AMW විසින් දිට්වා සුළි සුළඟින් පීඩාවට පත් පවුල් 1,000කට සහනාධාර ලබා දෙයි.

Travel Photo Collage Desktop Wallpaper - 1

Associated Motorways (Private) Limited (AMW) සමාගම විසින් මෑතක දී ඇති වූ දිට්වා සුළි සුළඟින් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර ලබා දෙමින්, ජාතික ආපදා ප්‍රතිචාර ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය සහනාධාර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට (DMC) භාර දෙන ලදී.

මෙම වැඩසටහන ඔස්සේ විපතට පත් වූ පවුල් 1,000ක් වෙනුවෙන්  ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරයි. ප්‍රතිලාභ ලබන එක් එක් පවුලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, මූලික ඖෂධ සහ එදිනෙදා ජීවිතයට අවශ්‍ය අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු සහන පැකේජයක් ලබා දෙන අතර, එය  ආපදාවෙන් සමනය වීමේ කාලය තුළ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට උපකාරී වේ.




මෙම සහන ද්‍රව්‍ය භාරදීම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (Retd.), ndc, IG මහතාගේ සහභාගීත්වයෙන් සිදු වූ අතර, ඔහු AMW ආයතනය විසින් සිදු කළ කාලෝචිත මැදිහත්වීම අගය කළ අතර, ආපදා සහන මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා පුද්ගලික අංශය සමඟ ඇති සහයෝගිතාවේ වැදගත්කම ද අවධාරණය කළේය.

අලෙව් අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතා, සැලසුම් හා නිෂ්පාදන අංශයේ සාමාන්‍යාධිකාරී සහන් ජයවර්ධන මහතා,  සහ අලෙවි ප්‍රධානී උදාර ගුණසිංහ මහතා යන මහත්වරුන් AMW සමාගම වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

AMW නියෝජිතයින් සඳහන් කළේ, සමාජ වගකීම පිළිබඳ ආයතනයේ කැපවීම, අවශ්‍ය සෑම විටම ප්‍රජාවන්ට සහය වීම මූලික කරගත් එකක් බවයි. අවශ්‍යම වේලාවන් හි දී, ප්‍රායෝගික හා සැබැවින්ම ප්‍රතිඵල ලබා දෙන CSR වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා AMW සමාගම අදාල අධිකාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටියි.

ජාතික සංවර්ධන ප්‍රයත්නවලට ධනාත්මක ලෙස දායක වීමත්, දිගුකාලීන ප්‍රජා ශක්තිමත්භාවය ගොඩනැගීමත් සඳහා AMW ආයතනය තවදුරටත් කැප වී සිටියි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව