DFCC බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් (Great Place to Work®) ලෙස ඇගයීමට ලක් වෙයි.

Image GPTW (LBN)

Great Place to Work® (GPTW) ආයතනය විසින් ඉහළ විශ්වාසයක් හා ඉහළ කාර්යක්ෂමතාවක් පවත්වන සේවා ස්ථාන සංස්කෘතීන් ගොඩනගන ආයතන සඳහා පිරිනැමෙන ගෝලීය ඇගයීමක් වන ‘Great Place to Work’ (GPTW) සහතිකයෙන්, DFCC බැංකුව නිල වශයෙන් සහතික කරන ලදී.

DFCC බැංකුවේ සේවකයින් අතරින් කළ ස්වාධීන සමීක්ෂණයකින් අනතුරුව එහි ප්‍රතිපල මත බැංකුව මෙම විශිෂ්ටත්වයට සුදුසුකම් ලැබීය. DFCC බැංකුව සේවකයින් සවිබලගන්වන සහ සහයෝගීතාව වර්ධනය කෙරෙන සේවා ස්ථානයක් වශයෙන් විශිෂ්ටත්වය සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලන බව එයින් තහවුරු විය.
 



 

මානව සම්පත් කළමණාකාර – ජ්‍යේෂ්ඨ උප සභාපති, පදුම සුභසිංහ මහතා, “අපගේ සාර්ථකත්වයේ ආරම්භය වන්නේ අපගේ සේවක පිරිසයි. මෙම ඇගයීම දෛනිකව ඔවුන්ගේ විශ්වාසය, ශක්තිය සහ සහයෝගීතාවය පිළිබිඹු කරනවා. අප අනුගමනය කරන අපගේ වටිනාකම් වන උද්‍යෝගය, අව්‍යාජත්වය, ධෛර්යය, සහයෝගීතාව සහ විශිෂ්ටත්වය මගින් සෑම සේවකයෙකුටම තම දියුණුව උදෙසා අවශ්‍ය සහයෝගය සහිත සවිබල ගැන්වීමක් ලබාදෙන සේවා ස්ථානයක් ගොඩනැගීමට අප ඇපකැප වී සිටිනවා. DFCC බැංකුව වන අප, ශ්‍රී ලංකාවේ ගනුදෙනු කිරීමට පහසුම සහ වඩාත් ගනුදෙනුකාර-කේන්ද්‍රීයතම බැංකුව වීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන බැවින් එය ආරම්භ විය යුත්තේ ම අපගේ සේවකයින්ගෙන් ය. සැබවින්ම අපගේ ගනුදෙනුකාරභවතුන් වෙත විශිෂ්ට සේවාවක් ලබා දිය හැකි වන්නේ සේවකයින් බලගැන්වූ විට පමණකි.” යනුවෙන් අදහස් දක්වා සිටියේ ය.

වසර 70ක් ඉක්මවූ පුරෝගාමී ගමන් මගක් සහිත ශ්‍රී ලංකාවේ ගෞරවනීය මූල්‍ය ආයතනයක් ලෙස DFCC බැංකුව, සිය ප්‍රගතියේ කේන්ද්‍රස්ථානය වශයෙන් සලකන්නේ සේවකයින්ය. වෘත්තීය සංවර්ධන අවස්ථාවල සිට සේවක සුභසාධක ප්‍රවර්ධන වැඩසටහන් දක්වා, බැංකුව සිය සේවක සේවිකාවන්ට වටිනාකමක් දැනෙන, දියුණුවට පොලඹවන සේවා පරිසරයක් නිර්මාණය කිරීමට කැප වී සිටියි.

Great Place to Work හරහා ලද ඇගයීම මගින් DFCC බැංකුව තම සේවකයින් වෙනුවෙන් දක්වන කැපවීම තහවුරු කරනවා පමණක් නොව, ක්ෂේත්‍රයේ දක්ෂතමයින් ආකර්ෂණය කරගනිමින් ප්‍රධානතම සේවායෝජකයා ලෙස සිය ස්ථාවරය ද ශක්තිමත් කරයි.  තවද, මෙම ඇගයීම, සේවකයින්ට මුල් තැන දෙන වටිනාකම් අන්තර්ගත බැංකුවේ දිගුකාලීන දැක්ම සහ ශ්‍රී ලංකා බැංකුකරණයේ අනාගතය හැඩගැස්වීමේ කේන්ද්‍රස්ථානයේ එහි සේවක පිරිස සිටින බවට සහතික කරයි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව