HUTCH වෙතින් පොසොන් පොහොය නිමිත්තෙන් බැතිමතුන්ට ‘ප්‍රජා සත්කාර’

IMG_20240621_144823 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර සහ මිහින්තලේ යන ප්‍රදේශවල ‘ප්‍රජා සත්කාර’ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවී ය. ඒ යටතේ ඉහත සඳහන් ප්‍රදේශ වෙත වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙත නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලදි.

 



 

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අතිවිශාල ජනකායක් පූජා නගර වෙත ඇදී ආ අතර, ඒ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවන්හි විශාල තදබදයක් පැවතිණි. මෙයට පිළියමක් වශයෙන් පෞද්ගලික වාහන කුලී පදනම මත ලබාගැනීමට බොහෝ දෙනෙකුට වත්කමක් නොවී ය. මෙම තත්ත්වය වටහාගත් HUTCH මෙම ජනතාව වෙනුවෙන් ජූනි 20 දින සිට ජූනි 23 දින දක්වා නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු කළ අතර, ඒ යටතේ විශේෂ දුම්රිය හා බස් රථ සේවාවන් ක්‍රියාත්මක කරන ලදි.

මේ සම්බන්ධයෙන් HUTCH Sri Lanka සාමාන්‍යාධිකාරී (ජාතික විකුණුම්) තරිඳු විජේරත්න මහතා මෙසේ අදහස් දැක්වී ය. “පොසොන් පොහොය යනු ශ්‍රී ලංකාවට බුදු දහම ලැබුණු දිනයයි. මේ උතුම් දිනය සැමරීමට දහස් ගණනක ජනතාවක් අනුරාධපුරය සහ මිහින්තලය වෙත ඇදී එනවා. මෙවැනි අවස්ථාවකදී අප බුදු දහම තුළ නිතර අවධාරණය කෙරෙන කරුණාව සහ ත්‍යාගශීලීත්වය වැනි ගුණාංග ඔස්සේ අන්‍යයන්ගේ දුෂ්කරතා මගහැරවීමට කටයුතු කළ යුතුයි. මේ ජනතාවගේ වන්දනා ගමන් වඩාත් පහසු කිරීමට අපට හැකියාව තිබෙන බව අප දුටුවා. HUTCH ප්‍රජා සත්කාර යටතේ බැතිමතුන් වෙනුවෙන් මෙබඳු මෙහෙවරක් ඉටුකිරීමට හැකි වීම අපට මහත් සතුටක්.”

මේ ආකාරයට නොමිලේ ප්‍රවාහන සේවාවන් සැපයීමට අමතරව, වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඔවුන් ගමන් කරන මාර්ගවල සංඥා පුවරු සහ දිශාව දැක්වීමේ පුවරු  සවිකිරීමටද HUTCH පියවර ගත්තේ ය. HUTCH ප්‍රජා සත්කාර යටතේ සිදුකරන ලද මෙම මෙහෙවර වන්දනාකරුවන් බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට හා ඇගයීමට ලක්විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව