අමානා ජීවිත රක්ෂණ හිමියන්ගේ රන් ආයෝජන ගිණුමට 19%ක ආයෝජන ප්‍රතිලාභයක් හිමිවෙයි

රක්ෂණ

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමත්, රත්රන්වල ආයෝජන වටිනාකම සහ විශ්වාසනීයත්වය වර්ධනය වීමත් සමඟ ජීවිත රක්ෂණ ඔප්පු හරහා රත්රන්වල ආයෝජනය කිරීමේ අවස්ථාව සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමට අමානා ලයිෆ් ඉන්ෂුරන්ස් සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව සිය ජීවිත රක්ෂණ සැලසුම් (විශ්‍රාම, අධ්‍යාපන සහ සෞඛ්‍ය සැලසුම් ද ඇතුළුව) හරහා විශේෂිත රන් ආයෝජන ගිණුමක ආයෝජනය කිරීමට ඉඩකඩ ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂණකරු බවට අමානා ලයිෆ් ඉන්ෂුරන්ස් සමාගම පත්ව තිබේ. එනම්, රත්රන්වල ආයෝජනය කිරීමටත්, රරක්ෂණය කල්පිරීමේදී සිය ආයෝජන ප්‍රතිලාභය රත්රන්වලින්ම ලබාගැනීමටත් පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ. ඒ හරහා දිගු කාලීන ස්ථායීතාවක් සහ ගෝලීය පිළිගැනීමක් සහිත වත්කමක් හිමිකරගැනීමට පාරිභෝගිකයින්ට හැකිවේ.
 



 

මෙම රන් ආයෝජන ගිණුම හරහා දැනටමත් ආයෝජනය කරඇති ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්, 2025 මාර්තු 31 වැනිදායින් අවසන් වූ වර්ෂයක කාලය තුළ 19%ක දැවැන්ත ආයෝජන ප්‍රතිලාභයක් හිමිකරගැනීමට සමත්ව තිබේ.

තම දරුවාගේ අධ්‍යාපනය, තම විශ්‍රාම දිවිය හෝ දිගු කාලීන ධන ඉපැයුම් වෙනුවෙන් ආයෝජනය කරන පාරිභෝගිකයින් වෙත ඉහළ විවිධත්වයකින් යුතු සහ ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් ආයෝජන සැලසුම් රැසක් අමානා ලයිෆ් ඉන්ෂුරන්ස් වෙතින් හඳුන්වා දී තිබේ. Protected Multiple Fund, Stable Multiple Fund, Growth Multiple Fund, Volatile Multiple Fund, Bullion Multiple Fund, මෙන්ම Gold Investment Fund ආදිය ඉන් කිහිපයකි.

″ගෝලීය වෙළෙඳපොළ තුළ රන් මිල අඛණ්ඩව ඉහළ යාමත් සමඟ නව දිගු කාලීන ආයෝජන සැලසුම් කරා ගමන්කිරීමේ අවශ්‍යතාව වඩාත් පැහැදිලි වෙනවා.  අපගේ ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් වෙත දිගුකාලීන වටිනාකමක් සහිත ආයෝජන හඳුන්වාදීමට අප සතු කැපවීමත් මෙම රන් ආයෝජන ගිණුම හඳුන්වාදීම තුළින් පිළිබිඹු වෙනවා. කෙසේ නමුත් යම් ආයෝජනයක අතීත හැසිරීම් තුළින් අනාගත ආයෝජන ප්‍රතිලාභ පිළිබඳ සියයට සියයක් තහවුරු කිරීමේ හැකියාව අපට නැහැ. සෑම ආයෝජනයක්ම ආයෝජකයාගේ මූල්‍ය ඉලක්ක සහ වෙළෙඳපොළ හැසිරීම මත තීරණය විය යුතුයි″, යනුවෙන් අමානා තකාෆුල් ලයිෆ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගෙහාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ රක්ෂණ සමාගම වශයෙන් අමානා ලයිෆ් ඉන්ෂුරන්ස් සමාගම ඉදිරියටත් නවෝත්පාදනය සහ පාරිභෝගිකයා පෙරටු කරගත් දැක්මක් සමඟින් ශ්‍රී ලාංකිකයින්ට තම අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් සහාය වනු ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව