සොෆ්ට්ලොජික් ලයිෆ්, MDRT ලාබාලතම ශ්‍රී ලංකා සභාපතිවරයා බිහි කිරීමේ ගෞරවය හිමිකර ගනියි

Softlogic Life Deputy CEO Indu Attygala

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ළහිරු මධුරංග මහතා MDRT හි ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස පත්කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මූල්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම ගෝලීය සංගමය වන MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත් වූ ලාබාලතමයා ලෙස ළහිරු මධුරංග මහතා ඉතිහාසයට එක් වනු ඇත.

MDRT හි ශ්‍රී ලංකා සභාපති ධූරය යනු ජීවිත රක්ෂණ හා මූල්‍ය සේවා වෘත්තිකයින්ගේ ජාත්‍යන්තර සංගමයක් වන MDRT සංවිධානයේ සුවිශේෂී තනතුරකි. ශ්‍රී ලංකාවේ රක්ෂණ හා මූල්‍ය සේවා වෘත්තිකයන්ගේ වෘත්තීය සංවර්ධනය හා ගෝලීය පිළිගැනීම වෙනුවෙන් මෙම තනතුර ඉතා වැදගත් වේ. MDRT හි සාමාජිකයින් ලෙස කටයුතු කරන මෙරට රක්ෂණ හා මූල්‍ය සේවා වෘත්තිකයින් නියෝජනය කරනු ලබන එම සභාපතිවරයාට පැවරෙන විශේෂ වගකීම් කිහිපයකි.
 



 

නායකත්වය හා නියෝජනය – සංවිධානයේ දැක්ම, වටිනාකම් හා ප්‍රමිතීන් ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවේ MDRT සාමාජිකයින්ගේ නියෝජිතයා ලෙස කටයුතු කිරීමේ වගකීම ඔහු සතුය. එහිදී ගෝලීය MDRT සංවිධානය සහ මෙරට සාමාජිකයින් අතර මනා සබඳතාවක් පවත්වාගෙන යාම ඔහුගේ  කාර්යභාරයකි.

සහයෝගය හා සාමාජිකත්ව වර්ධනය – සභාපතිවරයා විසින් රක්ෂණ සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි විශිෂ්ට වෘත්තිකයින් සංවිධානයට වැඩි වැඩියෙන් බඳවා ගනිමින් ශ්‍රී ලංකාවේ MDRT සාමාජිකයින් ප්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය. එසේම MDRT සුදුසුකම් ලබා ගැනීමට බලාපොරොත්තු වන සාමාජිකයින් හට ඊට අවශ්‍ය උපදෙස් හා සහයෝගය ලබා දීමට සභාපතිවරයාගේ වගකීමකි.

වෘත්තීය සංවර්ධනය හා ප්‍රවර්ධනය – ශ්‍රී ලංකාවේ MDRT සාමාජිකයින්ගේ දැනුම, කුසලතා සහ ආචාර ධර්ම ඉහළ නැංවීම වෙනුවෙන් පුහුණු, සම්මන්ත්‍රණ සහ වැඩමුලු සංවිධානය කිරීමද සභාපතිවරයාගේ කාර්යයකි. MDRT හි සම්පත්, සම්මන්ත්‍රණ සහ භාවිතයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ මූල්‍ය හා රක්ෂණ වෘත්තිකයින්ගේ උනන්දුව ඉහළ නැංවීමද මීට ඇතුළත් වේ.

කණ්ඩායම් නායකයකු ලෙස 2006 වසරේදී සොෆ්ට්ලොජික් ලයිෆ් සමඟ එක් වූ ළහිරු කැපී පෙනෙන කාර්ය සාධනයක් සමඟින් විශිෂ්ට නායකත්වයක් ප්‍රදර්ශනය කිරීමට සමත් විය. ඒ නිසාම ආයතනය තුළ සුවිශේෂී චරිතයක් බවට පත්වීමට ළහිරුට හැකි විය. MDRT හි ශ්‍රී ලංකාවේ සභාපතිවරයා ලෙස පත්වීම ඔහුගේ හැකියාවේ හා කැපවීමේ ප්‍රතිඵලයක් වන අතර එය සොෆ්ට්ලොජික් ආයතනයටද ඉමහත් ගෞරවයක් ලෙස සැලකිය හැකිය.

විවිධත්වය කෙරෙහි  අවධානය යොමු කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් ඉහළම ප්‍රමිතියෙන් යුත් විකුණුම් බලකායක් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරයි. ළහිරු යනු එම කැපවීමේ සුවිශේෂී නිර්මාණයකි. ඉහළ මට්ටමේ MDRT සුදුස්සන් බිහි කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ් MDRT වෙත වැඩිම කාන්තා සාමාජිකයින් පිරිසක් දායාද කිරීමටද සමත්ව ඇත්තේ MDRT සුදුසුකම් ලබා ගැනීමේදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගනිමිනි. ඒ අනුව මේ වසරේදී සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් MDRT සුදුසුකම් 263ක් වාර්තා කර ඇත. එය සමාගම විසින් වාර්තා කළ ඉහළම MDRT සුදුසුකම් ප්‍රමාණය ලෙසද සඳහන් කළ හැකිය.

ළහිරු විසින් මෙතෙක් අත්කර ගනු ලැබූ ජයග්‍රහණන් තුළින් ප්‍රදර්ශනය කරන්නේ ඔහුගේ ගමන් මඟ තුළ දක්වා ඇති කැපවීම හා විශිෂ්ටත්වයයි. වසරේ ‘ශ්‍රමාභිමානී තරුණ ව්‍යවසායකයා’ ඇතුළු ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඔහු ජීවිත රක්ෂණ උපදේශකවරුන්ගේ ජාතික සංසද සම්මේලනයේදී ද සම්මාන රැසක් හිමි කර ගැනීමට සමත් විය. එසේම හොඳම විකුණුම් විශිෂ්ටයා (2007 සිට 2016), හොඳම ශාඛා කළමනාකරු (2019 සහ 2020) සහ හොඳම කලාප කළමනාකරු (2021 සහ 2022) ලෙස විවිධ භූමිකාවන් තුළ ආයතනික වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇති ළහිරු MDRT සුදුසුකම 14 වතාවක් ද, Court of the Table (COT) සුදුසුකම 5 වතාවක්ද හිමිකරගෙන ඇත්තේ ‘MDRT Life Member’ පිළිගැනීමද තමන් සතු කර ගනිමිනි.

MDRT ජයග්‍රහණයන්ට අමතරව 5 වැනි Asia Trusted Life Agents හිදීි ‘Rookie Insurance Agency Leader of the Year’ සම්මානය දිනා ගැනීමට සමත් වූ ළහිරු Asian Insurance Review Magazine විසින් සංවිධානය කරන ලද Advisers Awards 2020 හිදී ද සම්මානයට පාත්‍ර විය. කීර්තිමත්  MDRT MCC විධායක කමිටු සමාජිකයකු වන ඒ මහතා LMRA IQA/IQMA සම්මානයන්ද දිනා ගෙන ඇත.

මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප්‍රධාන විධායක නිලධාරී ඉන්දු ආටිගල මහතා සඳහන් කර සිටියේ “සේවක සේවිකාවන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සොෆ්ට්ලොජික් ලයිෆ්හි සාර්ථකත්වයේ ප්‍රධානම හේතුව ලෙස සඳහන් කළ හැකිය. අපගේ විකුණුම් කණ්ඩායමේ ආචාර ධර්ම, ආකල්ප හා ගුණාත්මකභාවය තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ්හි අනන්‍යතාව තහවුරු කිරීමට හේතු වී තිබෙනවා. එම කණ්ඩායමේ විශේෂ සාමාජිකයකු වන ළහිරු MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත්වීම හෙට දවසේ නායකයින් නිර්මාණය කිරීමේ අපගේ ප්‍රයත්නයට හොඳම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි. ඔහු සතු කැපවීම හා උත්සාහය මෙන්ම මෑත කාලයේදී මුහුණ දුන් අභියෝග හමුවේ ඔහුගේ නොසැලී කටයුතු කිරීමේ හැකියාව වැනි දේ තුළින් අපගේ ආයතනික සංස්කෘතියේ විශිෂ්ටත්වය මනාව ප්‍රදර්ශනය කරනවා. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය සුවිසල් ශක්තියක් වනවා” යනුවෙනි.

MDRT හි මෙරට සභාපතිවරයා ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රි ලාංකේය හැකියාවන් ඉහළ නංවමින් ගෝලීය හා දේශීය රක්ෂණ කර්මාන්තයන් අතර ඇති පරතරය අවම කිරීමට කටයුතු කරන ළහිරු ඔහුගේ නායකත්වය යටතේ මෙරට රක්ෂණ කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට කැපවී සිටියි. ඒ තුළින් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ විකුණුම් වෘත්තිකයින් වෙනුවෙන් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමටද ළහිරු අරමුණු කොටගෙන ඇත. සොෆ්ට්ලොජික් ලයිෆ්හි සේවක සංවර්ධනයේ උපාය මාර්ගික වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය සමඟින් නායකත්වයට පිවිසීමට සමත් වූ ළහිරු සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් බිහි කළ රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයකු ලෙස මෙරට රක්ෂණ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ඇත.

MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත්වීම පිළිබඳව අදහස් දැක්වූ ළහිරු මධුරංග මහතා “MDRT හි ලාබාලතම ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස මා පත් කිරීම වෘත්තීය ජීවිතය තුළ මා ලද ඉමහත් ගෞරවයක් ලෙස සැලකීමට කැමතියි. මෙය මගේ වෘත්තීය ජීවිතයේ ඉතා තීරණාත්මක අවස්ථාවක්.” යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ මෙය මා ලද පුද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව මාගේ කණ්ඩායමේ සාමූහික කැපවීමේ මෙන්ම සොෆ්ට්ලොජික් ලයිෆ්හි සුවිශේෂී සහයෝගයේ ප්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකියි. සීඝ්‍රයෙන් දියුණු වන කර්මාන්තයක් තුළ මෙරට මූල්‍ය සේවාවේ හෙට දවස වෙනුවෙන් මාගේ දායකත්වය ලබා දීමට මෙය සුවිශේෂී අවස්ථාවක් වනවා. එසේම MDRT කමිටුව සමඟ එක් වෙමින්  නවෝත්පාදනයන් මෙහෙයවීම, විශිෂ්ටත්වය ඇගයීම හා අනෙකුත් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට හැකිවීම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා. තවද පුහුණුව, උපදෙස් හා සුවිසල් අවස්ථාවන් ලබා දෙමින් අද දවසේ මා මෙවන් නායකයකු බවට පත් කළ මාගේ සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනයට මේ මොහොතේ මගේ කෘතඥතාව පළ කර සිටිනවා” යනුවෙන් පවසා සිටින ලදී.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සී හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයෙකු වන Leapfrog Investments සිටී. එම සමාගම ඩොලර් බිලියන 2 කට වඩා අරමුදල් කළමනාකරණය කරන අතර ලෝකයේ වඩාත්ම කීර්තිමත් ආයෝජන සංවිධාන ඇතුළත් ආකර්ෂණීය ආයෝජක පදනමක් ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව