DFCC බැංකුව සිය 70 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සෑම මසකම තෝරාගත් විදේශ මුදල් ප්‍රේෂණ ගනුදෙනුකරුවන් හට මාස හතරක් පුරාවට ත්‍යාග පිරිනමයි

Image (LBN)

කොළඹ, ශ්‍රී ලංකාව – 2025 අගෝස්තු — සිය 70 වැනි සංවත්සරයට සමගාමීව, DFCC බැංකුව සිය ‘බඩු මල්ලක්’ විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ ජූලි මාසයේ ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කළේ ය. DFCC Remittances හරහා මුදල් එවන සහ ලබන ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ කැපවීම ඇගයීම සඳහා මෙම වැඩසටහන දියත් කර ඇත. මෙහිදී හොරණ DFCC බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලය ද එක්ව හොරණ ප්‍රදේශයේ ජයග්‍රාහකයන් දෙදෙනෙකුට නිල වශයෙන් එම ත්‍යාග ප්‍රදානය පසුගියදා කරන ලදි.
 



 

මෙම වැඩසටහන මගින් සෑම මසකම ගනුදෙනුකරුවන් 70 දෙනෙකුට රු. 10,000 ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර්පත් පිරිනැමේ. මෙම ජයග්‍රාහකයින් තෝරාගනු ලබන්නේ, එක් එක් මාසය තුළ DFCC බැංකු ගිණුම්වලට ලැබෙන පළමු විදේශ මුදල් ප්‍රේෂණ 70 පදනම් කරගෙනයි.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ විදේශීය බැංකුකරණ සේවා හා මුදල් ප්‍රේෂණ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ඇන්ටන් අරුමුගම් මහතා මෙසේ පැවසීය: “DFCC බැංකුවේ සෑම සන්ධිස්ථානයක්ම, අපි අපගේ ගනුදෙනුකරුවන් සමඟ බෙදා ගන්නවා. ‘බඩු මල්ලක්’ ප්‍රවර්ධන වැඩසටහන හුදෙක් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් පමණක්ම නොවේ – එය අපගේ වසර 70 ක ප්‍රගතිය සැමරීමක්. විදේශ මුදල් ප්‍රේෂණ යනු මුදලට වඩා එහා ගිය කැපකිරීම්, දරාගැනීම් සහ වඩා හොඳ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු ඇතුළත් වූවක්, සෑම මසකම ගනුදෙනුකරුවන් 70 දෙනෙකු ඇගයීම මගින්, සමස්තයක් ලෙස විදේශ රටවල සේවය කරන අප සහෝදර/ සහෝදරියන් කරන කැපකිරීම් සඳහා අපි මේ හරහා උපහාර දක්වනවා. අපගේ ඉදිරි අරමුණු දෙස බලන විට, අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිතවලට අර්ථවත් ලෙස සම්බන්ධ වෙමින්, ඔවුන්ට සහ ඔවුන්ගේ අනාගත පරම්පරාවට නිරතුරුව අත්වැලක් වීමයි.”

2025 ඔක්තෝබර් මස 31 දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා කිසිදු විශේෂ ලියකියවිල්ලක් අවශ්‍ය නොවන අතර, DFCC Remittances හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබා ගන්නා ගනුදෙනුකරුවන් මේ සඳහා ස්වයංක්‍රීයව ඇතුළත් වේ. මෙම වැඩසටහන තුළ එක් අයෙකුට එක් වරක් පමණක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමි වේ.

මාස දෙකක් ඉතිරිව තිබියදී, විශ්වාසනීය මූල්‍ය හවුල්කරුවෙකු ලෙස DFCC බැංකුවේ දිගුකාලීන කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට අර්ථවත් ලෙස  දායකත්වයක් සැපයීමේ දැක්ම ශක්තිමත් කරමින්, මෙම ප්‍රවර්ධන වැඩසටහනට සම්බන්ධ වීමට DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ට ආරාධනා කරයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව