SLT-MOBITEL Mobile සහ Fairfirst Insurance වෙතින් මෙරට ප්‍රථම වරට ජංගම දුරකථන හරහා රථවාහන රක්ෂණ මිලදීගැනීමට අවස්ථාවක්

Image - SLT-MOBITEL Mobile & Fairfirst Insurance (LBN)

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා පුරෝගාමීත්වයේ නව පියවරක් තබමින් SLT‑MOBITEL Mobile සහ Fairfirst Insurance එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම දුරකථන හරහා මෝටර් රථවාහන රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය මෙරට දුරකථන සන්නිවේදන සහ රක්ෂණ සේවා ක්ෂේත්‍රවල ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.




මෙම නව හඳුන්වාදීමත් සමඟ SLT-MOBITEL Mobile මෙරට සාම්ප්‍රදායික රක්ෂණ මිලදී ගැනීමේ ක්‍රියාවලිය පූර්ණ පරිවර්තනයකට ලක් කර තිබේ. මෙමඟින් වාහන හිමියන්ට ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට සිය ජංගම දුරකථන ඔස්සේ රථවාහන රක්ෂණ මිලදී ගැනීමට සහ අලුත් කිරීමට අවස්ථාව හිමි වේ. මේ සඳහා මුද්‍රිත ලියකියවිලි ඉදිරිපත් කිරීම හෝ කාර්යාල වෙත පැමිණීම අවශ්‍ය නොවන අතර, සරල, පහසු, සුරක්ෂිත සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රියාවලියක් හරහා රක්ෂණයට අදාළ ගෙවීම් සියල්ල ඔවුන්ගේ Mobitel ගිණුම් සමඟ ඒකාබද්ධ කර ඇත. https://mclick2go.fairfirst.lk වෙබ් අඩවියට පිවිසීම තුළින් මෙම සේවාව ලබාගත හැකි අතර, 0112 428 428 අංකයට ඇමතීම මඟින් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

මෙම හඳුන්වාදීම SLT-MOBITEL Mobile සිය ජංගම දුරකථන සේවා  හරහා ලබා දෙන රක්ෂණ විසඳුම්වල පරාසය තවදුරටත් පුළුල් කිරීමකි. මෙය නව්‍ය ජංගම දුරකථන තාක්ෂණය භාවිතා කරමින් මෙරට රථවාහන හිමියන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා හඳුන්වා දුන් ප්‍රායෝගික සහ ඵලදායී විසඳුමක් ලෙස හැඳින්විය  හැකි වේ.

එමෙන්ම මෙය පාරිභෝගිකයන් දිනපතා භාවිතා කරන සේවාවන් තම ඩිජිටල් සේවා එකතුවට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්ම සමඟද මැනැවින් සමගාමී වන පියවරකි. මෙම හවුල්කාරීත්වයේ අනෙක් පාර්ශ්වය වන Fairfirst Insurance සමාගම සිය ගනුදෙනුකරුවන්ට විශ්වාසනීය රක්ෂණ විසඳුම් සහනදායී මිලගණන් යටතේ පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා කැප වී සිටී.

මෙම පෙරළිකාරී ප්‍රවේශය මඟින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට රක්ෂණ මිලදී ගැනීම වඩාත් පහසු වන අතර, එය දැනටමත් පවතින ජංගම දුරකථන යටිතල පහසුකම් භාවිතා කරමින් ඩිජිටල් පරතරය පියවීම සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙනු ඇත. මේ ආකාරයට මීට පෙර රක්ෂණ මිලදී ගැනීම දුෂ්කර වූ ජනතාවට වඩාත් පහසුවෙන් රක්ෂණ මිලදී ගැනීමට හැකි වීම මඟින් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට රක්ෂණයේ ප්‍රතිලාභ අත්විඳීමට හැකි වනු නිසැකය.

රජයේ ජාතික ඩිජිටල් පරිවර්තන දැක්ම සමඟද ක්‍රමෝපායිකව සමගාමී වන මෙම විසඳුම, රක්ෂණ, දුරකථන සන්නිවේදන සහ මූල්‍ය සේවා ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ඩිජිටල්කරණය කිරීමේ උත්සාහයන්ට මහත් රුකුලක් වනු ඇත. තවද මෙය ඩිජිටල් පදනම් හරහා අත්‍යවශ්‍ය සේවාවන් ලබාදීම සහ රට පුරා ජනතාව ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීම තුළින් අර්ථවත් පරිවර්තනයකට මුලපුරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම හවුල්කාරීත්වය, දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ නවෝත්පාදන තුළින් සාම්ප්‍රදායික රක්ෂණ සේවා වැඩිදියුණු කරමින් නවතම සේවා කාණ්ඩ නිර්මාණය කිරීම සහ මූල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම සිදු කළ හැකි ආකාරය පෙන්වා දෙන ඵලදායී පූර්වාදර්ශයක් ලෙස හැඳින්විය හැකි වේ.

මෙම පූර්වාදර්ශය ඉදිරියේදී රක්ෂණ, සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ඩිජිටල්කරණය පුළුල් කිරීම සඳහා ආදර්ශයක් ලෙස භාවිතා කළ හැකි අතර, එමඟින් ජංගම දුරකථන හරහා ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදෙමින්, ශ්‍රී ලාංකිකයන් තම දෛනික අවශ්‍යතා කළමනාකරණය කරගන්නා ආකාරය මුළුමනින්ම වෙනස් කිරීමට හැකි වනු නිසැකය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව