටින් තෝරා ගැනීමේ පහසුකම් ඇති ශ්‍රී ලංකාවේ පළමු ප්‍රදර්ශනාගාරයයි. එහි cafe පහසුකමක් ද ඇති අතර එය උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීම තවදුරටත් ඉහළ නංවයි.




මෙම ප්‍රදර්ශනාගාරයෙහි BYD SEALION 6 සහ BYD SHARK 6 ඇතුළු ප්‍රීමියම් NEV පරාසය සහ DENZA හි සුඛෝපභෝගී මාදිලි වන DENZA B5 සහ DENZA B8 ප්‍රදර්ශනය කෙරේ. මෙම තෝරාගත් පරාසය BYD සහ DENZA සන්නාම දෙකෙහිම උසස් hybrid සහ විද්‍යුත් තාක්ෂණයන් හි විශිෂ්ටත්වය පෙන්නුම් කරයි. මෙය වසරකටත් අඩු කාලයක් තුළ විවෘත කරන ලද BYD හි නවවන සහ DENZA හි දෙවන ප්‍රදර්ශනාගාරය වේ. මෙම සන්නාම දෙකම ශ්‍රී ලංකාව පුරා ඔවුන්ගේ විකුණුම් සහ අලෙවියෙන් පසු සේවා ජාලය අඛණ්ඩ පුළුල් කරමින් සහ ශක්තිමත් කරමින් සිටින බවට මෙය කදිම සාක්ෂියකි.

මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම ඊළඟ පරම්පරාව සඳහා නව බලශක්ති වාහන භාවිතය පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය ඉහළ නැංවීම සඳහා පුළුල් තාක්ෂණය පදනම් කරගත් උත්සාහයක ආරම්භය ද සනිටුහන් කරයි. කාලයත් සමඟ ඉන්ධන කාර්යක්ෂමතාවය, අවම කාබන් විමෝචනය සහ පිරිවැය කළමනාකරණය කිරීම කෙරෙහි ජනතාව වැඩි අවධානයක් යොමු කරන බැවින් මෙම උත්සාහය BYD සහ DENZA හි උසස් DM Super Hybrid සහ plug-in hybrid තාක්ෂණයන් ශ්‍රී ලංකාවේ රිය පැදවීමේ තත්වයන්ට ගැලපෙන ආකාරයේ විසඳුම් ඉදිරිපත් කරයි.

මෙම විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කර සිටියේ “අපි අපගේ ප්‍රදර්ශනාගාර ජාලය අඛණ්ඩව පුළුල් කරමින් යන මෙම අවස්ථවේදී අපගේ Super Hybrid සහ පුළුල් DM-i තාක්ෂණයන් පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය සහ අවබෝධය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද අපට වැටහුණා. බොහෝ රියදුරන්ට, නව බලශක්ති වාහන වෙත මාරු වීම යනු ඒවාට ප්‍රවේශ වීම පමණක්ම නොවේ, එනම් ඒවා භාවිතා කිරීම පිළිබඳ විශ්වාසයක් ද තිබීමයි. අපගේ මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම හරහා අපට අවශ්‍ය වන්නේ විදුලි වාහනය භාවිතා කිරීම පිළිබඳව ඇති අනවශ්‍ය සැකය නැති කිරීමටත් මෙම නව බලශක්ති වාහන ශ්‍රී ලාංකාවේ තත්වයන්ට කොතරම් හොඳින් ගැලපේද යන්න පෙන්වීමටයි.” යනුවෙනි.

මෙම උත්සවයේදී, BYD සහ DENZA අනෙකුත් වාහන සන්නාමවලින් කැපී පෙනෙන ප්‍රධාන තාක්ෂණයන් තුනක් ඉදිරිපත් කළේය. ඉන් එකක් වන්නේ DM-i Super Hybrid තාක්ෂණයයි. එය සාමාන්‍ය රිය පැදවීමේ අවශ්‍යතා සඳහා නිර්මාණය කර ඇති විදුලියෙන් ක්‍රියා කරන plug-in hybrid පද්ධතියකි. දෛනික ගමන් සඳහා විදුලි බලය භාවිතා කරන අතර වැඩි දුරක් යාමට අවශ්‍ය වූ විට එන්ජිම ස්වයංක්‍රීයව භාවිතා කරයි. එය කිලෝමීටර 70 ක් දක්වා විදුලිය භාවිතා කර රිය පැදවීමේ පරාසයක් සහ කිලෝමීටර 1,000 කට වඩා වැඩි දිගු ගමන් පරාසයක් ලබා දේ. බොහෝ දෛනික ගමනාගමන කටයුතු බැටරි බලය භාවිතයෙන් පමණක් සිදු කළ හැකි අතර මෙය කාර්යසාධනය හෝ පහසුව ගැන සැලකීමේදී කිසිදු බාධාවකින් තොරව ඉන්ධන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරයි.

අනෙක නම් Blade බැටරියයි. Blade බැටරිය විදුලි සහ hybrid වාහන සඳහා ලොව ආරක්ෂිතම බැටරි වලින් එකක් ලෙස පිළිගැනෙන අතර එය BYD හි hybrid සහ විදුලි වාහන සඳහා භාවිතා කරනු ලබන ප්‍රධාන තාක්ෂණය වේ. මෙය සාමාන්‍ය බැටරි ආකෘතිය භාවිතා නොකරන අතර නවමු ආකාරයකින් නිර්මාණය කර ඇති නිසා බැටරි පද්ධතිය තුළ ඇති ඉඩ ප්‍රමාණය වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමට උපකාරී වේ. එය ශක්තිමත් ව්‍යුහයක්, වඩා හොඳ තාප පාලනයක් සහ දිගු බැටරි ආයු කාලයක් ද ලබා දෙන අතර එමඟින් රියදුරන්ට වාහනය කෙරෙහි වැඩි විශ්වාසයක් ද ඇති කර ගත හැකිය.

DENZA හි DMO Off-Road තාක්ෂණය යනු විශිෂ්ට off-road කාර්යසාධනයක් සඳහා ගොඩනගා ඇති ද්විත්ව-මෝටර් පද්ධතියකි. එය DENZA B5 සහ DENZA B8 බලගන්වයි. මතුපිට හෝ මාර්ගය අනුව, ද්විත්ව-මෝටර් පද්ධතියට බලය ලබා ගන්නා ආකාරය ස්වයංක්‍රීයව පාලනය කළ හැකි බැවින්, නවීන විදුලි වාහනයක කාර්යක්ෂමතාව සහ පහසු රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි.

Altair ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අනාගතය හැඩගැස්වීම සඳහා John Keells CG Auto හි දිගුකාලීන කැපවීම තවදුරටත් සනිටුහන් කරයි. BYD සහ DENZA දිවයින පුරා ඔවුන්ගේ පැවැත්ම පුළුල් කරමින් ජාත්‍යන්තර තලයේ වාහන වෙළඳපොළට හඳුන්වා දීම අඛණ්ඩව සිදු කරන අතරම John Keells CG Auto පාරිභෝගිකයින් අතර දැනුවත්භාවය සහ විශ්වාසය යන දෙකම ගොඩනැගීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරයි. මෙය ශ්‍රී ලංකාව තුළ අර්ථවත් හා දිගුකාලීන නව බලශක්ති වාහන භාවිතයට සහාය වනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව